 පුනරුත්ථාපන ක්‍රියාවලිය මත් ද්‍රව්‍ය ජාවාරම් කරන ජාවාරම්කරුවන්ට අභියෝගයක්, ඒ නිසා විවිධ ප්‍රශ්න ඇති කරවනවා.
 පුනරුත්ථාපනය වන අයට විවිධ හිංසා කරනවා. ආහාර, නවාතැන් ස්නානය කිරීමේ පහසුකම් නොලැබෙන බවට චෝදනා කරනවා. ඒවා සම්පුර්ණ වශයෙන් අසත්‍යයයි. කිසිම පුනරුත්ථාපනලාභියෙකුට හිංසාවක් සිදු වන්නේ නැහැ.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් පවසයි.

පුනරුත්ථාපන කාර්යාංශයේ ප්‍රගතිය හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව දැනුවත් කිරීම සදහා අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද (15) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ට්ආරච්චි මහතා මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ කොමසාරිස් ජනරාල්වරයා මෙසේද සදහන් කළේය.
අධිකරණ අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි පුනරුත්ථාපන ක්‍රියාවලිය නව මාවතකට යොමු කර තිබෙනවා. පුනරුත්ථාපනය සදහා යොමු කරන්නේ මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිවීම හේතුවෙන් සමාජයට හිරිහැරයක් වන අයයි.ඒ අය පුනරුත්ථාපන වන අය මධ්‍යස්ථානවලින් පැනලා යනවා. කලබල ඇති කරනවා කියලා මේ වගේ දේවල් මේ දිනවල වැඩි වශයෙන් කතා කරනවා. දීර්ඝකාලීනව මත් ද්‍රව්‍ය සදහා යොමු වෙලා පුනරුත්ථාපනය වන මේ පුද්ගලයින් එක් ස්ථානයක රදවා තබා ගෙන ඉන්නවා කියන එක අභියෝගාත්මක කාර්යභාරයක් බව කිව යුතුයි. පුනරුත්ථාපනය වන්නේ විවධ මානසික තත්වයන්ගෙන් පසුවන අයයි. ඒ නිසා මේ අය කලහකාරි ලෙස හැසිරෙනවා. යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශවලට මේ අය පාලනය කරන්න පුළුවන් . එය ඉවසීමෙන් කළ යුතුයි. පුනරුත්ථාපනය වන අය කලහකාරී ලෙස හැසිරෙන සෑම අවස්ථාවකම නිලධාරීන් සංයමයෙන් හැසිරෙනවා. පුනරුත්ථාපනය වන සෑම පුනරුත්ථාපනලාභියෙක් සදහාම අදාල කාලය තුළ විවිධ පුහුණුවීම් ලබා දෙනවා. උපදේශනය, භාවනාව, සංගීතය ආදි විවිධ වැඩ සටහන් පවත්වනවා. පුනරුත්ථාපනය වන කාලය තුළ ඔවුන්ව පුහුණුවීම් විවිධ පාඨමාලා සදහා යොමු කරවනවා. ඒ තුළින් ඔවුන් සමාජගත වීමේදී සමාජයේ පිළි ගන්නා අය බවට පත් වෙනවා.
පුනරුත්ථාපනය වන කාලය තුළ ප්‍රථමාධාර පිළිබදව සහතික පත්‍ර, ආපදා කලමණාකරණය පිළිබදව, ජීවිතාරක්ෂාව පිළිබදව, හදිසි ගිනි ගැනීමකදී කටයුතු කරන ආකාරය ආදී විවිධ පුහුණු පාඨමාලා සම්බන්ධ පුහුණුවිම් ලබා දෙනවා.
මේ කාලය තුළ ඔවුන් සතුව පවතින සැගවුණු කලා කුසලතා පිළිබදව හදුනා ගැනීම සදහා සංගීතය, නාට්‍යකලාව, ගායනය,නිවේදන , කායවර්ධන ආදී වැඩ සටහන් පවත්වනවා. එමෙන්ම, ජල, විදුලිය, වනාන්තර, පෞරාණික වස්තු ආරක්ෂා කිරීම පිළිබදව හා ජාතීන් අතර සංහිදියාව වැඩි දියුණු කිරීම පිලිබදව දේශන පවත්වනවා. රටේ පුරවැසියෙකු ලෙස තමන්ට ඇති අයිතිවාසිකම් හා සමාජ යුතුකම් පිළිබදව අපි පුනරුත්ථාපනලාභින්ට උගන්වනවා. පුනරුත්ථාපනලාභීන්ට පවතින විවිධ රෝග පවතිනවා. ඒ සදහා වෛද්‍ය සායන පවත්වන බව ද හෙතෙම සදහන් කළේය.
පුහුණුව ලබන කාලය තුළ විශේෂයෙන් විදේශගතවීමට හැකියාව ලැබෙන පරිදි පුහුණුවීම් ලබා දෙනවා. මැණික් කැපීම, බැකෝ යන්ත්‍ර ක්‍රියාකරවීම ආදී පුහුණුමීව් ඒ යටතේ ලබා දෙනවා. පුනරුත්ථාපන ක්‍රියාවලිය මත් ද්‍රව්‍ය ජාවාරම් කරන ජාවාරම්කරුවන්ට අභියෝගයක්, ඒ නිසා විවිධ ප්‍රශ්න ඇති කරවනවා. පුනරුත්ථාපනය වන අයට විවිධ හිංසා කරනවා. නිසි පරිදි ආහාර, නවාතැන් ස්නානය කිරීමේ පහසුකම් නොලැබෙන බවට විවිධ චෝදනා කරනවා. ඒවා සම්පුර්ණ වශයෙන් අසත්‍යයයි. කිසිම පුනරුත්ථාපනලාභියෙකුට හිංසාවක් සිදු වන්නේ නැහැ. ඒ ආකාරයේ සිද්ධි වෙලා තිබෙනවා නම්, නිලධාරීන්ට එරෙහිව පියවර ගෙන තිබෙනවා. වත්මන් පුනරුත්ථාපන ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සදහා ජනාධිපතිතුමාගේ හා අධිකරණ අමාත්‍යතුමා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් ලබා දෙන සහයෝගය අගය කරන බවද කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
අධිකරණ අමාත්‍යාංශයේ මාධ්‍ය උපදේශක ආචාර්ය හර්ෂ බී. අබේකෝන් මහතා ද මෙහිදී අදහස් පළ කළේය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න