වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50% ක් සහ තව එක ඡන්දයක් ( අවම වශයෙන් ) ගන්න ඕන එක වරම ජනාධිපති ලෙස තේරී පත්වෙන්න( කිසිවකුට 50% ඉක්මවන්න බැරි වුනොත් මනාප ගණන් කරනවා.මනාප දීම නුහුරු දෙයක්. විස්තර පසුව )
උතුරු,නැගෙනහිර දෙමළ මුස්ලිම් බහුතර ඡන්ද සහ කඳුකර දෙමළ බහුතරයක සහාය නැතිව 50% ඉලක්කයට අනුරට යන්න බෑ.
.2020 පාර්ලිමේන්තු මැතිවරණයෙදී සජිත්ට 23.9% ක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර 54 ක් ගත්ත. සජිත්ගේ ඡන්ද අඩුවෙන්න හේතුවක් නෑ. සජිත් ඉන්නෙත් විපක්ෂයේ.
වෙනත් අපේක්ෂකයින්ටත් සැලකිය යුතු සිංහල ඡන්ද ගණනක් බෙදී යනව .
යුද්දේ දිනපු මහින්ද ගත්තේ වලංගු ඡන්ද ගණනින් 57.88 % යි ( උතුරු නැගෙනහිර සහාය නැතිව )
අද අනුරට තිබෙන ජනතා සහාය එදා මහින්ද වගේ ද?
තීරණය ඔබේ අතේ!
2018 පළාත් පාලන මැතිවරණයේ ඡන්ද 5006832, (40.47%) ක් පොහොට්ටුව අරගෙන තියෙද්දී පාස්කුදා ප්‍රහාරය වුනේ.
2018 පළාත් පාලන මැතිවරණයෙන්
මෛත්‍රීගේ ඡන්ද 1497234 (12.10%) ත් ගෝටාභයට දුන්න.
මෛත්‍රී ගේ 12.1% සහායත් ලැබිලා තමයි 52.25% න් ගෝටාභය යන්තම් ජනාධිපති වුනේ!
( ඡන්ද හැටනව ලක්ෂ වුනාට ප්‍රතිශතය 52.25% යි)
එදා ගෝටාභයට තිබුන ඉල්ලුම අනුරට තිබේ ද?
තීරණය ඔබේ අතේ!
අනුර, තනිකර සිංහල ඡන්ද වලින් පමණක් 50% පන්නන්නේ කොහොමද?
ඉන්දියාවේ මැදිහත් වීමෙන් උතුරු නැගෙනහිර, කඳුකර සාම්ප්‍රදායික දෙමළ, මුස්ලිම් පක්ෂ සහාය අනුරට ලැබුනොත් දිනන කතාව පිළිගන්න පුළුවන්.
ශ්‍රීලනිප වැනි ස්ථිර ඡන්ද සහිත පක්ෂ සහාය අනුරට තිබේ ද?
මහින්ද 2005 ඔහුගේ මුල්ම අවස්ථාවෙ මේක දැක්ක. (උතුරේ ඡන්ද වර්ජනය වුන කතාව අහල ඇතිනේ)
උතුර අවුලේ! දකුණේ jvp, හෙළ උරුමය, වම ගෙයින් ගෙට ගිහින් 2005 දී මහින්ද ගත්තේ 50.29% යි. නූලෙන් ජනාධිපති වුනේ!
අද 50% ක් අනුරට කියලා හිතමුකෝ
50%ගලේ කෙටුව වගේ නොවෙනස්ව පවතින දෙයක් ද?
ජනතාවගේ මතය වෙනස් වෙන්න වචනයක් එහා මෙහා වුනත් ඇති!
අනිත් තරග කරුවන් බලාගෙන ඉඳීවිද අනුර 50% ගනින් කියලා.
තවම නාමයෝජනා දීලත් නෑ.
ජනාධිපති රේස්එකේ අවසන් සතියේ ඔබට
අනුමාන කරන්න පුළුවන් අහවලා දිනුම් කියලා.දැන්ම නිගමනය කරන්න බෑ.
50% කතා මාලිමා ප්‍රචාරක ආයතනයේ වැඩ. කාන්තාවන් පෝස්ටර් ගැහුවෙත් ප්‍රචාරක සමාගමේ මාකටිං… ටිං ටිං අනුවබව දන්නෝ දනිති!
අන්තිමට ටිං කිරි! තමයි
අපි අතීත මැතිවරණ ප්‍රතිඵල රටාව සහ මැතිවරණ ක්‍රියාවලිය දැනගෙන ඉන්න ඕන. එහෙම නොවුනම බොරු සමීක්ෂණ සහ බොරු පුරෝකථන වලට රැවටෙනවා.
ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික් 22 ක් තියෙනවා. එයින් උතුරු නැගෙනහිර දිස්ත්‍රික් 05 ක් තියෙනවා.යාපනය, වන්නි, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ දිගාමඩුල්ල ( අම්පාර ) කඳුකරයේ නුවරඑළිය දිස්ත්‍රික්කයත් මාලිමාවට ඉතාම අඩු බලයක් තියෙන්නේ.
ඒ වගේම මහනුවර, මාතලේ, බදුල්ල සහ පුත්තලම jvp බලපෑම, හම්බන්තොට මාතර ට සාපේක්ෂව අඩුයි.
එහෙත් අපි මෙහිදී අවධාරණය කරන්නේ යාපනය, වන්නි, මඩකලපුව, ත්‍රිකුණාමලය, දිගාමඩුල්ල ( අම්පාර ) සහ නුවරඑළිය දිස්ත්‍රික්ක තුළ මාලිමාව බින්දුවේ ඉන්නව කියන එකත් ඒ හිඟය ඉතිරි දිස්ත්‍රික්ක මගින් පුරවන්න වෙනවා කියන එක. ( ඒ සඳහා මහනුවර, මාතලේ, බදුල්ල, පුත්තලම තුළත් මාලිමාවට මෙච්චර ලැබෙනවා කියලා ඔවුන්ට කියන්න තියෙන අයිතිය ට යටත්ව හැකිනම් උත්තරයක් මාලිමාවේ ප්‍රචාරක ලොක්කන්ගෙන් ලබාදෙන්න
රටේම වලංගු ඡන්ද
50% ඉක්මවා ගන්න ඡන්ද ලක්ෂ හැටක් ඉක්මවූ ඉලක්කයකට යන්න ඕන..මැතිවරණ දිස්ත්‍රික් 22 යි.
එවිට එක දිස්ත්‍රික්කයකින් ඡන්ද ලක්ෂ තුනක් පමණ ගන්න වෙනවා පොදුවේ බැලුවොත්.
යාපනය,මැතිවරණ දිස්ත්‍රික්කයේ 2022 ලියාපදිංචි ඡන්ද ලක්ෂ පහක් පමණ තියෙන්නේ . එයින් ලක්ෂ තුනක් මාලිමාවට ( හෝ unp, slfp ටත් )ගන්න බෑ නේද!
දැන් ඒ අඩුව මාලිමාව පුරවන්න ඕන දකුණේ දිස්ත්‍රික්ක වලින්.
හම්බන්තොට ලියාපදිංචි ලක්ෂ පහක් පැනල තියෙනවා. එයින් ලක්ෂ තුනක් අනිවාර්යයෙන් අරගෙන ඊට අමතරව යාපනය තුළ හිඟ ලක්ෂ තුන පුරවන්නත් ඕන. එවිට හම්බන්තොට ලියාපදිංචි ඔක්කොම මාලිමාවට ඡන්දය දුන්නත් යාපනයේ හිඟය පුරවන්න බෑ..
මේ ආකාරයට යාපනය,වන්නි, මඩකලපු ත්‍රිකුණාමලය, දිගාමඩුල්ල ( අම්පාර ) සහ කඳුකරයේ නුවරඑළිය මැතිවරණ දිස්ත්‍රික් 06 තුළ ලක්ෂ 18 ක අසන්න ඡන්ද හිඟයක් පියවන්න වෙන්නේ අනිත් දිස්ත්‍රික් 16 සිංහල බහුතර ඡන්ද තුළින් නේද..
ඊට අමතරව දකුණේ ඒ ඒ දිස්ත්‍රික්කයක ලක්ෂ තුනකුත් ගන්න ඕන.
මැතිවරණ දෙපාර්තමේන්තු අඩවියට ගිහින් දත්ත තොරතුරු බැලූවිට පැහැදිලි වෙයි.
මාතර මැතිවරණ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ලක්ෂ හයක් පමණ.
මොනරාගල, පොළොන්නරුවේ ඔක්කොම ලියාපදිංචි වෙන වෙනම ලක්ෂ පහට අඩුයි…ලක්ෂ තුනයි ගණන් තියෙන්නේ
එවිට එහි ඔක්කොම ඡන්ද ලැබුනත් මදි
ඒ නිසා ඔය ප්‍රචාරක ආයතන උපායිකව මාලිමාව පුම්බන කොට බොහෝ දෙනෙක් කියන්නම් වාලේ ඒක කියනව.අපි ඒවා විචාරශීලීව හොයල බලන්න ඕන.
පුංචිහේවා