කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක්‌ මංගල්‍යය මැයි 23,24,25 ගා 26 ඳිනවල 17 වැනි වරටත්‌ උත්කර්ෂවත්‌ ලෙස පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. වෙසක්‌ පුර පසළොස්වක පොහෝ දින සීල සමාදානය, ධර්ම දේශනාවන්‌ , භාවනා වැඩසටහන්‌, සර්වඥධාතු ප්‍රදර්ශනය, දර්ශනීය වෙසක්‌ කුඩු, වෙසක්‌ තොරණ, දන්සැල්‌, නූර්ති හා බෞද්ධ ජාතක කතා ඇතුලත්‌ විදි නාට්‍ය ප්‍රදර්ශනය ආදී වැඩසටහන්‌ රැසක්‌ සංවිධානය කර ඇත. මේ පිළිබඳ දැනුවත්‌ කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක්‌ අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙම දැනුවත්‌ කිරීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සංචාරක ගහා හොටෙල්‌ කළමණාකරණ ආයතනයේ අධාක්‍ක්ෂක ජනරාල්‌ ජීවන්නි සේනානායක, රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ සහ ජනාධිපති කාර්යාලයේ සමාජ සබඳතා අධාක්‍ක්ෂ ආර්‌.පී. ප්‍රියන්ත කුමාර යන මහත්ම මහත්මීන්‌ සහභාගී වූහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න