ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති වන්නේ මහින්ද සමරසිංහයි. ඔහු හිටපු ඇමැතිවරයෙකු වන දේශපාලකයෙකි.
එහි තුන්වන නිලධාරියා වන්නේ තාරක දිසානායකය. තාරක එස්.බී දිසානායකගේ පුත්‍රයාය.
ලිපිකාරිණියක ලෙස කටයුතු කරන ඉන්දීවරී කුලරත්න හිටපු ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත්ගේ දියණියයි.
ඇයට පෙර එම කටයුතුවල නිරතව ඇත්තේ හිටපු ඇමති බන්දුල ගුණවර්ධනගේ පුත්‍රයා විපුලයි.
එම තානාපති කාර්යාලයේ මාධ්‍ය නිලධාරියා වන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය ආවරණ කටයුතුවල යෙදුණු අශෝක ජයතුංගයි.
ඇමරිකාවේම ලොස් ඇන්ජලීස් නුවර කොන්සල්ජනරාල්වරයා වන්නේ වෛද්‍ය ලලිත් චන්ද්රදාසයි. ඔහු හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂගේ සහ ගෝඨාභය රාජපක්ෂගේ මස්සිනායි. එනම් ඔවුන්ගේ සහෝදරියගේ ස්වාමිපුරුෂයායි.
ඕස්ට්‍රේලියාවේ කැන්බරාහි මහා කොමසාරිස් වශයෙන් කටයුතු කරන්නේ ජනාධිපති කාර්යාලයේ සේවය කර විශ්‍රාම ගිය චිත්‍රාංගනී වාගීෂ්වරයි.
එම කාර්යාලයේ තුන්වන නිලධාරී ලෙස කටයුතු කරන ඩී.සී. ප්‍රනාන්දුපුල්ලේ යනු හිටපු අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ බිරිඳයි.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් කොන්සල් ජනරාල්වරයා වන සන්දිත් සමරසිංහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.
ජපානයේ ටෝකියෝ නුවර තානාපති රොඩිනි පෙරේරාය. ඔහු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙකු වන රොනල්ඩ්
පෙරේරාගේ සහෝදරයාය.
එම කාර්යාලයේම ලිපිකාරියක වශයෙන් 2006 වසරේ සිටම කටයුතු කරන ඉන්දු ගුණරත්න හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වාගේ ඥාති දියණියකි.
එක්සත් රාජධානියේ ලන්ඩන් මහ කොමසාරිස් රෝහිත බෝගල්ලාගම හිටපු දේශපාලකයෙකි.
හිටපු ඇමතිවරයකු වූ සුසන්ත පුංචි නිලමේගේ පුතා වන සේනිය පුංචි නිලමේ එහි තුන්වන නිලධාරියාය.
ඊට පෙර තුන්වන නිලධාරියා ලෙස කටයුතු කර ඇත්තේ හිටපු රාජ්‍ය ඇමැති පියල් ශාන්තගේ
පුතා වන කසුන්ද සිල්වාය.
ප්‍රංශයේ පැරිස් තානාපති කාර්යාලයේ තුන්වන නිලධාරියා වන්නේ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා වන සහස්ර බණ්ඩාරය.
ඊට පෙර එම තනතුරේ කටයුතු කර ඇත්තේ හිටපු ඇමතිවරයකු වන දුමින්ද දිසානායකගේ මල්ලී වන අමිල දිසානායකය.
සී ෂෙල්ස් වික්ටෝරියා මහ කොමසාරිස් වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මස්සිනා වන ශ්‍රීමාල් වික්‍රමසිංහය. ඔහු ශිරන්ති රාජපක්ෂගේ සහෝදරයකි.
පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත වන්නේ හිටපු නියෝජ්‍ය ඇමැතිවරයෙකු වූ නාවලගේ බැනට් කුරේය.
(උපුටා ගත්තේ අනිද්දා පුවත්පතට ලසන්ත රුහුණගේ ලියූ ලිපියකිනි.)
මේ නාම ලේඛනයේ කොටසක් පමණි. මේ සියල්ලන්ම විදෙස් සේවයේ නිලධාරීන් නොවන දේශපාලන සබඳතා මත පත් කරන ලද පුද්ගලයන්ය. විදෙස් සේවයේ නොවූවත් හුදෙක් දේශපාලකයින්ගේ ඥාතීන්, හිතවතුන් වීම සුදුසුකමක් නොවිය යුතුය.
මේ ආයතන සුද්ධ කොට ඊට සරිලන පුද්ගලයින් පත් කළ යුතුය.