සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යයන්  වඩාත් ජනතාවාදී මුහුණුවරකින් දියත්කිරීමේ නව වැඩපිලිවෙලක් සම්බන්ධ සාකච්ජාවක්.

නව සෞඛ්‍ය ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා  අද (2023.11.20) පෙරවරුවේ  සෞඛ්‍ය අමාත්‍යාංශයේදී වැඩ ආරම්භ කලේය. වැඩ ආරම්භ කිරීමෙන් පසු ,ගරු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සමග සුහද පිළිසඳරකට එක්විය.

නව ලේකම්වරයා වශයෙන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අනාගත  වැඩ පිලිවෙල සම්බන්ධයෙන් “අලුත් සුව පුවත් “ කල විමසුමකට ප්‍රතිචාර වශයෙන් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා  ප්‍රකාශ කලේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යයන්  වඩාත් ජනතාවාදී මුහුණුවරකින් දියත්කිරීමේ නව වැඩපිලිවෙලක් සම්බන්ධයෙන් වන කතිකාව තුල  ගරු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු සියළු පාර්ශ්ව සමග සාකච්ජා කර රට හා ජනතාව වෙනුවෙන් ලබා දිය හැකි උපරිම සේවාව ලබාදීමට තමා කැප වන බවයි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න