IMF එක උපාය මාර්ගිකසටනක
“”””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””
IMF එක ලංකාවේ පාලන බලය නැවත නැවතත් තමන් කැමති ආකාරයට ම පවත්වා ගැනීම සඳහා ලංකාවේ පාලක වහලුන්ට උපාය මාර්ග තුනක් ඉදිරිපත් කර තියෙනවා.

1) ජනාධිපතිවරණයකට යාම
2) පාර්ලිමේන්තු මැතිවරණයකට යාම
3) එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවල ද සහාය ලැබෙන හමුදා ආණ්ඩුවකට යාම

1)
ජනාධිපතිවරණයකට යාම.
*
ජනාධිපති සටන තියෙන්නේ තුන් දෙනෙක් අතර පමණයි.
එයිනුත් හැබෑ සටන්කරුවන් වන්නේ දෙදෙනෙක් පමණයි.
රනිල්, ධම්මික පෙරේරා, අනුර කුමාර දිසානායක
සජිත් , ධම්මික පෙරේරා , අනුර කුමාර දිසානායක

මේ උපාය මාර්ගික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන වහලා වෙන්නේ රනිල්.
රනිල්ගේ වැඩි කැමැත්ත තියෙන්නේ තමන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වී දිනන්න .
සජිත්ට විධායක අගමැතිකම දීම වෙනුවෙන් කතාබහක් විතරක් කරන්න.
2)
IMF එකේ දෙවන උපාය මාර්ගය වී තියෙන්නේ අප්‍රේල් මාසය තුළ පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යාම.

මහ මැතිවරණය සජිත් දිනුවාට පසුව හදිසි ජන ජනමත විචාරණයකට ගොහින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස්කර විධායක අගමැතිවරයෙක් පත්කර ගැනීම.

මේ ඔස්සේ ජවිපෙ විපක්ෂය බවට පත්කරගෙන,
දැනට තියන වහල් පවුල් පහ, වහල් පවුල් හයක් බවට පත්කර ගැනීම ලංකාව පාලනය කිරීම සඳහා.

මෙම උපායමාර්ගික සැලසුම ක්‍රියාත්මක කරන ශ්‍රී ලාංකික වහලා වෙන්න බැසිල් රාජපක්ෂ
3)
ශ්‍රී ලංකාව පාලනය කරන වහලුන් අතර සටන කතාබහ කර විසදාගන්නට බැරි වුණොත්,
ඊළඟට අවසාන තුරුම්පුව ලෙසlMF යෝජනාව වෙලා තියෙන්නේ සාම සාධක හමුදාවල ද මැදිහත්වීම් සහිත හමුදා ආණ්ඩුවක්.
*
මේ කටයුත්ත මෙහෙයවන අවසාන උපාය මාර්ගික වහලා වෙන්නෙත් රනිල් වික්‍රමසිංහ.
රනිල් වික්‍රමසිංහගේ සමාන තරගකරුවා වෙන්නේ අනුර කුමාර දිසානායක.

IMF යෝජනා කරන උපාය මාර්ග සැලසුම් තුනෙන් වඩාම හොඳ දෙක ලෙස ්‍රී ලංකාව පාලනය කරන වහලුන්ගෙන් වැඩි දෙනා තෝරාගෙන තිබෙන්නේ මහ මැතිවරණයකට යාම.

රනිල් දැඩි තීරණයක ඉන්නවා ජනාධිපතිවරණයකට යාමට.

රනිල් සමඟ සාකච්ඡාවේ මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ IMF එකේ සුපිරි වහලුන් වන චන්ද්‍රිකා සහ මහින්ද.

අප්‍රේල් මාසය තුළ පාර්ලිමේන්තු මැතිවරණයක් තියෙනවාද නැද්ද යන්න නිශ්චිතවම තීරණය වෙනව.

IMF එකේ එක් උපාය මාර්ගික සැලැස්මක් සඳහා වන කාලවකවා අවසාන වී අහෝසි වෙනවා.

ඉන්පසුව එළඹෙන්නේ ජනාධිපතිවරණයද ?
හමුදා ආණ්ඩුවක්ද එක්සත් ජාතීන්ගේ සහාය ලබන ……..

අපි සියලු දෙනා ඉන්නේ මොකාට කඩේ ගියත් අපට කෙලවෙන,
ජනතාවට අවාසනාවක් කැන්දෙන, ලංකා මාතාව වනසන ,
IMF එකට හීලෑ වෙච්ච වහලුන් වීමට පමණයි.

අපිට මීට විකල්පයක් නැද්ද ?

ජනතා පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයට මේ සඳහා ඍජු යෝජනාවක් තියෙනවා……..
1)
මොහොතක්වත් පමා නොකර වැඩ කරලා අප්‍රේල් මාසය තුළ …….
ඡායා පාර්ලිමේන්තුව සහ අමාත්‍ය මණ්ඩලය පිහිටුවීම.
2)
ඡායා පාර්ලිමේන්තුව එක දිගට දින දහයක් කොළඹදී පැවැත්වීම.

ඒ සඳහා යුරෝපා පාර්ලිමේන්තුවේ සහ සියලු රටවල් වලත් යූඑන් එකෙත් තානාපතින් කැඳවීම.

සියලු ජාත්‍යන්තර මාධ්‍ය සහ ලංකාවේ ජනමාධ්‍යවලට මෙම දින දහයේ සාකච්ඡාව විවෘතව තැබීම.

මේ ඔස්සේ ජාත්‍යන්තරයටත්,
ශ්‍රී ලංකා සමාජයටත් ,
විශ්වාස කළ හැකි ඉදිරියට යා හැකි වැඩපිළිවෙලක් ඡායා පාර්ලිමේන්තුව තුළදී ගොඩනගාගැනීම.

ඡායාපාර්ලිමේන්තුවේ වැඩපිළිවෙළ පදනම් කරගෙන ශ්‍රීලංකාවේ ඉරණම තීරණය කිරීම සඳහා ලෝකයේත් ලාංකික සමාජයෙත් එකඟතාවය දිනා ගැනීම.

පළමු වටෙන් අප සාර්ථක ප්‍රතිඵල නොලැබුවත් ……..
මේ තුළින් අපට අවස්ථාවක් ලැබෙනවා දෙවන වටයේ ………..
ව්‍යාකූලත්වයන් මැදින් ජයග්‍රහණය වෙත පියවර නගන්නට.

මේ සඳහා වන ලේකම්මණ්ඩලයයි අපි අප්‍රමාදීව ගොඩනගා ගත යුතුව තිබෙන්නේ.

මෙහෙ වන විට අපේ හෙළ වෙද මැදුරු සංකල්පය රට පුරා ප්‍රචලිතයි.

නිවන මේ දැන් වැඩසටහන දිගටම ක්‍රියාත්මකයි.

හෙළ ගොවිතැන වැඩසටහන ප්‍රචලිතයි.

දාහතර 14022 ක් ගොඩනැගීම ක්‍රියාත්මකයි.

ගමන යන්නට.
ගමන වේගවත් කරන්නට.
ඇති එකම පමාව හිසක් නැතිකම පමණයි.

ජනතාව පත් කරන නියෝජිතයින් පාලනය කිරීමේ බලය සෑම මොහොතකම ජනතාවට අවශ්‍යයි කියන සංවාදය ආරම්භ වෙලා.

digital මැතිවරණ ක්‍රමය හෝ සරල පහසු වියදම් අඩු,
ජනතාවට…….
පහසුවෙන්,
ඕනෑම මොහොතක ක්‍රියාත්මක කළ හැකි ,
වෙනත් මැතිවරණ ක්‍රමයක් නිශ්චය කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ ම කමිටුවකුත් පත් කරලා…..

හිස හැදීමට අප්‍රමාදී වෙමු !!!

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න