ජන පීඩන පාලනයට එරෙහිව ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මහතාගේ සහභාගීත්වයෙන් අද දින මහනුවර නගරයේදී සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්විණ.
රටේ නන් දෙසින් විශාල පිරිසක් එම උද්ඝෝෂණයට පැමිණ සිටි අයුරු දක්නට ලැබිණ
නිරායුධ නිර්පාක්ෂික අරගලය ජනතා විප්ලවයක් කරා සංවිධානය මහනුවර නගරයට පැමිණියේ ජනතාව අද වන විට මුහුණපා ඇති ආර්ථික අර්බුදයට ,රටේ තිබෙන දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම උදෙසාත් හා රටේ ජනතාව ඉල්ලන වෙනස සම්බන්ධයෙන් ජනතාව ශක්තිමත් කිරීම උදෙසා මහනුවර නගරයට පැමිණි බවයි එතුමන් සඳහන් කර සිටියේ.
මෙම සංවිධානය දේශපාලන පක්ෂ වලින් තොර සංවිධානයක් බවද ප්‍රකාශ කළේය.
තවද රටේ අනාගතය බාරගන්න පුළුවන් හොඳ නායකයින් තෝරා පත් කර ගත යුතු බවත් පොරොන්දු වලට නොරැවටී රටේ අනාගත පරපුරත් රටේ දියුණුවක් උදෙසා තීරණ ගත යුතු බවත් හෙතෙම පැවසීය.විනිවිද භාවයකින් ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් පවසා සිටියේය. වැඩිදුරටත් සඳහන් කරමින් එතුමන් කියා සිටියේ මැතිවරණයකින් කිසිම කෙනෙක්ට තනි රජයක් පිහිටුවීමට නොහැකි වන බවයි.

මහනුවර දිස්ත්‍රික් වාර්තාකරු
කොලින් හරිස්චන්ද්‍ර

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න