.

රට වැටුනු තත්ත්වය බලන් ඉන්න බැරි උගත් මධ්‍යම පාන්තික කොල්ලො ටිකක් නිර්පාක්ෂික අරගලයක් පටන් ගත්තා.

ජවිපෙ උන් මුල ඉදලාම ඒකට අපහාස කලා, භාදා කලා. මතක තියෙන්න ඕන ඒවා.

ඒක නැගලා ගියාම කපන්න බැරි අත ඉඹින්න  වගේ අරගලේ තරුණයන්ගේ.
අපේ තරුණයොත් ඔතන ඉන්නවා කියලා, නාකි ජවිප ලොක්කෝ ඒකට පැන්නා.

අර කොහොම හරි කොල්ලෝ වැඩේ ගෙනිච්චා.

2005 දී ජවිපෙ ලොක්කො ගිරිය කඩන් කෑ ගහලා රජ කරපු රාජපක්ෂ පරම්පරාවේ අන්තිමයා මාලෙට පිටුවහල් වෙන කොට රට තිබුණේ කොහොමද?

සේරම දේවල් ඕන නෑ කුරුඳුවත්තෙ නෝනලා V8 වලින් ගම් ආක්‍රමණය කරලා,
වී කිලෝ එක රු. 400 – 500 ගානේ එකතු කලේ අනීවාර්යයෙන් එන සාගතයකට බයේ. මතකද?

කුඹුරු කන්න තුනක් ඇරිලා වල් බිහිවෙලා.
කුලී කාරයන්ට දෙන්න සල්ලි නෑ.
තෙල් පෝර ගන්න ගොයියට සල්ලිත් නෑ. ගේන්න ආණ්ඩුවට සල්ලත් නෑ.

ආණ්ඩුවට රටින් හාල් ගේන්න සල්ලිත් නෑ. මහ බැංකුව හිස්.
බංකොලොත් කාරයෙකුට කවුද ණයට මොනවත් දෙන්නේ.

සල්ලි ලැබෙන්න තිබුණු එකම ක්‍රමය පිටරට රස්සා කරන අය එවන සල්ලි.

සමහර කාළකණ්ණි ජවිපෙ නායකයෝ ලංකාවට සල්ලි එවන්න එපා කියලා  කිව්වා. මෙහේ මිනිස්සු මැරෙනවා දැක දැකත් උන් ඒ තිරිසන් වැඩේ කලා.

මේවා මෙහෙම වෙද්දි රනිල් රට බාරගත්තේ.

ගොවියන්ට තෙල් පෝර ටික නිකං දීලා අතට සල්ලිත් දුන්නා.
එතකොට තමයි ගොයිය පන ගහල කුඹුරු කරන්න ගත්තේ.
කවුරුත් අද බත් කන්නෙ රනිල් ඒ ටික කරලා දුන්න නිසා නෙවෙයිද?

තමන් කැමති නැත්තන් මොකෙක්ට ඡන්දය දුන්නත් කමක් නෑ,
ඒත් කෙලහිගුණ තියෙන්න ඕන.
අඩු තරමෙ මිනිස්සු ජීවත් කරපු ඒ මිනිහාට අපහාස නොකර ඉන්න දැන ගන්න ඕන.

අපි යූඑන්පී කරන්නෙ නෑ – ඒත් රනිල්ට කරනවා.
ඒ අපේ ළමයින්ට මේ රට තියෙන්න ඕන නිසා.

දුන්නු ප්‍රාදේශීය සභාවවත් කරගන්න බැරි වුනු උන්ට රටක් දීලා, කාම්භෝජයට උන දේ මේ රටට වෙන්න දෙන්න බැරි නිසා.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න