අවිහිංසාව හා ප්‍රජාතන්ත්‍රවාදී ජීවන රටාවට හුරු කිරීම සඳහා මහත්මා ගාන්ධිගේ අධ්‍යාපන දර්ශණයේ මූලික කරුණු කිහිපයක් තිබේ. පෞරුෂය සඳහා දියුණු කල යුතු හිස, අත හා හද (3H) සංකල්පය මේ මොහොතේ සිහිපත් වනුයේ ඉහත කී අංශ සමතුලිතව ප්‍රගුණ කල මෙරට කීර්තිමත් පවුලක සාමාජිකයෙක් 05 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයකු ලෙස දිවුරුම් දීමත් සමඟ එකම පවුලක ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරුන් පස්දෙනෙකුගෙන් සමන්විත වීම මෙරට නීති ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන බැවිනි.
ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝවිට අප අසා දැක ඇති සුලභ සිදුවීම වන්නේ පරම්පරාවෙන් පරම්පරාවට උරුමකම් පෑ දේශපාලන පවුල් ගස්ය. එමෙන්ම තම දේශපාලන බලපුළුවන්කාරකම් උපයෝගී කරගනිමින් එවැනි පවුල්වල බොහෝ දෙනා කැපී පෙනීමට උත්සුක වනුයේ මැරකමින් අවි ආයුධ හරඹයන්ගෙන්ය. නමුත් එසේ නොවන පවුල් ගසක් ගැන සටහන් තැබීමට සිදුවූයේ එය දුටුවන් සිත් සතුටු කරවන ඇසුවන්ගේ සවන් සතුටින් පුරවාලන ‍‍ඓතිහාසික කතන්දරයක් වන බැවිනි.
ලංකාවේ වත්මන් අධිකරණ අමාත්‍යතුමන් වන ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ පවුලේ බිරිඳ, වැඩිමහල් පුතු සහ බාල පුතුගේ බිරිඳ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරුන් ලෙස ශ්‍රී ලංකා නීති ඉතිහාසයට එක්ව සිටි නමුත් දෙසැම්බර් 05 වැනිදා බාල පුතණුවන් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයකු ලෙස දිවුරුම් දීමත් සමඟ රාජපක්ෂ පවුලේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයින් සංඛ්‍යාව පස්දෙනෙකි. ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්ගේ සිට මැරකමින් වංචාවෙන්, දූෂණයෙන් ඉදිරියට ඒමට වෙර දරද්දී රඛිත, මුදිත, ඹ්ෂධී වන තම දරුවන් නීති ක්ෂේත්‍රයේ ඉහළට ඔසවා තබමින් විජයදාස රාජපක්ෂ මහතා ආදරණීය පියකු ලෙසත්, මාලා රාජපක්ෂ මහත්මිය මවක ලෙසත් සිය යුතුකම් උපරිමයෙන් ඉටු කර තිබෙන බව කීම අතිශොක්තියක් නොවේ. දුසිරිත දනන් දෙන ඔවා වැද්දන් කියන බණ වැනි යැයි කියමන ලෝකෝපකාරයේ ලියවී ඇති නමුත් එය විජයදාස රාජපක්ෂ පවුලට අදාල නොවේ. ඔවාදෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට යැයි එම කවිපෙළේ මුල් පද පෙළ ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා නිසිලෙස අර්ථ ගන්වා ඇත.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා
ලංකා බැංකුවේ සේවයට එක්වෙමින් වෘත්තීය ජීවිතය ආරම්භ කරන ආචාර්ය විජයදාස රාජපක්ෂයන් කොළඹ විශ්ව විද්‍යාලයේ නීති උපාධිය හදාරා නීති විද්‍යාලයේ ( Attorney at Law) විභාගය සමත්ව 1984 වර්ෂයේ නීතිඥයෙකු ලෙස දිවුරුම් දෙනු ලැබීය. ඉන් අනතුරුව අඩුම සේවා කාලයකින් එනම් අවුරුදු 17 ක වෘත්තිය නීතිඥ ජීවිතයෙන් පසු 2001 වර්ෂයේ ලාබාලතම ජනාධිපති නීතිඥයෙකු ලෙස දිවුරුම් දෙනු ලබන්නේ ස්වකීය වෘත්තියෙහි නිපුණභාවය ප්‍රකට කරමිනි.
සිය තරුණ ජීවිතය තුළදී තරුණ නීතිඥ සම්මානය 1998 වර්ෂයේදී දිනා ගන්නා ආචාර්ය විජයදාස රාජපක්ෂයන් 2013 වර්ෂයේදී වෘත්තිකයන්ගේ සංවිධානය විසින් (OPA) ජීවිතයේ එක් වරක් වෘත්තිකයෙකුට ලබා දෙන APEX සම්මානය දිනා ගනු ලැබීය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබදව කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය සමත් වන විජයදාස රාජපක්ෂයන් කැලණිය විශ්ව විද්‍යාලයේ බෞද්ධ දර්ශනය පිළිබදව ආචාර්ය උපාධිය දිනා ගනු ලබන්නේ මෙරට වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන එකම ද්විත්ව ආචාර්ය උපාධිධාරියා බවට පත්වෙමිනි. ආචාර්ය විජයදාස රාජපක්ෂයන්හට Common Wealth විශ්ව විද්‍යාලයෙන් සම්මානිත ආචාර්ය උපාධියක්ද පිරිනමා ඇත.

එතුමන්ගේ බිරිද වන ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ මාලා රාජපක්ෂ මහත්මිය.
කැලණිය විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදනය පිළිබදව විශේෂ උපාධිය හිමි කරගත් ඇය නීති විද්‍යාලයේ නීති උපාධිය සමත්ව 1986 වර්ෂයේදී නීතිඥ වෘත්තියට පිවිසුනාය.
මෙම දෙපලගේ වැඩිමහල් පුතණුවන් වන ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ රඛිත රාජපක්ෂ
ලන්ඩන් විද්‍යාලයේ නීති උපාධිය ( L.L.B) උපාධිය හිමි කරගත් රඛිත රාජපක්ෂ ශ්‍රී ලංකා ලන්ඩන් වෙස්ට් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය ( L.L.M) ලැබීය. සිය පියා වු ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරය හොබවන සමයේ අධි නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන් රඛිත බණ්ඩාරණායක ජාත්‍යන්තර නීති අධ්‍යාපන ආයතනයේ අන්තර් ජාතික සබදතා පිළිබද උපාධිධරයෙකි.
මෙම දෙපලගේ බාල පුතණුවන් වන ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ මුදිත රාජපක්ෂ
එංගලන්තයේ Staffordshire විශ්ව විද්‍යාලයේ නීති උපාධිධරයෙකු වන මුදිත රාජපක්ෂ 2023 දෙසැමිබර් 05 වැනිදා අධි නීතිඥයෙකු ලෙස දිවුරුම් දෙනු ලැබුවේ සිය පියාණන් ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදීවීම දෛවෝපගත සිදුවීමක් වනවා ඇත.
බාල පුතණුවන්ගේ බිරිද වන ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ හෙෂ්නා උපසේන
මුදිත රාජපක්ෂයන්ගේ බිරිද වන ඇය Staffordshire විශ්ව විද්‍යාලයේ නීති උපාධිධාරිනියක වන ඇය ද මෙරට නීතිඥවරියක ලෙස දිවුරුම් දෙනු ලැබුයේ මාස කිහිපයකට පෙරදීය.
මෙම දෙපලගේ දියනිය වන උපේක්ෂා රාජපක්ෂ ( දියණිය)
ඇය ලන්ඩනයේ යුනිවර්සිටිහි නීති උපාධිධාරිනියක් වේ. මීට අමතරව Bukimhamshare විශ්ව විද්‍යාලයේ LLM පශ්චාත් නීති උපාධිය හදාරා ඇත.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න