ආහාර ගැඹුරු තෙලේ බැදීම සදහා භාවිතා කලයුතු තෙල් වර්ගය මත සහ භාවිතා කරන වාර ගණන අනුව  එය වෙනස් වේ.

ආහාර ගැඹුරු තෙලේ බැදීම සදහා පොල් තෙල් භාවිතා කරන්නෙ නම් අවස්තාවන් කිහිපයක් බැදිමේ ක්‍රියාවලිය සදහා භාවිතා කල හැකිය ( උපරිමය අවස්තා 3ක් හෝ 4ක්)

ආහාර ගැඹුරු තෙලේ බැදීම සදහා ෆාම් තෙල් භාවිතා කරන්නෙ නම් එක් අවස්තාවකට වැඩිය භාවිතා කිරීමෙන් වැලකිය යුතුයි.

මෙයට හේතුව වන්නෙ තෙල් ඉහල උෂ්ණත්වයකට භාජනය වන විට ට්‍රාන්ස් ෆැටි ඇසිඩ් ( ශරීරයට අහිතකර මේදය ) නැමති රසායනික සංයෝගය සැදිමයි.

ආහාර බැදීමේ කටයුතු කරන විටදි ආහාර මත මෙම ට්‍රාන්ස් ෆැටි ඇසිඩ් නැමති අහිතකර සංයෝගය  තැම්පත් විම නිසා ආහාර අනුභවය කරන විටදී එම ට්‍රාන්ස් ෆැට් හෝ ට්‍රාන්ස් ෆැට් ඇසිඩ්  Trans fat, or trans-fatty acids (TFA) ( නරක මේදය ලෙස සැලකෙන දෑ ) ආහාර ජීර්ණ පද්ධතිය හරහා ගොස් එය අපගේ ශරිරයේ හෘදය සහ රුධිර වාහිනි තුල තැම්පත් විම නිසා  හෘදයාබාධ  හා රුධිර වාහිනි පද්ධතිය ආශ්‍රිත රෝග රැසක් ඇති වේ.

Trans fat, or trans-fatty acids (TFA) නිසා ගෝලීය වශයෙන් වසරකට මිනිස් ජිවිත 278000 ත් 300000ක් අතර බිලිගනී.

ඔබගේ නිවසේත් හෘදයාබාධ සහිත වැඩිහිටි පුද්ගලයන් සිටින්නෙ නම් ඔවුන් මෙම නරක මේදය සහිත ආහාර ගැනිම නිසා මාරයා වෙත ලගා විම ඉක්මන් කරයී.

සෞඛ්‍ය ආරක්ෂිත ලෙස සකස් කරන ලද ගැඹුරු තෙලේ බදින ලද ආහාර අවශ්‍ය ප්‍රමාණය අනුව භාවිතා කිරිම නිසා ඇතිවිය හැකි අතුරු ආබාධ  අඩුකර ගත හැකිය.

ඔබ නිවසේ හෝ හෝටලය තුල  භාවිතා කරන තෙල් නැවත නැවත භාවිතා කිරිමෙන් වැලකීමෙන් ඔබටත් සමාජයේ අනෙකුත් පුද්ගලයනුත් ආරක්ෂා කර ගැනීමට හැකියාව ඇත.

බහුතරයක් වෙළදසැල්  තුල ඇති ආහාර වැඩි වාර ගනනක් භාවිතා කරන ලද තෙල් වලින් බදින ලද ආහාර  බැවින් ඔබට අවශ්‍ය ආහාර නිවස තුල සකස් කිරිමට කටයුතු කරන්නෙ නම් නිරෝගීමත් ජිව්තයක් පවත්වාගෙන යා හැකිය.

ආර්.එම්.සදුන් හේමන්ත රත්නායක
( මහජන සෞඛ්‍ය පරීක්ෂක )

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න