ටෙලිකොම් වෘත්තිය සමිති පෙරමුණ මේ වන විට ගෙන ඇති සේවයෙන් බැහැරවීමේ ක්‍රියාමාර්ගයට සහ එළැඹෙන 19 වැනි සඳුදා කොළඹදී පැවැත්වීමට නියමිත ක්‍රියාමාර්ගයට #unite පූර්ණ සහයෝගය දක්වා සිටී.
සේවකයන් අසීරුවට ඇද දමමින්, ඔවුන්ට ලබාදිය යුතු දීමනා අහිමි කිරීමත්, රජයට ලාභ උපයා දෙන අතරේම, සෞඛ්‍ය-අධ්‍යාපන ඇතුළු පොදුජන සේවාවන් බොහොමයකට මූලික වෙමින්, පවත්වාගෙන යන ටෙලිකොම් ආයතනය ගැන සාවද්‍ය ප්‍රචාර සිදු කරමින්- දූෂිත ක්‍රියාමාර්ගවලට යොමු වෙන පරිපාලන ක්‍රියාමාර්ගත් පරාජය කිරීම සඳහා ප්‍රගතිශීලී වෘත්තිය සමිති භාවිතාවක නිරත වෙන ටෙලිකොම් වෘත්තිය සමිති වෙත අපගේ ශක්තිය සහ ආශිර්වාදය හිමි වේ.
මෙරට කිසිදු පුද්ගලික සේවාවකට නොදෙවනි අන්තර්ජාල සහ දූරකථන සේවාවක් සපයන ටෙලිකොම් ආයතනය, මෙරට එකම රැහැන් දූරකථන පද්ධතිය සාර්ථකව පවත්වාගෙන යයි. මේ සියල්ල වෙනුවෙන් කැප වෙන අපේම සහෝදර සේවක පිරිසක් ටෙලිකොම්හි සිටී. එම සේවකයන්ට හිමි විය යුතු බෝනස් මුදල අහිමි කිරීමත්, පරිපාලනයේ ජනතා විරෝධී ක්‍රියාකලාපයත් පරාජය කරමින්, මෙරට වැදගත්ම පොදුජන සේවාවක් වන ටෙලිකොම් ආයතනය, කෑදර ව්‍යාපාරික පන්තියකට නොව- මෙරට අනාගත පරම්පරාවට රැක දීම පොදුජන වගකීමකි.
විවිධ ජනතා අරගල සමග නිරන්තරව බද්ධ වෙමින්, සමාජය යහපත් කිරීමට වෙහෙස වූ ටෙලිකොම් වෘත්තිය සමිති නායකත්වය ප්‍රමුඛ, ටෙලිකොම් සේවකයන්ට පූර්ණ ශක්තියක් වීමට පොදුජනතාව වෙත #unite ආරධනා කර සිටී.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න