ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරින්ට ඉන්දියාව තුළ පුහුණුව ලබාදීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පරිපාලන ක්‍රමවේදය හඳුනාගැනීම සඳහා මෙරටට පැමිණි ඉන්දීය ධුත පිරිස කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවකට අද(09) එක්විය.

ඉන්දීය පරිපාලන ප්‍රතිසංස්කරණ සහ මහජන දුක්ගැනවිලි දෙපාර්තමේන්තු ප්‍රධානී සහ ඉන්දීය රජයේ විශේෂ ලේකම් V. ශ්‍රීනිවාස්(IAS) මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණි මෙම ධුත පිරිසට  ඉන්දීය පරිපාලන ප්‍රතිසංස්කරණ සහ මහජන දුක්ගැනවිලි දෙපාර්තමේන්තු සභික සහ  ඉන්දීය රජයේ සම ලේකම් N.B.S. රාජ්පුත් (IAS) මහතා, ඉන්දීය පරිපාලන ප්‍රතිසංස්කරණ සහ මහජන දුක්ගැනවිලි දෙපාර්තමේන්තු පරිපාලන නිලධාරී ප්‍රිස්කා P. මැතිව්  මහත්මිය, එම ආයතනයේ ආචාර්ය ආශුතෝෂ් පාල් සිං මහතා සහ ආචාර්ය  මුකේෂ් බණ්ධාරි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විතය.

දින 03ක සංචාරයක් සඳහා දිවයිනට පැමිණි එම ධූත පිරිස ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ශ්‍රී ලංකා පරිපාලන සංවර්ධන ආයතනය, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ පාර්ලිමේන්තුව නිරීක්ෂණය කිරීමට නියමිතය.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මෙම ධූත පිරිස ශ්‍රී ලංකාවේ පරිපාලන නිලධාරීන් හමුවූ අතර මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා, ශ්‍රී ලංකා පරිපාලන සංවර්ධන ආයතන අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා, කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා, ස්වදේශ කටයුතු අතිරේක ලේකම් වරුණ ශ්‍රී මහනාම මහතා සහ එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් චන්දන රණවීරආරච්චි මහතා ඇතුලු පරිපාලන නිලධාරින් විශාල පිරිසක් සහභාගි වූහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න