ප්‍රශ්න සහගත ඉමියුනොගොලොබියුන් ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ගෙන ආ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය දෑස් කඳුළින් පිරී තිබිණ..

ඔහුගේ ළඟ ඔහු වටා ජනාධිපතිවරයා හෝ කැබිනට් මණ්ඩලයේ මිතුරු මිතුරියන් කිසිවකු සිටියේ නැත.

ඔහුගේ තනියට සිටියේ දියණිය චමිට්‍රා පමණි.

මීට හරියටම වසරකට පමණ පෙර ඔහුගේ නියෝගය මත වැඩ තහනම් කළ වෛද්‍ය චමල් සංජීව විසින් රටට හෙළිකරන ලද ආන්දෝලනාත්මක ඉමියුනොගොලොබියුන් වංචාවේ ප්‍රධාන සැකකරුවකු ලෙස ඔහු මාංචු දමා අධිකරණයට ගෙන එන ගසුන අතිශයින්ම කම්පා දනවන්නක් විය.

ඔහුගේ මුහුණ බිය හා චකිතයෙන් පිරී තිබිණි.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඔහු බේරා ගැනීමට අත්සේව උත්සාහයක් දරන ලද නමුත් ලංකා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් සඳහන් කරමින් ඔහු මුල්‍ය අපරාධයකින් ඔබ්බට ගිය සාහසික මනුෂ්‍ය ඝාතන චෝදනාවක් දක්වා අපරාධකරුවකු විය හැකි බවට කරුණු හෙලි විය.

ස්වභාව ධර්මයා ඉතා තදින් දඬුවම් දෙන බව යළිත් සනාථ කළ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය

වෛද්‍ය චමල්ගේ කඳුළ ඉදිරියේ බිඳ වැටුණු කෙහෙළියගේ මැරබලය..

කෙහෙළියගේ මැරබලයට වඩා වෛද්‍ය චමල්ගේ කඳුළ ප්‍රබල වීම

මේ රටේ දූෂිත දේශපාලනයේ ද දුෂිත නිලධාරීන්ගේ ද ඉරණම ඉතා තදින් විනිශ්චය කිරීමට දැන් ස්වභාවධර්මයා පටන් ගෙන ඇත.

බාල බෙහෙත් ජාවාරමේ මහමොලකරු ලෙස රටම දැන සිටි කෙහෙළිය රඹුක්කැල්ල අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවේ කවුරුවත් ගණන් නොගන්නා සත්වයකු ලෙස සිටගෙන සිටිනු දකින්නට විය.

මේ මහා පාප කර ක්‍රියාවේ සැකකරුවෙකු වූ චන්ද්‍රගුප්ත ගෙන ආ අවස්ථාවේදී මෙන්ම මේ අවස්ථාවේදී ද කෙහෙළිය වටා කැබිනට් මණ්ඩලය සිටියේ නැත. ඔහුගේ දේශපාලන සගයින් සිටියේ නැත.

අතේ ලේ තැවරුණු පාපිෂ්ටයෙකු ට විත්ති කූඩුවේ සිටින අයුරින් ඔහු ට මියැන්නට ආසන්නව පණ ගැහෙන මාළුවෙකු සේ සිටින අන්දම දිස්විය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිටුපස මහා ශාපයක් ගමන් කරන බව රටම දැනගත්තේ පසුගිය 2022 නොවැම්බර් මාසයේදීය

මේ රටේ මිනිසුන්ගේ බඩගින්න ගැන කතා කල වෛද්‍ය චමල් සංජීවගේ ඉරණම විසඳිය යුතු යැයි තීරණය කළ කෙහෙළිය රඹුක්කැල්ලත්, හිටපු සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්තත්, එයට උඩ ගෙඩි දුන් සමන් රත්නායකත් විජිත් ගුණසේකරලත් අද එක පෝලිමට විත්ත කුඩුවේය. (සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසේල ගුණවර්ධන පමණක් තවමත් එළියේ සිටින නමුත් ඔහුගේ ඉරණම ද ඉතා ඉක්මනින් විසඳනු ඇත)

මන්ද පෝෂණය ගැන කතා කළ නිසා අමාත්‍යාංශයෙන් දොට්ට දමන්නට එදා වෛද්‍ය චමල්ගේ ලිපිය නිකුත් කරන්නට බලපෑම් කළ අයද අත්සන් කළ අයද අදප ලේ තැවරුණු පාපිෂ්ටයන් ලෙස විත්තිකූඩුවේ ගැහෙන හදවතින් ම තමන්ගේ අවසාන මොහොත ඉක්මන් වන පෝරකයට යන වරදකරුවන් ලෙස සිටින අන්දම මුළු අධිකරණ භූමියටම මහා ශෝකයක් හා කෝපයක් ගෙන දී ඇත.

කේලියගේ සුපුරුදු උපහාසාත්මක සිනහව වෙනුවට අභ්‍යන්තරයේ පුපුරා යන මහා පාපයක ගිනිදැල් දකින්නට විය

වසර එක හමාරක් පුරල්ලේ වෛද්‍ය චමල් කළ කී සියල්ලද නීතිය හමුවේ එකින් එක සනාථ වෙද්දී තමා මිනිස්සුන්ට වූ පොරොන්දුව ඉෂ්ට කළ බැවින් දැන් ඉතුරු කොටස නීතියට භාර බව ඔහු පැවසීය.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ඔහු ට රටටම ඇහෙන්නට මේ දූෂිත දේශපාලකයන් සහ නිලධාරීන්ගේ කතාව මහ හඬින් හඬා වැටෙමින් සිදුකළ අන්දම ඔබට මතක තිබිය යුතුව ඇත.

එදාද දූෂිත දේශපාලකයින් සහ නිලධාරීන් මහ හඬින් ඔහුට සිනාසුනේය.

පසු බැසීමක් හෝ ආපසු හැරීමක් නොමැතිව තම අවසාන අරමුණ තෙක්ම තනිව සටන් කළ ඔහු අද මුළු රට ඉදිරියේම තමාගේ කඳුලේ ශක්තිය ක් තක්කඩි දේශපාලකයින්ගේ මැර බලයට වඩා ඉහළ තැනක පවතින බව සනාථ කළේය.

රටක කැබිනට් මණ්ඩලය අමු අමුවේ නොමග යවමින් රටේ බදු මුදල් ගෙවන ජනතාවගේ හැම සතයක්ම වභාවිතා කළ අන්දම අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය පුරා දොහොංකාර දුන්නේ මෙරට ලක්ෂ දෙසිය විස්සක් මිනිසුන්ගේ කඳුළ වේදනාව උරා බී පාපතර දේශපාලකයකුගේ කතාව රටටම දැනගන්නට පුළුවන් අන්දමටය .

ස්වභාව ධර්මයා ඉතා තදින් දඬුවම් දෙන විට පාපතරීන්ට වුව කළ හැක්කක් නොමැති බව නීතිපතිතුමිය ඉතා තදින් අවධාරණය කළේය.

මාස ගණනක් මුළුල්ලේ මෙරට ජනතාවගේ බදු මුදල් කෝටි ප්‍රකෝටි ගණනක් තම සාක්කුවට දාගන්නට මේ පාපිස්ටයින් සැලසුම් කලාන්දම එකින් එක සනාථ වූයේ එදා වෛද්‍ය චමල් තනිවම කළ සටනේ ප්‍රතිඵල නිසාවෙනි.

රටේ තක්කඩි දේශපාලන පක්ෂද ඊනියා වෘත්තීය සමිතිද මාධ්‍ය සංදර්ශනකරුවන්ද කළ නොහැක්කක් යැයි විශ්වාස කළ සියල්ල අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී සනාථ වූයේ මේ රටේ මිනිසුන්ට ආංශුමාත්‍රයක හෝ සැනසුම් සුසුමක් හෙළන්නට අවකාශය සලසමිනි.

ලක්‍ෂ දෙසිය විස්සක් මිනිසුන් වෙනුවෙන් තනිව සටන් කළ වෛද්‍ය චමල් ඇතුළු සිවිල් සංවිධාන නායකයින්ට මේ රටේ ජනතාවගේ ප්‍රණාමය හිමිවිය යුතු වන්නේ මෙර ලාංකීය දේශපාලන ඉතිහාසයේද අධිකරණ ක්ෂේත්‍රයද රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ ද කිසිදා අමතක නොවන හැරවුම් ලක්ෂයක් වන බැවිණි

නීතිය ඉදිරියට දේශපාලකයන් ගෙන එන්නට උත්සාහ කළ බොහෝ නඩු පරාජයට පත්වෙද්දී ිපති දෙපාර්තමේන්තුවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත් සිවිල් සංවිධානත් කළ අප්‍රහිත කැපකිරීම ලංකා ඉතිහාසය ප්‍රථම වතාවට සක්‍රීය දේශපාලකයකු අධිකරණයක් ඉදිරියේ නිරුවත් කරන්නට සමත් වී ඇත.

මේ ක්‍රමය වෙනස් කිරීමේ ඉතුරු භාරදූර කාර්ය ෙහි රටේ සිවිල් මහජනතාව විසින් දැන් බාරගත යුතුව ඇත.

වෛද්‍ය චමල් පටන්ගත් තැන ඉදිරියට ගෙනයාමේ වගකීම ධ්‍යස්ථ මතධාරී වෘත්තියවේදීන් සතුය.

facebook වීරයින්ට මේ සිවිල් සංවිධාන නායකයින් කදිම පාඩමක් උගන්වා ඇත.

කෙහෙළියගේ කතාව මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ගණිකා වෘත්තිභාවය නැවත නැවත සනාථ කොට ඇත.

මේ රටේ මිනිසුන්ගේ ජීවිතත් සමග සෙල්ලම් කළ මේ පාප ස්ටීන්ට ඝාතනයට තැත් කිරීම යටතේ නඩු පැවරීමට ප්‍රමාද නොවිය යුතුව ඇත

වෛද්‍ය චමල්, තමන්ගේ කතාව සිහිනයක් ලෙසත් කෙහෙළියලා ජයගතත් නංවනු ලැබුවේ නම් අනේ මීට වඩා වෙනස් වනු ඇත.

වෛද්‍ය චමල් එළියේ සිට කළ සටන යථාර්ථයක් බවට පත් කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවත් නීතිපති දෙපාර්තමේන්තුවත් කළ සටන සියලු දෙනාගේම පැසසුමට ලක්විය යුතුව ඇත.

සියල්ල පරිභව කරද්දී ද නීතිපතිතුමිය අඛණ්ඩවම සියලු සාක්ෂි සහිතව කෙහෙණිය බෙල්ල මුලින් අල්ලා ගත්තේ කාටවත් අඩුවක් කියන්නට ඉඩ නොදී ය..

නීතිපතිතුමියත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් රටේ සියලු මහජනතාව ොන්දේසි විරහිත ප්‍රණමය පුද කළ යුතුව ඇති බව අද අධිකරණය යළිත් සනාථ කලෙය.

දේශපාලකයින් විසින් විනාශ කළ අධිකරයේ දෙවඟයට අද යුක්තිය ඉෂ්ට කරන්නට නීතිපතිතුමිය සමත් වූවාය.

මෙවන් උදාර මිනිසුන්ට ස්වභාවධර්මය ආශීර්වාදය නියත වශයෙන්ම ලැබෙන අතර පාපතර දේශපාලකයින්ටත් රාජ්‍ය නිලධාරීන්ටත් ශුමාත්‍රයක් හෝ පාඩමක් ඉගැන්නුවෝ මේ සියලු මනුෂ්‍යයන් සමඟ අප නැගී සිටිය යුතුව ඇත.

අද මාලිකාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නැවතත් මේ රට පුණ්‍ය භූමියක් බවත් ස්වභාවධර්මය තදින් ක්‍රියාත්මක වන රටක් බවත් හඬගා කීවේය.

විජිත් ගුණසේකරලා චණ්ඩ ගුප්තලා වැනි රාජ්‍ය නිලධාරීන්ගෙන් දැන්වත් මේ රටේ අනෙක් රාජ්‍ය නිලධාරීන් පාඩම් ඉගෙන ගන්නේ නැත්නම් ජනතාව එළඹෙන පළමු තත්පරයේදීම කොන්දේසි විරහිතව මේ දේශපාලකයින්ට සහ නිලධාරීන්ට පාඩම් ඉගැන්වීමට දැන් පෙළ ගැසිය යුතුව ඇත.

රන්ජන් ප්‍රදීප්
සිය රට

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න