වෙල් උණ ,මී උණ , ලෙප්ටොස්පයිරෝසිස් මෙයයි. මීයන්ගේ මුත්‍රා සමග මී උණ බැක්ටීරියාව බාහිර පරිසරයට එයි.කුඹුරු,දිය කඩිති,පතල් ආදියේ මෙම අවදානම ඇත. මහ කන්නයේ අබියස මාර්තු මැයි , සැප්,ඔක්, දෙසැම්බර් මේ රෝගය වැඩිවන බව පෙනේ. දැනට 7000 ක් රෝගින් වාර්තා වේ . වසරකට මරණ 125. රත්නපුර ගාල්ල්ල මාතර කළුතර වැඩියි. ගම්පහ ,කුරුණාගල ආදියේත් යම් වැඩිවීමක් පෙන්නුම් කරයි. ගොවීන්ට අවදානම වැඩියි. රත්නපුරයේ පතල් ආශිත අය මෙන්ම වැලි ගොඩ දමන අය අතරින්ද බහුලව වාර්තා වේ. මේ දිනවල ගංවතුර හේතුවෙන් සමහර ප්‍රදේශ වල යම් වැඩිවීමක් තිබේ. ගෘ හණියන්ට වැලදෙන්නේ කීර කොටු ආදියෙන්. වෙල්වල සරුංගල් යවන දරුවන්, විනෝද ගමන් වලදී මඩ ආශ්‍රිතව කටයුතු කරන අය. 20- 60 අතර වයසේ පිරිමි අය බහුලව ගොදුරුවන බව දාබරේරා මහත්මිය කියයි. උණ තිබේනම්,මස් පිඩු වේතනාව , තිබේනම් මඩ ආශ්‍රිතව ,දිය කඩිති ආශ්‍රිතව කටයුතු කලේ නම් මී උණ විය හැක. රෝගීන්ගෙන් 05% පමණ නිසි වේලාවට ප්‍රතිකාර නොලබා මිය යති. වසරකට 8000 ක් පමණ රෝගීන් වාර්තා වේ. කුඹුරු ආශ්‍රිතව කුණු දැමීම මී ගහණය වැඩි වීමට හේතුවක්. පා වල තුවාල තිබේනම් අවදානම්. කුඹුරේ වතුරින් මුහුණ කට සේදීමෙන් වැලකීම, වතුරට බහින විට ආරක්ෂිත උපකරණ පාවිච්චි කරන්න. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා හරහා වැලැක්වීමේ ප්‍රතිජීවක ඖෂධ ලබා ගත යුතුය. ගංවතුරට ලක්වූ ප්‍රදේශ වලටත් ප්‍රතිජීවක ඖෂධ ලබාදේ. රෝහල් ගත වීම ප්‍රමාද වීම නිසා මරණ සිදුවේ. වගා කටයුතු වලදී සති 6 ක් නම්, අස්වනු නෙලන කාලයේ සති දෙකක් නම් සෑම සතියකටම වරක් ඖෂ්ධධ ලබා ගත යුතුයි.
මේ දිනවල උණ රෝග ලක්ෂණ සහිත රෝග ගණනාවක් ව්‍යාප්ත වේ. මී උණ පෙණහළු වලට බලපාන බව පසුගිය කාලය තුල බෙහෙවින් කැපී පෙනින. තද උණ , තද හිසේ කැක්කුම , මස් පිඩු වේදනාව, කොන්දේ අමාරුව, මබ නොගලන ඇස් රතුවීම වමනය ,බඩ එළිය යාම ලක්ෂණ විය හැක. කාලය සමග ඇස් කහ පාට වීම ,මුත්‍රා යාම අඩුවීම ,මුත්‍රා පාට වෙනස්වීම සිදුවිය හැක. සමාන්‍ය උණක් ලෙසත් ඇතැම් විට සියලු ඉන්ද්‍රියයන්ට බලපාන රෝගයක් විය හැක ,වකුගඩු, අක්මාව ආදියට බලපායි. ඖෂධ මගින් සුව කර නොගත් විට සිරුරේ ප්‍රතිශක්තිය මගින් කෙමෙන් සුව වීමේදී මේ ලක්ෂණ මතු වීමට හැකිය. ගොඩ වෙදකම් කරමින් නොසිට කෙලින්ම වෛද්‍ය ප්‍රතිකාර ගන්න. වෛද්‍ය කෝලිත – ඒ සමග මාධ්‍ය හමුව නිමාවේ. දුරකතන අංක සහ ඉදිරිපත්කිරීම් දැන් ලබාදෙමු.