ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂක කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අකිල එල්ලාවල මහතා නිතරඟයෙන් තේරී පත් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අකිල එල්ලාවල මහතා සභාපති ධූරය සඳහා යෝජනා කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (නීතිඥ) ප්‍රේම්නාත් සී. දොළවත්ත මහතා විසින් වන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය විසින් එම යෝජනාව ස්ථිර කරන ලදී.

උක්ත කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු (නීතිඥ) නාමල් රාජපක්ෂ මහතා එම කාරක සභාවේ සාමාජිකත්වයෙන් සහ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් සභාපති ධූරයේ ඇති වූ පුරප්පාඩුව සඳහා  2024.08.08 දින පැවති රැස්වීමේදී මෙම පත්කිරීම සිදු කෙරිණි.

මේ අවස්ථාව සඳහා කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු යදාමිණී ගුණවර්ධන මහතා සහ පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා) සහ වැඩබලන අධ්‍යක්ෂ (සන්නිවේදන) එම්. ජයලත් පෙරේරා මහතා ද සහභාගී විය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න