පසුගිය කාලයේ විවිධ ක්‍රීඩා ඉසව් සඳහා සහභාගී වූ පාසල් ළමුන් කිහිප දෙනෙක් අවාසනාවන්ත ලෙස මිය යාම හේතුවෙන් ධාවන ඉසව් හා දැඩි ලෙස කය වෙහෙසා සිදු කරන ක්‍රීඩා වලට ප්‍රථම ක්‍රීඩා වෛද්‍ය සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය කිරීමට සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ තීරණය කර තිබේ. ඒ සඳහා මහ රෝහල් වල (නිදසුනක් ලෙස ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ ගම්පහ, රාගම, මීගමුව රෝහල් වල ) ක්‍රීඩා වෛද්‍ය ඒකක ස්ථාපිත කර ක්‍රීඩා වෛද්‍ය නිලධාරීන්ගේ සේවය ලබා දී තිබේ. ක්‍රීඩා තරඟ සඳහා සහභාගී වන ළමුන්ට සතියේ දින 5 හා සෙනසුරාදා දින උදේ වරුවේ අදාළ රෝහල් වෙත යොමු වී එම යෝග්‍යතා සහතිකය ලබා ගත හැකිය. එහිදී ECG පරීක්‍ෂණ.,දරුවා පරීක්‍ෂා කිරීම සහ විනාඩි 20ක් දිවීම ආදිය සිදු කෙරේ. මේ සඳහා කල් තබා අදාළ වෛද්‍ය ඒකකයෙන් දින වෙන් කර ගෙන ඊට සහභාගි වීම මගින් අනවශ්‍ය කලබලය හා දෙමව්පියන් අපහසුතාවට පත් වීම වළක්වා ගත හැකිය.
මෙම ක්‍රීඩා යෝග්‍යතා සහතිකය වසරක් සඳහා වලංගු වන එම සහතිකය හිමි ක්‍රීඩකයෙකුට ක්‍රීඩා ඉසව්වක් සඳහා සහභාගී වීමට දින 3ක් ඇතුළත  ඔහුගේ සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය පවුලේ වෛද්‍යවරයා ළවා සහතික කර ගත හැකිය. ඒ සඳහා තීරුවක් අදාළ සහතිකයේ ඇත.
ක්‍රීඩා යෝග්‍යතා වෛද්‍ය සහතිකය නිකුත් කිරීමට බලය ඇත්තේ ක්‍රීඩා වෛද්‍ය නිලධාරීන්ට පමණි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න