අද ජීවත්වීමට ආහාරවේලක් සොයා ගැනීමේ හා ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් අරගල කරන යුගයක මෙම රිලවුන්ගෙන් වන හානිය උග්ර වෙමින් පවතී.
රිලවුන් බහුලව ගැවසෙන ප්රදේශවල ජනතාවට හා ගොවි ජනතාවගේ ගොවිතැන් වලට හා නිවෙස්වලට වන හානිය දවසින් දවස උග්ර වෙමින් පවතින බවයි එම ප්රදේශවල වෙසෙන ප්රදේශවාසීන් පවසන්නේ,ඔවුන් පවසන ආකාරයට කෙසෙල් වගාවටද,ඔවුන්ගේ කුඹුරු වලටද , පොල් ගස්වල කුරුම්බැට්ටියද පවා විනාශ කරමින් තවද ඔවුන්ගේ නිවෙස්වල දොර දැනෙල්වලින් ඇතුල් වී සහල් සහ ඔවුන් සකසාගත් බත්මුට්ටියද උස්සගෙන යන අතර මේ නිසා මෙම ජනයා මහත් පීඩාවකට පත් වී ඇත.
කෑම බීම ද සපයා ගැනීමටද නොහැකි වීම නිසා එම ප්රදේශවල ප්රදේශවාසීන් මැසිවිලි නගයි.
ඔවුන් ඉල්ලා සිටින්නේ එම සතුන් එම සතුන් බෝවීම පාලනය කර හෝ රක්ෂිත වනයකට කොටුකර එම ගැටලුව නිරාකරණය කර හැකි ඉක්මනින් පිළිතුරු ලබා දෙන ලෙසයි.
රටේ ආර්ථිකයටද මෙය මහත් සේ බලපාන ගැටලුවකි.
මෙයට වගකිය යුත්තන් ඇස් කන් පියා සිටීම මහත් ගැටලුවකි.
මම
මහනුවර දිස්ත්රකයේ වාර්තාකරු
කොලින් හරිස්චන්ද්ර