අපේ සම මතුපිට විශාල ප්‍රමාණයක් ක්ෂුද්‍ය ජීවීන් ජීවත් වෙනවා. උෂ්ණ අධික, දාඩිය දමන රටවල් වල සමේ පවතින තෙතමනය නිසා දිලීරත් ජීවත් වෙනවා. නමුත් සම සිරීමේදී හෝ පොඩි තුවාලයක් ඇති වුනොත් මේ දිලීර ඇතුල්වෙලා circular/රවුම් ලප වැනි දද මතු කරනවා. ඒවා කසනවා. ඉක්මනින් ලප ලොකු වෙන්න පුලුවන්. ඒවා සුව කරන්න හරිම පහසුයි. Anti fungal ක්‍රීම් ගාන්න ඕන. වෙනත් කිසිම භයානක රෝගී තත්වයක් ඇති වෙන්නෙ නෑ.

වෛද්‍ය විද්‍යාලයකට ගිය ඕනෑම දොස්තර කෙනෙක්ට ඉතාම පහසුවෙන් හඳුනාගන්න පුලුවන්. ඒක බෝවන රෝගයක් හෝ මාරාන්තික රෝගයක් නොවන නිසා රටින් පිට කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. එහෙම කරන්නෙත් නෑ. පිටරට ඉන්නේ මෝඩ දොස්තර ලා නෙවේ.

ටීනියා රෝගය අනතුරුදායක වෙන්න කිසිම හේතුවක් නෑ. එකිනෙකා සිප වැලඳ ගත්තත් බෝවෙන්නෙ නෑ. රෝගියාගෙ පිරිසිදු කම ගැන සැලකිලිමත් වෙලා, දහඩිය දැමීම අඩු කිරීමට ක්‍රියා කරලා, ඇඟ පත හැමදාම සෝදලා හොඳට තෙත මාත්තු කරලා, අවශ්‍ය ක්‍රීම් ගෑවනම් හරි.

මේ වගේ “අවදානම්, භයානකයි” කියලා මිනිස්සු අනිසි ලෙස බිය වද්දා කරන සෞඛ්‍ය නොමග යැවීම් නිසා තමයි කෝවිඩ් කාලෙත් රෝගීන් හැංගුනේ. ඇයි රෝගීන්ට ඇත්ත ඇති සැටියෙන් කියා නොදෙන්නෙ? මහජනතාව බලාත්මක නොකරන්නෙ? ස්තුතියි

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න