ආවා අලුත් අවුරුද්දක් සිත් සතොසේ
පෑවා සිනා හිරු දී අපට ගිම්
රසේ
සාවා සඳේ පැන ගති වතුරට සහසේ
වේ වා සුබ මැ අවුරුද්දක් සුව පහසේ

තුරු හිසැ මල් පිපේ නව දළුයෙන් සැරැසේ
කුරු වී වැටෙයි හෙළ දැය දවසින් දවසේ
සරු හෙට රටක් පතනා ජනයිනි මෙ දෙසේ
හුරු මනුසත් පෙමට ළය දෙවු අදිටන සේ

සුපිළිපන් කමිනි නව රට බිහි වන්නේ
දුපිළිපන් දනන් ගෙනි අගතිය වන්නේ
අප උපන් මෙ ලක රක්නට එක් වන්නේ
සුපිළිපන් රටක් එතැන යි බිහි වන්නේ

තුනුරුවන් ගුණ බෙලෙන් සුබාසී පිරුණු සුවපත්
සුබ අලුත් අවුරුද්දක් මැ වේ වා!

2567/2024 බක් 13

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න