ආගමික වශයෙන් මෙන්ම භාෂාමය වශයෙන් ප්‍රජාව වෙන් නොවී ඒක්ව කටයුතු කරනවා නම් රටක් වශයෙන් දියුණු වනවා පමණක් නොව දේශපාලකයන් පිටුපස හිගන්නෝ වාගේ යන්න ඔන නෑ……

අපේ රටේ වටිනාකම රටේ ජනතාව තේරුම්ගත යුතුයි…..

අධිකරණ අමාත්‍ය ආචාර්ය වියජදාස රාජපක්ෂ මහතා පවසයි..

අධිකරණ බන්ධනාගාර කටුයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පලකලේ  අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින ජාතික සාමය හා සංහිඳියා කාර්යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන දිස්ත්‍රික් සහජීවන සංගම් පිහිටුවීමේ ක්‍රියාවලියේ තුන්වන අධියර ලෙස අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී 2024.02.22 දින පස්වරුවේ පැවැති උත්සවයකට ඒක්වෙමිනි.

මීට අවරුදු ඒකහමාරනට පෙර රටක් විදියට අපේ රට වැටෙන්න පුළුවන් අන්තිම අඩියටම වැටුණා. කඩා වැටීම කොච්චරද කියනවා නම් මේ රට භාරන්න කෙනෙක් නැති තරමටම මේ රට පත්වුණා. ඒ වෙලාවේ මොන තරම් බාධක තිබුණත් අපි මේ රට භාර අරගෙන මේ දක්වා මේ රටේ වැඩ කටයුතු කරගෙන යනවා.ලෝක බැංකව ගත්තත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගත්තත්, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ගත්තත් මේ ආකාරයට කඩා වැටිච්ච රටක් මේ තරම් ඉක්මනට දැන් පවතින තත්වයට පත්වෙනවා දැකලා නැති බන පිළිගන්නවා. ඒ්කෙන් අදහස් කරන්නෙ නෑ මේ රටේ ප්‍රශණ සියල්ල විසදිලා කියලා අපිට විසඳගන්න බොහෝ ප්‍රශ්ණ තවමත් ඉතුරු වෙලා තියනවා. ඒ ප්‍රශණ විසඳීමට අවශ්‍ය පියවර ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

උතුරේ යුද්ධයක් තිබුණා, දකුණේත් යුද්ධයක් තිබුණා මේ හැමදේකින්ම සිදුවුනේ මේ රටට නායකත්වය දෙන්න හිටපු උතුරේ දකුණේ පමණක් නොවෙයි මේ රටේ හැමතැනම හිටපු තරුණ ජීවිත විණාශ කරලා දාපුඒක, මේකට බලපාන ප්‍රධාන කාරණා දෙකක් තිබුණා. ඒකක් තමයි අපි ශ්‍රී ලාංකිකයො විදියට උදම් ඇණුවට අපේ රටේ ජාතික අනන්‍යතාවය ආරක්ෂා කරගන්න බැරිඋනා. අනික් හේතුව තමයි මේ රටේ නීතියේ ආධිපත්‍ය බිඳ වැටුණා. මේ කාරණා දෙක ආරක්ෂා කරගත්තනම් දේශපාලකයින්ගෙ සුරංගනා කථා අහන්නැතුව කටයුතු කලානම් මේ රට සිංගප්පූරුවටත් ඒහා ගිය රටක් බවද අමාත්‍යවරයා සඳහන් කලේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් පලකරමින් අමාත්‍යවරයා සඳහන් පැවසුවේ මේ වසරේ ප්‍රථම පාර්ලිමේන්තු සැසිවාරයේදීම සම්මත කලේ ජාතික සමඟිය හා ප්‍රතිසංධානය සඳහා වන පනත් කෙටුම් පත බවයි. මේ අලුත් පනත යටතේ ව්‍යවස්ථාපිත ලෙස ග්‍රාමසේවා වසමකට සහජීවන සමාජයක් පිහිටුවා ඒහි මුලිකත්වය ගමේ ආගමිකනායකයන්ට, ඒ් වගේම ගමේ ඉන්න නායකත්වය දෙන්න පුළුවන් පුද්ගලයන්ට භාරදෙනවා වගේම ගමේ තියන ප්‍රශණ ගැටළු විසඳගන්න සෘජුව පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමග සෘජුව ගනුදෙනු කිරීම සඳහා අවශ්‍ය වටපිටාව සකසලා තියනවා. ගමේ දියුණුව සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගන්න ගමේ පුද්ගලයන්ට පුළුවන් ඒ් ක්‍රමය නිසියාකාරව ක්‍රියාත්මක උනාම දේශපාලකයො පස්සෙ වහල්ලු වගේ ,හිගන්නො ව‌ගේ යන්න කාටවත් උවමනා වෙන්නෙ නැති බව සඳහන් කල අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම ක්‍රමය උඩ සිට පහළට නොව පහළ සිට උඩට ක්‍රියාත්මක වන ක්‍රමවේදයක් බවයි. ගමේ කටයුතු ජාති ආගම් බේදයකින් තොරව ඒක්ව ඉටු කිරීම තුළින් ගමේ ප්‍රශණ වගේම බිදවැටී ඇති නිශ්පාදන ආර්ථිය වැඩිදියුණූ කිරීමේ හැකියාව ග්‍රාම රාජ්‍යක ලෙසින් වඩා සාර්ථකව ඉදිරියට ගෙන යා හැකි බවයි.

මෙම අවස්ථාවට දීඝවාපී පරිවාර චෛත්‍යයේ රාජමහා විහාරයේ විහාරාධිපති නැගෙනහිර පළාතේ  ප්‍රධාන අධිකරණ සංඝනායක  පූජ්‍ය පෝදිවෙල චන්ද්‍රානන්ද හිමිපානන් ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි, බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ඒන්.ඒම්.රණසිංහ, ජාතික සමගිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයේ සභාපති චරිත් මාරඹේ, අම්පාර සහකාර දිස්ත්‍රික් ලේකම්වරුන්, අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්, ජාතික ඒ්කාබද්ධතා නිලධාරීන්, උපදේශක කමිටු සාමාජිකයින් ඇතුළු පිරිසක් ඒක්ව සිටියහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න