කැළණි පන්සලේ “බලු වැඩ” ඉහල යද්දී සැදැහැවතුන් ට ජලභීතිකා බියක්..
නොබෝදා කැළණි වදින්නට ගියෙමු.කංචනගේ අම්මා මතක් කරමින් සමහරු අඩ අදුරේ ගිලී තිබුනු කැළණි වෙහෙරට පුද දෙමින් සිටියහ.එවිට රාත්‍රී හත පමණ වූ නමුත් සැදැහැවතුන් දෙදහසක් තුන්දහසක් වන්දනාමාන කරමින් සිටියහ. අවුරුදු තුන හමාරක් වයස ..
මගේ පුංචි පුතා වැලි මළුවේ සෙමෙන් මට ඉදිරියෙන් ගමන් කලේ දොහොත් මුදුන් දෙමිනි.එක් වරම ගොරවාගෙන පැමිණි තඩි බල්ලෙක් පුතාගේ බෙල්ලටම පැන්නේ දත් විලිස්සාගෙනය. අපි සියළු දෙනාත් වැලි මළුවේ සිද්ධිය දුටු දුටු සියලුදෙනා මරබියෙන් කෑ ගැසූ නිසා බල්ලා වෙන අතක් බලා ගත්තේය.ඉන් පසුවත් දෙතුන්දෙනෙකුට ඌ දත් විලිස්සන්නට වූයේ පිස්සු බලු ලක්ෂණ පෙන්වමිනි.
පුතාට සීරීමක් වත් නැතත් එසැණ ගෙනගොස් සබන් යොදා ගලායන ජලයෙන් විනාඩි දහයක් පමණ මුළු සිරුරම සේදුවෙමි.(කෙසේ වෙතත්,.ඉන් අනතුරුවත් සතියක් දෙකක් ඒ කම්පනය පුතාගේ දැකගත හැකිවිය.)
වහාම දරුවා වඩාගෙන මම වැලිමළුවේ යම් රාජකාරියක් කරමින් සිටි පන්සලේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකු ඇමතුවෙමි.
“මහත්තය ,..බලන්න ..චෛත්‍යය වටේත් ,බෝධිය වටේත් බල්ලො තිස් දෙකක් හිටිය මම ගණන් කලා..මෙහෙම ගියොත් කැළණිය බල්ලන්ටම යාවිනේ..
ඔවුන්ගේ පිළිතුර අපූරු එකක් විය”අනේ මහත්තය ..මේ බල්ලො එළවනවට මිනිස්සු කැමති නෑනේ ..එයාල.අපිට බනිනව..මේ බල්ලො නිතර පැන පැන එන අය හපනව..මොකද කරන්නේ..ඇරත් අපි කියල.කොහේ එලවන්න..මේවා ඒ ගැන වැඩ කරන ආයතන කරන්න ඕන වැඩ..හා..හා..අන්න ලොකු හාමුදුරුවෝ ධාතු මන්දිරය ලග වැඩ ඉන්නවා ..කෝකටත් කියන්නකෝ..”
මම කඩිනමින් උන් වහන්සේ සම්මුඛ වීමි..”අපේ නායක හාමුදුරුවනේ මේ බල්ලෝ….මට කියන්නට ලැබුනේ එපමණකි.උන් වහන්සේ මහා වේදනාවෙන් කැළණියේ මේ.බලු කරදරය විස්තර කර දුන්හ…”මහත්තයා..අපි කියන්න ඕන හැමෝටම කිව්වා..එනව..බලනව ..යනවා එච්චරයි….”
මම මදක් උන් වහන්සේ සමග සාකච්ජා කර කල යුත්තක් සිතා ගත නොහැකිව මා මිත්‍ර රෝෂන් කුමාර විතානච්චි සොයුරා ඇමතුවෙමි.සෞඛ්‍ය,සමාජයීය , හෝ නෛතික ගැටලුවකදී පමණක් නොව දහම් ගැටළුවකදී පවා නිසි පිළිතුරක් සොයා දීමට රෝෂන්ට (අපේ වහරින් රොෂාන්) තිබුනේ මහා දස්කමකි.
ඔහු බල්ලන්ටත් කැළණි පන්සලේ නායක හිමි ඇතුළු සැමටත්,අපටත්,සැදැහැවතුන් ටත් ගැලපෙන සත්ව හිංසාවෙන් තොර වැඩපිළිවෙළක් විස්තර කලේය .එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අදාල කීප දෙනෙකු සමග සාකච්ජා කර කඩිනමින් ගැටළුව විසදා ගැනීමට හැකි වේ යැයි විශ්වාස කලේය.
ඒ ගැටලුව විසදන්නටපෙර දෙකකුල් බල්ලන් රෝෂන් ව මරා දැමූ නිසා නැවත ඒ කාරිය මුල සිට අපට කල්පනා කරන්නට ,සැලසුම් කරන්නට සිදුවී තිබේ.
බලධාරීනි..කැළණියේ බලු ප්රශ්නය විසදා දෙන්න.නැතිනම්.”උපන් දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැළණියේ “යි කී අපට හෙට අනිද්දා කියන්නට වෙන්නේ ” පිස්සු බල්ලෙක් හපා කයි ඔබ වරක් වැන්දොත් කැළණියේ” ලෙසටය.
ජානක සුනෙත් බණ්ඩාර
2024.03.05
අළුයම 01.00 ට ,කොළඹ දී