සංවර්ධන කටයුතු සිදු කිරීමේදී ආශිර්වාදයන්ට වඩා බාධා පැමිණීම මේ රටේ දේශපාලන ක්රමයේ ස්වභාවයයි.
අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ නවගමුව ප්‍රාදේශිය රෝහලේ ඉදි කිරීමට නියමිත සුව දිවි සායන ගොඩනැගිල්ල සදහා මුල්ගල තැබීම වෙනුවෙන් අද පෙරවරුවේ ( 24) එම රෝහල් පරිශ්‍රයේ පැවති උත්සවය අමතමිනි.
නව ගොඩනැගිල්ල ඉදි කිරීම සදහා රුපියල් ලක්ෂ දෙසිය හැට හතරක මුදලක් වැය කිරීමට නියමිත අතර ඉන් රුපියල් ලක්ෂ 150 ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී තිබේ.
අධිකරණ අමාත්‍යතුමාට ලබාදී ඇති විමධ්‍යගත අරමුදලෙහි සමුප්ර්ණ මුදල් ප්‍රමාණය වන රුපියල් ලක්ෂ 114 ක මුදල රෝහල් ගොඩනැගිල්ල ඉදි කිරීමට වෙන් කර ඇත.
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වන එම්.ඩී.එච්. ජයවර්ධන මහතා විසින් 1966 වසරේදී නවගමුව ප්‍රාදේශිය රෝහල ඉදි කිරීම ආරම්භ කර තිබේ.
මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ අති පුජ්‍ය මහානායක, නවගමුව සුගතබ්ම්බාරාම රාජමහා විහාරාධිපති, මල්වානේ ශ්‍රී ප්රඥාසාර මහානායක ස්වාමීන් වහන්සේ පැමිණ සිටි පිරිස පංචශීලයෙහි පිහිටුවමින් විශේෂ අනුශාසනාවක් සිදු කළහ.
දේශපාලඥයින් ලෙස රට ගැන කල්පනා කරමින් කටයුතු කළ යුතු බවත්, සියලු දෙන් එක්ව පක්ෂ භේදයෙන් තොරව කටයුතු කරන්නේ නම් මේ රට ගොඩ නැංවිය හැකි බවත්, විශේෂයෙන් පොදු කටයුතු සිදු කිරීමේදී එක්ව කටයුතු කරන්නේ නම් විශාල සේවයක් සිදු කළ හැකි බවත් උන් වහන්සේ සදහන් කළහ.
අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා මැදිහත්ව මේ රෝහල සදහා නව ගොඩනැගිල්ලක් ලබාදීම අගය කරන අතර නිරෝගීකම උතුම්ම ලාභයක් ලෙස බුදුන් වහන්සේ දේශනා කර ඇති බව ද පැවසුහ.
මුල්ගල තැබීමෙන් අනතුරුව පැවති උත්සවය අමතමින් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.
මෙම රෝහල් ගොඩනැගිල්ල ඉදි කිරීම සදහ රුපියල් ලක්ෂ 264 ක මුදලක් වෙන් කර තිබෙනවා. ඉන් ලක්ෂ 150 ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යතුමාගේ මැදිහත්වීමෙන් ලබා දුන්නා. ඉතිරි රුපියල් ලක්ෂ 114 ක මුදල මා වෙත වෙන් කර තිබෙන විමධ්‍යගත මුදල්වලින් වෙන් කර තිබෙනවා.
රෝහලේ පහසුකම් නැංවීම සදහා වු වැඩ පිළිවෙලේදී නවගමුව රාජමහා විහාරාධිපති අති පුජ්‍ය මල්වානේ ප්රඥාසාර මහානායක ස්වාමීන් වහන්සේගෙන් ලබා දුන් උපදෙස් අගය කළ යුතුයි. මා පසුගිය වසර කිහිපය තුළ අවස්ථා හතරකදී මෙම රෝහලට ආවා. මේ රෝහල ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවය අපි හදුනා ගත්තා. බස්නාහිර පළාතේ වැඩිම ජනගහණයක් සිටින මැතිවරණ කොට්ඨාශය කඩුවෙල ආසනයයි. නමුත් මේ ප්‍රදේශවල සෞඛ්‍ය පහසුකම් දියුණු වෙලා නැහැ .මේ රෝහලේ පැවති අඩුපාඩු පිළිබදව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ අවධානය යොමු කරමින් හැකි පමණින් පහසුකම් ලබාදීමට ක්‍රියා කළා. දැන් වෛද්‍යවරුන් නව දෙනෙකු සේවය කරනවා. මේ රෝහල සදහා පහසුකම් ලබාදීමේ වැදගත්කම ගරු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමා අවබෝධ කර ගෙන තිබෙනවා. වර්තමානය වන විට ප්‍රාදේශිය රෝහලත් බවට පවත්වා ගෙන යන මේ රෝහල දිස්ත්‍රික් රෝහලක් බවට පත් කළ යුතුයි. ඒ සදහා ඉදිරියේදී කටයුතු කරනවා. මේ ප්‍රදේශ සංවර්ධනය කිරීමේදී විවිධ බාධාවන් එල්ල වු බව කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්.බුද්ධදාස මැතිතුමා එතුමාගේ කතාවේදී සදහන් කළා. සංවර්ධන කටයුතු සිදු කිරීමේදී අපිට ආශිර්වාදයන්ට වඩා බාධාවන් පැමිණෙනවා. ඒක මේ රටේ දේශපාලන ක්රමයේ ස්වභාවයයි. මා මේ කඩුවෙල ආසනයේ මාර්ග දෙකක් සදහා බස් රථ දෙකක් ලබා දුන්නා. ඒවා නතර කර තිබෙනවා. ජනතාව වෙනුවෙන් සේවය කිරීමේදී යොමු වන ප්‍රශ්න බාධාවන් ලෙස නොසලකා කටයුතු කළ යුතුයි. කිසිම කෙනෙකුගේ බාධාවන් හේතුවෙන් අපි කරනු ලබන ජනතා සේවය නතර කළ යුතු නැහැ. මහ ජනතාවගෙන් ජීවත් වන පරපුටුවන් බවට පත් නොවී තමන්ට හැකි පමණින් ජනතා සේවය කිරීම දේශපාලඥයාගේ පරමාර්ථය විය යුතුයි. හොරෙක් දුෂිතයෙක් කොමිස්කාරයෙක් නෙමෙයි වැදගත් දේශපාලඥයෙක් කියලා ජනතා ප්‍රසාදයක් ලැබෙනවා නම් ඒක වටිනවා. බොහොමයක් දේශපාලඥයින් විමධ්‍යගත අරමුදල් මේ වගේ සංවර්ධන කටයුතු සදහා යොදවන්නේ නැහැ. මාර්ග ඉදි කිරීම කාපට් කිරීම සදහා යොදවන්න ඒ අය කැමතියි. ඊට හේතුව මාර්ග ඉදි කිරීමෙන් කොමිස් මුදල් ලැබීමයි. විමධ්‍යගත මුදල් ලැබෙන්නේ ජනතාව වෙනුවෙන් සංවර්ධනය සදහායි. එම මුදල් ජනතා සුඛ විහරණය සදහා යොමු කළ යුතුයි. ආරෝග්‍යා පරමා ලාභා යනුවෙන් බුදුන් වහන්සේ නීරෝගීකම උතුම්ම ලාභයක් බව දේශනා කර තිබෙනවා. ඒ බව අවබෝධ කර ගෙන කටයුතු කිරීම ඉතා වටිනවා. මේ ප්‍රදේශයේ සිටින ජන ගහණය පිළිබදව සලකා බලා තවදුරටත් රෝහල වැඩි දියුණු කළ යුතු බවද අමාත්‍යතුමා වැඩිදුරටත් සදහන් කළේය.
කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා මෙහිදී අදහස් පළ කළේය.
නවගමුව පැණසර ප්‍රජා සත්කාර පදනමේ සහ රෝහල් සංවර්ධන කමිටුවේ සාමාජිකයින්, ප්‍රාදේශිය දේශපාලඥයින් , දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඒ.එම්. නන්දකුමාර මහතා ඇතුළු රෝහල කාර්ය මණ්ලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.