ගමේ ඉස්කෝලෙට  යන කාලේ සිට විශ්ව විද්‍යාලයට ආවත් අනුරට හැමදාම උත්තර ලියන්න බැරි ප්‍රශ්නයක් තිබුනා.

” ඔබේ පිළිතුර හේතු දක්වමින් පැහැදිලි කරන්න “

ඉහත ආකාරයේ රචනා ප්‍රශ්න සඳහා උත්තර ලියන්න අනුර කුමාරට කිසිසේත්ම බෑ!


උත්තර කීපයක් දීල වඩාත් නිවැරදි උත්තරය තෝරන්න තියෙන බහුවරණ ප්‍රශ්න සඳහා වඩාත්  නිවැරදි උත්තරය ලකුණු කරන්නනම්   අනුර හරිම දක්ෂය!

ව්‍යුහගත ප්‍රශ්න ලෙස හඳුන්වන අදාළ ප්‍රශ්නයට නිශ්චිත උත්තරය දී ඇති ඉඩ තුළ කෙටියෙන් ලියන්නත් අනුරට පුළුවන්.

එහෙත්, ” ඔබේ උත්තරය හේතු දක්වමින් පැහැදිලි කරන්න ” වර්ගයේ ප්‍රශ්න සඳහා අනුරට ලකුණු බිංදුව යි!

ලංකාවේ බදු අයකිරීම පිළිබඳ ඔබේ  අදහස කුමක්ද?

හප්පෝ.. මාර වැඩ්යි! එය වහාම අඩුකරන්න ඕන.

මාලිමාව ආණ්ඩුවක්‌ ආවොත් (!?) බදු බර අඩුකරනව ද?

නැතුව නැතුව මාලිමාව ආවම සාධාරණ බදු ක්‍රමයක්‌ අපි හඳුන්වාදෙනවා.. අම්මප!
බුදුම්පා!

වක්‍ර බදු සහ කෙළින්ම අයකරන පුද්ගලික බදු ඇතුළු විවිධ බදු අයකිරීම් අඩු කරන ආකාරය හේතු දක්වමින් පැහැදිලි කරන්න, අදාළ සංඛ්‍යා දත්ත, තොරතුරු, මූලාශ්‍ර සහිතව ඔබේ උත්තරය පැහැදිලි  කරන්න.

එසේ බදු  අඩු කිරීම හේතුවෙන් පැනනගින අනෙකුත් මූල්‍ය ගැටළු මොනවාද? එම ගැටළු සඳහා විසඳුම්   හේතු දක්වමින් පැහැදිලි කරන්න.

එවැනි හේතු දක්වමින් පැහැදිලි කිරීමේ  ප්‍රශ්න සඳහා  අනුර  උත්තර ලියන්නේ නැත.

එහෙම නොලියන්නේ උත්තරය නොදන්නා නිසා නොවේ.

අනුර “හොර කොපි” ගැහුවා කියලා විභාග තහනමකට ලක්වන නිසාය!

අනුරට ලියන්න වෙන්නේ රනිල්ගේ උත්තරය කොපි කරල! වෙන අමුතු උත්තරයක් අනුරට නෑ.

ලෝකයේ සමාජවාදී රාජ්‍ය තිබුන යුගයේදී  අනුරට කියන්න පුළුවන් මාලිමාවේ  අපට  සෝවියට් රුසියාව, චීනය ප්‍රමුඛ සමාජවාදී සහ එයට හිතවාදී බලවත් රාජ්‍ය අපට  ආර්ථික ආධාර දෙනවා, ඒ නිසා අපට පුළුවන් රනිල්ගේ උත්තරයට  වෙනස් උත්තරයක් යොදාගෙන ලංකාව වැටුණු මේ ආර්ථික ප්‍රපාතයෙන් ගොඩගන්න කියලා.

අද ඇත්ත ලෝකයේ එහෙම සමාජවාදී රාජ්‍ය නෑ.මේ තියෙන ලෝක ආර්ථිකය තුළ රනිල්ට වඩා වෙනස් මැජික් උත්තර අනුරට නෑ. එහෙම තියෙනවා කියලා හිතන මාලිමාව අනුගාමිකයින් විසින් නැවත මේ කටුක ඇත්ත අවබෝධ කරගන්න ඕන.

බදු බර, බඩු මිල, විරැකියාව, අධ්‍යාපන, සෞඛ්‍ය අදී අනුරලා යටිගිරියෙන් කෑ ගහන සියලු ආර්ථික ගැටළු සඳහා උත්තර කිව්වට උත්තරය පැහැදිලි කරන්න අනුරලාට බෑ.

අනුරලා අපට කියන්නේ ප්‍රශ්න සහ උත්තර පමණයි. ඒ උත්තරය පැහැදිලි කරන්න අනුරට බෑ.

අනුරගේ ආර්ථික කමිටුවේ ඉන්න කැම්පස් ගුරුවරු සෙට් එකටත් බෑ. ඒ ගුරුවරු හඳුන්වන්නේ ආචාර්ය, මහාචාර්ය විශේෂණ නමට ඉදිරියෙන් යොදා ගෙනය.

ආර්ථිකය සම්බන්ධ විවාදයට බියෙන් අනුර ප්‍රමුඛ මාලිමාව විවිධ කොන්දේසි දමමින් මගහරින්නේ රනිල්ගේ ආර්ථික උත්තරයම තමයි අනුර සහ සජිත් දෙන්නටම තියෙන්නේ කියලා ජනතාව අවබෝධ කරගන්නා නිසා ය.

එවිට ජනතාව කියන්න පුළුවන් මෙහෙම:

ජනාධිපතිවරණ එපා! පාර්ලිමේන්තු මැතිවරණ එපා! නුඹලා කවුරු ආවත් එකම උත්තර නම් තියෙන්නේ, හැමෝම සමගියෙන් මේ රට ගොඩනගන්න දායක වෙන්න…!

රනිල් විසින් කට කැඩෙනකම්  කියනු ලබන්නේ ද එයයි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න