• අල්ලස් දූෂණ කොමිෂන් සභාව සඳහා සාමාජිකයන් පත්කිරීම ඉදිරි දින කිහිපය ඇතුළතදී.
  • අල්ලස දූෂණය මර්ධනයට අවශ්‍ය පනත් හතළිහක් පාර්ලිමේන්තුවේ සම්මත කළා
    අධිකරණ ඇමති පවසයි

ඉහත සඳහන් කොමිසමේ සාමාජිකයන් පත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු පිළිබඳ තමන් කළ විවේචනයපිළිබඳව එම සභාව තමන්ව ඊට කැඳවා කළ සාකච්ඡාවේ දී ඔවුන් මේ පිළිබඳ දැනුම් දුන් බව අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක අමාත්‍ය ජනාධිපති නීතියඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය අධිකරණ ඇමතිවරයා මෙය බව සඳහන් කළේ ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය නිමිත්තෙන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඊයේ 9 කොළඹ ජානකී හෝටලයේ සංවිධානය කර තිබූ උත්සව සභාව අමතමින්.
එම සභාව අමතමින් අධිකරණ ඇමතිතුමා තවදුරටත් මෙසේ සඳහන් කළේය.දූෂණ විරෝධී පනතින් සියලු දූෂණ නතර කරන්න බැහැ බැහැ. දූෂණය රට පුරා පැතිරිලා තියෙන්නේ එය වළක්වන්න නීති ගෙනා යුතුයි කියන එක පොදුවේ කවුරුත් පිළිගන්න කාරණයක්.1994 දේශපාලන බලය ලබාගන්න මූලිකම වූ පොරොන්දුව වුණේ දූෂණය වළක්වන බවට දුන් පොරොන්දුව.එම රජය බලයට පත්ව මුලින්ම සම්මත කරපු පනත තමයි අල්ලස්ස හෝ දූෂණ වැළැක්වීමේ පනත.අද වෙනකොට අවුරුදු විසි නවයකට පස්සේත් ඔබ අප බලාපොරොත්තු වූ අභිමතාර්ථය එම පනතින් ඉටුවෙලා නැහැ කියන එක පැහැදිලියි.දූෂණ විරෝධය ගැන දිගටම අපි කතා කළා. ඒ වගේම 2004 එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියට අප අත්සන් කළා. එහි පාර්ශ්වකාර රටක් ලෙස 2015 දී එම පනත සංවර්ධනය කරන්න අපි බාර දුන්නේ සරත් ජයමාන්න මැතිතුමාට.ඔහු එය ඉතා ඕනෑකමින් ඉෂ්ට කරමින් සිටියත් 2017 ඇති වූ දේශපාලන පෙරලියත් සමග ඒ ඉටු කරන්න බැරිව ගියා.ජනතා අරගලයෙන් පසුව කවුරුත් රට භාර ගන්න ඉදිරිපත් නොවුන වෙලාවක තමයි අපි ආණ්ඩුකරණය භාරගත්තේ.මා ඇමැති ධුරය භාරගෙන පැය විසි හතරක් ඇතුළත විසිඑක් වැනි සංශෝධනය ගෙනාවෙ. හුදෙකලා පණතකින් එය කළ නොහැකි නිසා තමයි සමස්ත පද්ධතියෙන්ම දූෂණය පිටුදැකීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේ.එය බොහොම විවාදාත්මක වුණා.
එම සංශෝධනයෙන් රටේ නීති පද්ධතියේ බරපතළ වෙනස්කම් ඇතිවුණා. එම සංශෝධන නිසා තමයි හිටපු ජනාධිපතිවරු දෙදෙනෙකුට එරෙහිව නඩු තීන්දු දෙන්න ශ්‍රේෂ්ඨාධිකරණයට පුළුවන්කම ලැබුණේ.1978 ජේ.ආර්ජාවර්තන ජනාධිපතිතුමාගේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයෙක් මිනිහෙක් මැරුවත් සමූල ඝාතනය කළත් උසාවි ගෙනියන්න බැරි තත්ත්වයක් තිබුණේ.නමුත් මූලික අයිතිවාසිකමක් කඩ කිරීමක් සම්බන්ධයෙන් නඩු පවරන්න බලයක් අපි ශ්‍රේෂ්ඨාධිකරණයට දීපු නිසා තමයි මෙම නඩු තීන්දු දෙන්න හැකියාව ලැබුණේ. අද වන විට හිටපු ජනාධිපතිවරු හතර දෙනෙකුට විරුද්ධව නඩු තීන්දු දෙන්න ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාව ලැබිලා තියෙනවා
රටේ සමස්ත යාන්ත්‍රණය ස්වාධීනව හැඩගැස්වීමට අවශ්‍ය කරන ස්වාධීන කොමිෂන් සභා නවයක් අපි ස්ථාපිත කරල තියෙනවා.ඒ වගේම ස්වාධීන අධිකරණ සේවා කොමිසමක් ඇතිකරලා තියෙනවා. වංචාව දූෂණය වැඩි වශයෙන් සිද්ධ වෙන්නේ ප්‍රසංපාදක ක්‍රියාවලියේදී අපි විසිඑක්වැනි සංශෝධනයෙන් ප්‍රසම්පාදන කොමිසම යළි බලාත්මක කළා.නමුත් එම ක්‍රියාවලිය අනුව මිලදී ගැනීමට පෙර තමයි ප්‍රසම්පාදන කොමිසමෙන් වංචා වැළැක්වෙන්නේ ඉන්පසු සිදුවිය හැකි වංචා වැළැක්වීමට තමයි විගණන කොමිසම ඇති කළේ. ඒ අනුව විසි එක්වෙනි සංශෝධනයෙන් අපි දූෂණය වැළැක්වීමට අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කරලා තියෙනවා. ඊට බාධා තිබුණා දැන් ඒවා ගැන කතා කරලා වැඩක් නැහැ. මැතිවරණ ක්‍රමය වෙනස් විය යුතුයි කියන එක තමයි ඊළඟ කටයුත්ත උනේ අපි කිහිප වතාවක් උත්සාහ කළා. නමුත් අවාසනාවකට අපිට තවම එය කරගන්න බැරිවුණා.අපි දහනම වැනි සංශෝධනය ඉදිරිපත් කරපු ගමන්ම විසි වැනි සංශෝධනයත් ඉදිරිපත් කළා.නමුත් බලාපොරොත්තු නොවුන විදිහට ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවාලීම නිසා එම කටයුත්ත කරගන්න බැරි වුණා.ඒ සඳහා දැනට අපි උත්සාහයක් දරමින් සිටිනවා කෙසේ වෙතත් මුදල් තියෙන උදවිය විවිධ ජාවාරම්කාරයෝ ව්‍යාපාරිකයො තමයි තීන්දු කරන්නේ අපේ රටේ නායකයෝ වෙන්නේ කවුද කියලා ඒකෙන් මොකද වුනේ රටට ආදරේ කරන උගතුන් බුද්ධිමතුන් වෘත්තිකයෙන් දේශපාලනයෙන් ඈත් වුණා.ඒ නිසා තමයි මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත අපි ගෙනාවේ විපක්ෂයේත් ආණ්ඩු පක්ෂයේත් විරෝධය මැද. පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සභාව අල්ලස් දූෂණ කොමිෂන් සභාව සඳහා සාමාජිකයින් පත් කරගැනීම අද හෙට තීන්දුවක් ගන්නා බව මම විශ්වාස කරනවා.මෙම කටයුත්තේදී ව්‍යවස්ථාදායක සභාව ප්‍රමාදවීම පිළිබඳව මම බරපතළ විවේචනයක් එල්ල කළා.ඒ සභාව පසුව මට එන්න කියලා කරුණු සාකච්ඡා කළා. ඒ නිසා අද හෙටම ඒ කටයුත්ත සිදු වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
වත්කම් හා බැරකම් නීතිය අපි ඉතා බරපතල නීතියක් ලෙස මේ සඳහා ඇතුළත් කරලා තියෙනවා තියෙනවා. රටක් දුර්වල වෙන්න රාජ්‍යාංශයේ දූෂණ පමණක් නොවෙයි පෞද්ගලික අංශයේ දූෂණ බලපානවා.එම නිසා දූෂණය වැළැක්වීම සඳහා පනත් හතළිහකට වැඩි සංඛ්‍යාවක් මේ වන විට පාර්ලිමේන්තුවට අපි සම්මත
කරලා තියෙනවා.අපේ රටේ දූෂණයට විරුද්ධව කතාකරන වෘත්තිකයින්ගේම කොටසක් තමයි එවැනි කටයුතු කරන්නේ දුෂණය සහ එය වළක්වන ආකාරය සම්බන්ධයෙන් පාසල් අධ්‍යාපනයට ද එම විෂය ඇතුලත් කළ යුතුයි. ඊට අවශ්‍ය කටයුතු සිදුවෙමින් තියෙනවා. සමස් අධ්‍යාපන ක්‍රමය ගැන සම්පූර්ණ ප්‍රතිසංස්කරණ මාලාවක්ද අපි ලබාදී තියෙනවා.
රටේ මේ තරම් විශාල විදේශ විනිමය අර්බුදයක් මතුවීමට සහ රට බංකොලොත් වීමට දේශපාලඥයන් නිලධාරින් පමණක් නොව මෙරට මහජනතාවද වගකිවයුතුයි. ඡන්දය දෙන්නේ සහන දෙනවනම් පමණයි.මේ මානසිකත්වය තියෙනකම් අපිට මේ රට හදන්න බැහැ. මේ රටේ දැන් යම් වෙනසක් වෙලා තියෙනවා. ප්‍රධාන පක්ෂ දෙකට තිබුන ස්ථාවර ඡන්ද පදනමක්.ඒක සමහරවිට සීයට තිහක් හතළිහක් අතර වගේ ප්‍රමාණයක පැවතුණා.නමුත් හැම මැතිවරණයකදීම ජයග්‍රහණය තීන්දු උනේ එම පක්ෂයට තිබුණු ස්ථාවර ඡන්ද ප්‍රතිශතය අනුව නොවේ පාවෙන ඡන්ද ප්‍රතිශතය අනුවයි.අද එම පාවෙන ඡන්ද ප්‍රතිශතය සියයට හැටත් හැත්තෑවක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. එය දියුණු ලක්ෂණයක් එය සුභවාදී ප්‍රවණතාවයක්. කොළඹ ජානකී හෝටලයේ පැවැති මෙම උත්සවය සඳහා සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ සභාපති කරූ ජයසූරිය සර්වෝදය සභාපති වින්‍යා ආරියරත්න ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න.පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් රාශියක් සහභාගී වී සිටියහ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න