“ඉතින් එතකොට පිරිත කියන්න තැනක් කොහෙන් ද? “
කදවුරු වෙතින් කල ඉල්ලීම් සියල්ල ප්‍රතික්ශේප වූ තැන සිතට නැගුනු ප්‍රශ්නයක් විය.
1990 කොකාවිල් , 1993 පුනරීන්, 1996 මුලතිව් සංග්‍රාම භූමි පහසුවෙන් පිරිත් පිංකම සදහා ලැබුනද, 2000 අලිමංකඩ සංග්‍රාම භූමිය ලබා ගැනීම අභියෝගයක් විය.
වර්ශ 2000 අප්‍රේල් මස 22-24 දිනයන්හී අලිමංකඩදී උපක්‍රමශීලිව පසුබැසීම සිදුවූයේ අලිමංකඩ සිට පලෙයි දක්වා කිලාලි කලපු තීරය දිගේය. ඒ ඔස්සේ ගූගල් සිතියම පරීක්ශා කරන විට, පුදුකාට්ටු හංදිය පහු වනවාත් සමගම පොල් සංවර්ධන මන්ඩලයෙ සංචාරක බංගලාවක් ලකුනු කර තිබුනි. එහි අංකය සම්බන්ධ කර ගැනීමෙන් අනතුරුව, දින තුනක් බංගලාව වෙන් කර ගැනීමට හැකි විය.
එහි කලමනාකරු තුමාද, පලෙයි අවට ආයතන වල සේවය කරන සැදැහවතුන් ගේද , කාල්‍යාන මිත්‍රයින්ගේද , පවුලේ සියලු දෙනාගේද නොමද සහයෙන්,
මින් වසර 24 ට පෙර අභීත රණවිරුවන් 1200 දෙනෙකුට ආසන්න ප්‍රමානයක් තම ජීවිත පරිත්‍යාග කල අලිමංකඩ එදා යුධ බිමේදීම , පෙරේදා, එනම් 24 වෙනි බදාදා දින
හේවිසි සහ බෙර හඩ මද්‍යයේ පින්වත් ස්වමින්වහන්සේලා දහතුන් නමකගේ වැඩම වීමෙන් සර්ව රාත්‍රික පිරිත් පිංකමක් සහ හීල් දානමය පිංකමක් සිදු කරන්න ට යෙදුනි.
වැඩ සිටි පින්වත් ස්වමින්වහන්සේලා ගෙන් එක් ස්වමින්වහන්ස නමක් ගිහි ව සිටි කාලයේදී නාවික හමුදා සාමාජිකයෙක් ලෙසද, තවත් ස්වමින්වහන්සේ නමක් යුද්ධ හමුදා වේ විශේෂ බලකායේ සමාජිකයෙකු ලෙස සේවය කර තිබීමද විශේශයක් විය.
විශේෂ බලකායේ සේවය කල පාද දෙකම අහිමිව අබාධිත තත්වයෙ පසුවන මා මිත්‍ර පැලවත්ත සහෝදරයා පිරිත් ආරම්භයේ සිට අවසානය දක්වාම පිරිත් ශ්‍රවනය කරමින් තම සහෝදර සෙබළුන් වෙනුවෙන් පින් අනුමෝදන් කිරීම සංවේදී සිතුවිල්ලක් විය.
සංග්‍රාම භූමිය තුලදී ම සිදු කලා වු මේ පිංකමෙන් රැස් වු කුසල්,
එම ගැටුමේදී තම ජීවිත පරිත්‍යාග කල සියලු රණවිරුවන් වෙත අනුමෝදන් වේවා !!!
යම් කෙනෙක් දුගති ගාමිව සිටීනම්, ඔවුන් සුගතිගාමි වේවා!!! ඔවුන් සියලු දෙනා සසර කෙලවර අමා මහා නිවනින් සැනසීමට හේතු වේවා!!! 🙏
මෙම පින්කම සංවිධානය කිරීමට සැලසුම් කල මොහොතේ සිට පින්කම අවසන් කල මොහොත දක්වා සිතුවිල්ලකින් පවා
ඔබ විසින් ලබා දුන් ඒ සහයෝගයට ඒ කැප වීමට, ලබා දුන් ඒ වීර්‍යයට අප්‍රමාන පින්.
මේ සසර නිමා කිරීමට එය දාන පාරමිතාවක්ම වේවා !!
වීර්‍ය පාරමිතාවක්ම වේවා !!
අධිශ්ඨාන පාරමිතාවක්ම වේවා !!
සියලු සම්‍යක් දෘශ්ඨික දෙවියන්ගේ අශීර්වාදය ලැබේවා 🙏
අප්‍රමාදී වෙමින්, හැකි ඉක්මන් භවයේදීම තම තමන් ප්‍රාර්ථනා කරන්නාවූ බොධියෙන් පරම වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ පින හේතු වේවා

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න