මෑතකදී අන්තර්ජාතිකව කළ සමීක්ෂණයකින්  හෙළිවී තිබෙන්නේ ලොව බිලියනයකට වැඩි ජනකායක් ස්ථුලතාවෙන් පීා විදින බවයි. 1990 වසරේ සිට 2022 දක්වා යොවුන් පරපුරේ ස්ථුලතාව වැඩි වෙමින් පවතියි. නවතම දත්ත විශ්ලේෂණයට අනුව ලොව අට දෙනකුගෙන් එක් අයකු ස්ථුලතවට ගොදුරු වී ඇත. ස්ථුල ජනගහනයෙන් මිලියන 159ක් දරුවන් සහ ගැටවරයන් ය. මේ අතර අඩුබර දරුවන් සහ ගැටවරයන් ගේ ගණන සැලකිය යුතු මට්ටමින් පහළ බැස ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි. මේ සොයා ගැනීම වාර්තා කර තිබුණේ ලාන්සෙට් වෛද්‍ය ජර්නලයේ ය. 
1990 සිට 2022 දක්වා කාන්තාවන් ගේ ස්ථුලතා අනුපාතය දෙගුණයකින් වැඩිවී ඇති අතර පිරිමින් ගේ  ස්ථුලතාව තෙගුණයක අනුපාතයකින් ඉහළ ගොස් තිබෙයි. 
ස්ථුලතාව මිනිසා ගේ අවයව පද්ධතියට හානිකර ලෙසින් බලපායි. ළමා වියේ සිට තරබාරු වීම වඩිහිටි වියේ දියවැඩියාවට ගොදුරු වීමට පිළිකා සෑදීමට සම මානසික සෞඛ්‍ය ගැටලු මතුවීමට සහ තවත් බොහෝ රෝගවලට හේතුවන අතර ආයු කාලය අඩු වීමට ද බලපායි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න