නාගොඩ මාපලගම මධ්‍යම කුඩමලාන වත්තේ ක්ෂේත්‍ර නිලධාරියෙක්ට පහර දී පැරණි බංගලාවක් තුළ හාන්සි පුටුවක බැඳ ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍යක් ඇඟට දමා ගිනි තැබීමේ සිද්ධියක් 25 වෙනිදා වාර්තාවී ඇතැයි නාගොඩ පොලීසිය කියයි.
කුඩමලාන වත්තේ තේ කර්මාන්තශාලාවේ පැරණි බංගලාවේ, සාලයේදී මෙම ගිනිතැබීම සිදුකර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
පුද්ගලකුගේ කෑ ගැසීම ඇසී වතුයායේ සේවක පිරිසක් පැමිණ, ගිනි ගනිමින් සිටි පුද්ගලයාගේ ගින්න නිවා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇත. ගිනි ගැනීමෙන් එම පුද්ගලයාගේ ශරීරයේ ස්ථාන කිහිපයකට හානි සිදුව ඇතැයි ද පොලීසිය සඳහන් කරයි.
පෞද්ගලික ආරවුලක් ගිනි තැබීමට හේතුවී ඇතැයි පොලීසිය සැක කරයි. සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නාගොඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි.