ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවයක් ඇති කිරීමට මේ ඇරඹුම සමත් විය හැකි බව විද්‍යාලයේ විදුහල්පති පවසයි.
වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය පවසන්නේ රටක දරුවන්ට සලකන ආකාරයෙන් ඒ රට ගැන එහි හැදියාව ගැන අදහසක් ලබා ගත හැකි බවයි.
පසුගිය වසර දෙකක ශ්‍රී ලංකාවේ දරුවන් 17 දෙනෙක් කෲර ලිංගික අතවර හා හිංසනයට පත්කර මරා දමා තිබේ.ඒ කාලය තුල එංගලන්තයේ එවැනි සිදුවීම් 02 ක් වාර්තා විය.එරට ඒ දෙදෙනාට එරෙහිව නඩු පවරා ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබා දී ඇතත් ශ්‍රී ලංකාවේ දරුවන් 17 දෙනාට එරෙහිව හරිහැටි පවරා නැතැයි වෛද්‍ය තුෂ් වික්‍රමනායක පවසයි.
හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයේ මේ වැඩසටහන ක්‍රියාත්මක වීම සමග දරුවන්ට ඔවුන්ට එරෙහිව සිදුවන හිංසන වලදී නිසි ලෙස පැමිණිලි කිරීමේ අවස්තාව ලැබේ.
අධ්‍යාපනය ලැබීමේ අයිතිය ශ්‍රී ලංකාවේ දරුවන්ගේ අයිතිය ක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වේ නැතැයි වෛද්‍ය තුෂ් වික්‍රමනායක අනාවරණ කරයි.
අද සිට දිනක් ලිංගික හිංසනයට හා හිංසනයට විරුද්ධව දරුවන් දැනුවත් කිරීම වෙනුවෙන් වැඩමුළුව සුමංගල විද්‍යාලයේ ඇරඹේ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න