වත්මන් ජනාධිපතිවරයාගේ විනෝදාංශය වන්නේ තැපැල් කාර්යාල විකිණීම බවත් නුවරඑළිය තැපැල් කාර්යාලය පවා විකුණන්න එයා උත්සාහ කරන බවත් 21 වැනි දා ජයග්‍රහණයත් සමඟ තමා නුවරඑළියට එන්නේ තැපැල් කාර්යාල විකුණන්න නොව ලැයිම් කාමරවලට සීමා වතු කම්කරු ජනතාවට සහ විරැකියාවෙන් පෙළෙන තරුණයන් කුඩා තේ වතු හිමියන් ලෙස සවිබල ගැන්වීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේ ම මේ ජනාධිපතිවරයාම ඔහු පරදින බවට පිළිගෙන ඇති බවත් ඔහුගේ කැමැත්ත වන්නේ අනුර කුමාර දිසානායකගේ පෞද්ගලික ලේකම් වීම බවත් දැනටමත් ජනාධිපති සහ අනුර කුමාර එකට එකතු වී තමා පරාජය කරන්න මුදල් වියදම් කරන බවත් කවුරු මොන දේ කළත් ජනතාව තමාව ජයග්‍රහණය කරනවා කියා විශ්වාස බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ 39 වැනි විජයග්‍රාහී ජන රැළිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් (9) නුවරඑළිය තලවකැලේ දී අතිසාර්ථක අන්දමින් පැවැත්විණි. මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ය.
වසර 200කට වැඩි ඉතිහාසයක් ඇති වතු ජනතාව දහඩිය කදුල වගුරා රටේ ආර්ථිකයට ලබා දුන් දායකත්වය සහයෝගය අමතක කළ නොහැකි බවත් ඒ ශක්තිය අගය කරන ස්තූති කරන හා ගෞරව කරනවා සේම රටේ පුරවැසියන් ලෙස සමාන අයුරින් පිළිගන්නා බවත් වතු ප්‍රජාව නියෝජනය කරන දේශපාලනයට සුදුසු නියෝජනත්වය ලබා දී ඉඩමක නිවසක අයිතිය ලබා දී තහවුරු කර ලැයින් කාමර වෙනුවට වෙනමම උදා ගම්මාන වැඩසටහනක් සඳහා මුල පුරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
වතු කම්කරුවන් කුඩා තේ වතු හිමියන් ලෙස සවිබල ගන්වනවා
වතු කම්කරු ජනතාවගේ වැටුප ලෙස රු. 1000, 1500, 2000 ලෙස ඡන්ද කාලෙට බොරු පොරොන්දු ලබා දෙන බවත් ලැයිම් කාමරවල ජිවත් වී කම්කරු ජීවිතය ගත කරන මේ ජනතාවට සහ තරුණ ප්‍රජාව වෙනුවෙන් වගා ඉඩමක අයිතිය ලබා දී කුඩා තේ වතු හිමියන් ලෙස සවිබල ගන්වන බවත් ඊට අමතරව ගොවියාට අවශ්‍ය පොහොර රු. 5000ට ලබා දෙන බවත් එය යෝජනා කරන විට ආණ්ඩුව එය රු. 4000ට දෙනවා යැයි තමා කියන කියන දේ ජනාධිපතිවරයා කිය කිය යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වතුකරයටත් ජාතික පාසල් රැසක්
පෙරපාසල් ක්ෂේත්‍රයේ සිට අධ්‍යාපන පද්ධතිය දියුණු කර සුහුරු කරන බවත් හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න කැපවෙන බවත් පාසල් පද්ධති ශක්තිමත් කරනවා සේම නව ජාතික පාසල් කිහිපයක් ම ආරම්භ කර සිංහල දමිළ මුස්ලිම් බර්ගර් සැවොමගේම අධ්‍යාපනයත් සෞඛ්‍ය ක්ෂේත්‍රයත් දියුණු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
තොරතුරු තාක්ෂණය, පරිගණක විද්‍යාව, නිපුණතා අධ්‍යාපනය ක්‍රියාත්මක කර ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඇති කර තරුණයන් දැනුමින් සන්නද්ධ කරන බවත් ඊට අමතරව නුවරඑළියේ තරුණයන් වෙනුවෙන් නව විශ්වවිද්‍යාලයක් ද ඇති කරන බවත් ඒ තුළින් ව්‍යවසායකත්වය ඉගැන්වීම සිදු කර නව ව්‍යාපාර දියත් කිරීමට ද කටයුතු කරන බවත් ඒ මහතා මෙහි දී පැවසීය.
NEWS CLIP ⭕️ https://youtu.be/P3Qr11LCnq0?si=BQRNzBtqXBkpFjUe