ප්‍රථම වරට සංචාරක කර්මාන්ත මණ්ඩලය සහ RAK වාණිජ හා කර්මාන්ත මණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන ශ්‍රී ලාංකික නිෂ්පාදන හා සේවාවන් සපයන ජාත්‍යන්තර තලයේ ශ්‍රි ලාංකික සමාගම් සඳහා සහභාගී වියහැකි ශ්‍රී ලංකා ව්‍යාපාර වෙළඳ ප්‍රදර්ශනයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය හි (UAE) Expo මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇත. වෙළඳ කුටි 240ක් සහිත මෙම වෙළඳ ප්‍රදර්ශනය සඳහා  ජාත්‍යන්තර පාරිභෝගිකයන්, බෙදාහරින්නන්, පාර්ශවකරුවන් හා ආයෝජකයන් ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි ව්‍යාපාරවල නිරත ශ්‍රි ලාංකිකයන් සඳහා අයදුම් කළ හැකිය.

2024 අප්‍රේල් 16 සිට 20 දක්වා දින 05ක් මුළුල්ලේ පැවැත්වීමට නියමිත වෙළඳ ප්‍රදර්ශනය සඳහා ලියාපදිංචි වන ව්‍යාපාරිකයින් විසින් තම වෙළඳ කුටිය පෙබරවාරි මස 28 දිනට පෙර වෙන්කරවා ගතයුතුය.  එසේ සහභාගීවන ව්‍යාපාරිකයන් වෙනුවෙන් සහ ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන දේශිය හා විදේශීයන්ට ගුවන් ටිකටිපත්, නවාතැන් පහසුකම් සහනදායි මිලට ලබාගත හැකිය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න