චෙක්පත් මගින් ගනු දෙනු කිරීමේදී සිදු වන වංචා, අක්‍රමිකතා සහ අතපසුවීම් හේතුවෙන් මෙරට ව්‍යාපාරික ප්‍රජාව හා සාමාන්‍ය ජනතාව මුහුණ දෙන දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් ඒ සම්බන්ධව පවතින නීති වර්තමානයට  ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීම සදහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂඥ කමිටුවක් මෙම වසර මුල භාගයේදී පත් කර තිබූණි.

දැනට පවතින විනිමය බිල්පත් ආඥා පනත වසර 95 ක් පමණ පැරණි 1927 වසරේදී සකස් කළ පනතක් වන අතර, ඒ අනුව එම පනත  සංශෝධනය කිරීම සඳහා පත්කරන ලද, විශේෂඥ කමිටුව විසින් දේශිය හා ජාත්‍යන්තර නීතිමය තත්වයන් පිළිබදව අධ්‍යනය කරමින් නීති සංශෝධනය විය යුතු අකාරය පිළිබදව වාර්තාවක් සකස් කර ඒහි කමිටු වාර්තාව ගරු අමාත්‍යවරයා වෙත පිරිනැමීම අද දින (2023.12.29) අධිකරණ අමාත්‍යාංශයේදී සිදුවිය.

චෙක්පත් මගින් ගනු දෙනු කිරීමේදී සිදු වන වංචා, අක්‍රමිකතා සහ අතපසුවීම් සම්බන්ධ පවතින නීති සංශෝධනය කිරීම මෙම කමිටු වාර්ථාව පදනම් කරගෙන සිදු කිරීමට නියමිත වන අතර එම අවස්ථාවට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන යන මහත්ම මහත්මීන් ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, හැටන් නැෂනල් බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, සම්පත් බැංකුව ඇතුළු බැංකු හා මුල්‍ය ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න