එක්ව සංවිධානය කරනු ලබන ත්‍රිපිටක ධර්මය පිළිබඳ මූලික පාඨමාලාව 2024 ජනවාරි මස සිට අනුරාධපුර, අරිප්පු පාර නව ‘සංඝමිත්තාරාම සිල්මාතා පුහුණු අභ්‍යාස ආයතනයේදී පැවැත්වීමට නියමිතය.

මේ යටතේ සිල්මාතාවන්‌ වහන්සේලාගේ පාලි භාෂා ඥානය වර්ධනය කිරීම, පෙළ ග්‍රන්ථාවලිය පිළිබඳ මූලික ඳනුම හා අවබෝධය පුළුල්‌ කිරීම, පෙළ දහම පිළිබඳ දානුම හා චිනයානුකූල පුහුණුව පැවිදි දිවියට අවශ්‍ය බව පැහැලිදි කිරීම හා බෞද්ධ දර්ශනයෙහි මුඛ්‍ය පරමාර්ථ සාධනයට උනන්දු කිරීම ආදී කරුණු කෙරෙහි මූලිකත්වය දෙමින්‌ ත්‍රිපිටකය හඳුන්වාදීම, පාලි භාෂාව පිළිබඳ මූලික දැනුම, භික්ෂුණි විනය ශික්ෂා හැඳින්වීම, සතර පරමාර්ථ ධර්ම හැඳින්වීම, සූත්‍ර ධර්ම අධ්‍යයනය, චරිත කථා අධ්‍යයනය, පාඨමාලාව අවසාන පරීක්ෂණය ආදී වශයෙන්‌ පැය 219 ක්‌ පුරා පැවැත්වෙන මෙම පාඨමාලාවට එක්‌ දිස්ත්‍රික්කයකින්‌ ගරු සිල්‌ මෑණියන්‌ චහන්සේලා 5 නම බැගින්‌ තෝරා ගැනීමට නියමිතය.

එහිදී වයස අවුරුදු 25 – 45 ත්‌ අතරවීම, පිරිවෙන්‌ අවසාන විභාගය හෝ අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගය ඳක්වා අධ්‍යාපනය හදාරා තිබීම, පැවිදිව වසරක කාලයක්‌ සම්පූර්ණ කර තිබීම හා මූලික සම්මුඛ පරීක්ෂණයකින්‌ සුදුසුකම්‌ ලැබීම මෙම පාඨමාලාව සඳහා සහභාගිවීමට සුදුසුකම්‌ ලෙසින්‌ සලකනු ලබයි. පාඨමාලාව සඳහා සහභාගි වන මෑණියන්‌ වහන්සේලාට නේවාසික හා ප්‍රත්‍ය පහසුකම්‌ සපයනු ලබන අතර පාඨමාලාව සාර්ථකව අවසන්‌ කිරීමට මනා සෞඛ්‍යය තත්ත්වයන්‌ සිටීම ද සුදුසුකමකි.

ත්‍රිපිටක ධර්මය පිළිබඳ මූලික පාඨමාලාවට අයඳුම්පත්‌ දිස්ත්‍රික්‌ සිල්මාතා සංගමයේ ගරු ලේකම්‌ මෑණියන්‌ වහන්සේලා වෙතින්‌ ( එක්‌ දිස්ත්‍රික්කයෙන්‌ 5 නමක්‌ පමණකි. ) 2023.12.01 දිනට පෙර කොමසාරිස්‌ (සංවර්ධන), බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව, අංක 135, ශ්‍රීමත්‌ අනගාරික ධර්මපාල මාවත, කොළඹ 07 ලිපිනයට ‘යොමු කරන මෙන්‌ කාරුණිකව දන්වමි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න