2004 චන්ද්‍රිකා ජනාධිපතිනියගේ ආණ්ඩුවේ:

කෘෂිකර්ම ඇමති -අනුර කුමාර දිසානායක

පශු සම්පත් ඇමති – අනුර කුමාර දිසානායක

ඉඩම් ඇමති – අනුර කුමාර දිසානායක

වාරිමාර්ග ඇමති – අනුර කුමාර දිසානායක

අනුරගේ නියෝජ්‍ය ඇමති – බිමල් රත්නායක

කොයිතරම් වටිනා ඇමතිධූර ද? කෘෂිකර්මයේ එකිනෙකට සම්බන්ධ ඔක්කොම ඇමතිධූර අනුර ට!

අනුරගේ එම ඇමතිකමෙන් රටට සහ ජනතාවට කරනලද සේවය කුමක්ද?

ජනගහනයෙන් 27- 30% ක්‌ කෘෂිකර්මයේ යෙදෙති.දළ ජාතික නිෂ්පාදිතයෙන් 7-8% ක්‌ කෘෂිකර්මයෙන්ය , දළ ජාතික නිෂ්පාදිතයෙන් 1.2 ක්‌ පශු සම්පතින්ය

අනුර ඇමතිකමෙන් ,රටට ජනතාවට කරපු සේවය කුමක්ද?

අඩුම ගණනේ ජවිපෙ ඡන්ද පදනම වැඩිකරගන්න හෝ නිර්මාණශීලී දැනෙන වැඩක් කළා ද?

අනුර උගතෙක්, විද්‍යා උපාධිධාරියෙක් (B.Sc)

තරුණයි : එදා වයස අවුරුදු 36 යි.

කාර්යශූරයි : ජවිපෙ පූර්ණ කාලීනයෙක් ලෙස දිවා රෑ නොබලා වෙහෙසුන පුද්ගලයෙක්.

නමුත් ඇමතිකමේ දී අනුර කුමාර (ගෝටාභය වගේම ෆේල් වූ ) අන්තිම අසාර්ථක චරිතයක්!

ඇමතිධූරයේ වගකීම් දරාගැනීමට නොහැකිව ඉල්ලා අස්වෙලා ‘ගෙදර’ ගිය පුද්ගලයෙක් තමයි අනුර.

එහෙව් අනුරට රට බාර දෙමු ද?

ආර්ථික, දේශපාලන අර්බුදයක කරවටක් ගිලී තිබෙන රටක් ගොඩනගන්න අනුර වැනි ඇමතිකම කරගන්න බැරි වූ පුද්ගලයකුට හැකියාව තිබේ ද?

නියෝජ්‍ය ඇමති බිමල්, තංගල්ලේදී ශිෂත්වය සමත්ව, කොළඹ ඉගෙනුම ලැබූ කටුබැද්ද ඉංජිනේරු සිසුවෙකි ( උපාධිය සම්පුර්ණ කළේ නැත )
ඉංග්‍රීසි භෂාව මැනවින් භාවිතා කිරීමට හැකියාව ඇත. එදා වයස අවුරුදු 31 යි.

උගත්, තරුණ අනුර සහ බිමල් දෙදෙනාම ජවිපෙ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින්ය.

නමුත් මේ තරුණ, උගත්, කාර්යශූර ජවිපෙ දෙදෙනාම ඇමතිකමේ දී සම්පුර්ණයෙන්ම අසාර්ථක විය.

මේ උදවියට රටක් ගොඩගන්න හැකියැයි ඔබ හිතනවා ද?

ජවිපෙට ලැබුන අනෙක් ඇමතිකම් මෙසේය :ධීවර හා ජලජ සම්පත් – ඇමති චන්ද්‍රසේන විජේසිංහ, නියෝජ්‍ය ඇමති, නිහාල් ගලප්පත්ති ( කලා උපාධිධාරියෙකි, පාරම්පරික ධීවර පවුලකින් පැවත එන්නෙකි )
කුඩා කර්මාන්ත ඇමති – ලාල් කාන්ත, නියෝජ්‍ය ඇමති, හඳුන්නෙත්ති ( කළමනාකරණ උපාධිධාරියෙකි )
සංස්කෘතික ඇමති ( චිත්‍රපට සංස්ථාවද ඇතුළුව ) – විජිත හේරත් ( විද්‍යා උපාධිධාරියෙකි ) නියෝජ්‍ය ඇමති,සමන්ත විද්‍යාරත්න ( කලා උපාධිධාරියෙකි )

සත්‍යයයේ තොරතුරු, බුද්ධිමත් ජනතාවට

ඔක්කොම තරුණ, උගත් ඇමතිලාය

නමුත් රටට, ජනතාවට කරපු දෙයක් නැත!

එවැනි පිරිසකට මෙවැනි රටක් බාරදෙමුද?

අනුරලාගේ කයිය පමණයි, වැඩ බෑ!

‘තංගල්ලේ අපි’
2024.03.03

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න