ලෝක කාන්තා දිනය අවසන් වී පැයයි විනාඩි දහසය යි දැන්. කාන්තාව ලෝකය පිළිබඳ ඒ තරම් දැනුමක් මට නැ.
ඒත් මා සිත් ගත් කාන්තා චරිතයක් තමයි සාවිත්‍රී කියන්නේ. ඒ නමින් හිටිය යෙහෙළියක් ද මට හිටියා ඉන්දියවේ.
ඉතින් මහාභාරතයේ සඳහන් සාවිත්‍රී පිළිබඳ කථාව මෙහෙම තමයි එන්නේ.

මහාභාරතය රාමායණයට පසුව ලියවුන කෘතියකි.
ආදිකාව්‍යං රාමායණම්, ආදිකවි වාල්මීකි යන ප්‍රකාශයෙන් ද පැහැදිලි වන්නේ රාමායණය මුල් කෘතිය වන බව ය.
රාමායණයේ ශ්ලෝක විසිහතරදහසක් වන අතර මහාභාරතයේ ශ්ලෝක ලක්ෂයකි.

අපරදිග සුප්‍රසිද්ධ මහාකාව්‍ය දෙකක් වන ඉලියඩ් (lliad) හා ඔඩිසි (odyssey) දෙක එක්කළ විට ඊට වඩා දසගුණයක් විශාලත්වයෙන් ද රාමායණය මෙන් සතර ගුණයක් විශාල වූ කෘතියකි මහාභාරත ය. එමෙන් ම මහාභාරතයේ උපාඛ්‍යාන දහයකි. උපාඛ්‍යාන යනු අතුරු කථා යන්න ය.

එම උපාඛ්‍යාන අතර සාවිත්‍රී උපාඛ්‍යානයට හිමි වන්නේ විශේෂ ස්ථානයකි.
පඤ්චපාණ්ඩවයන ගේ පොදු බිරිඳ දෞපදී වේ. ඈ කෙරෙහි පවතින ගුණ පිළිබඳ යුධිෂ්ඨීර සඳහන් කරයි.

එබඳු වූ ගුණ ඇති වෙනත් කාන්තාවක් නොදකින බව කියයි. එය ඇසු මාර්කණ්ඩේය ඍෂිවරයා පෙර සිටි සාවිත්‍රී නම් කාන්තාව පිළිබඳ කරන පැහැදිලි කිරීමක් සාවිත්‍රී උපාඛ්‍යාවේ සඳහන් වේ.

ඈ අශ්වපති රජ ගේ දියණිය යි. වන වාසයේ සිටියි. සාවිත්‍රී දෙවඟන ගේ වරමකින් ලැබූ ඈ විවාහ කර ගැටීමට කවරෙක්වත් ඉදිරිපත් නොවන්නේ ඈ තේජසින්, රූමත් බවෙන් යුතු නිසා ය.

දෙමාපියනට දැනුම් දී තමාට සුදුසු ස්වාමියකු සොයා වනයෙන් වනයට අසපුවෙන් අසපුවට යන ඈ සත්‍යවාන් නම් තරුණයා දැක ඔහු පිළිබඳ ස්නේහයෙන් බැඳී ස්වාමියා බවට ඔහු නිශ්චය කොට නැවත තම අසපුවට පැමින සත්‍යවාන් පිළිබඳ දෙමාපියන් දැනුවත් කරයි.

ඒ අසා සිටි නාරද ඍෂිවරයා පවසන්නේ සත්‍යවාන් විවාහයට සුදුසු වුවත් ඔහු අල්පායුෂ ඇත්තකු බව ය. එහෙයින් වෙනත් අයෙක් විවාහය සඳහා තෝරාගැනීම සුදුසු බව ය.

සාවිත්‍රී කියන්නේ මෙබඳු ප්‍රකාශයකි.
සකෘදංශෝ නිපතති
සකෘත් කන්‍යා ප්‍රදීයතේ
සකෘදාහ දදානීති
ත්‍රීන්න්‍යේතානි සකෘත් සකෘත් 2.26
ලෝකයේ එක්වරක් පමණක් සිදුවිය යුතු කරුණූ තුනකි. දාදු කැටය එක් වරක් පමණක් වැටෙයි. කන්‍යාව එක් වරක් පමණක් දෙනු ලැබේ. යමක් දෙනවා යැ යි කිවේනම් එය දිය යුතු ය . එ බැවින් දෙමියි යන්න එක් වරක් පමණක් කියයි.

එමෙන් ම ඈ මෙබඳූ ප්‍රකාශයක් ද කරයි.
දීර්ඝායුරථවාල්පායුඃ
සගුණෝ නිර්ගුණෝ’පි වා
සකෘද් වෘතෝ මයා භර්තා
න ද්විතීයං වෘණෝම්‍යහම්. 2.27

දීර්ඝායුෂ ඇත්තේ හෝ නැත්තේ වේවා. ගුණ සහිත හෝ රහිත වේවා. මා විසින් එක් ස්වාමියකු තෝරාගන්නා ලදි. දෙවැන්නකු තෝරා නො ගනිමි.

ඈ සත්ත්‍යවාන් විවාහ කරගනියි. එහෙත් නාරද ඍෂිවරයා පැවැසූ දෙය එනම් අද දින සිට වසරක් සම්පූර්ණවන දින සත්‍යවාන් මියයන බව නිතර සිහි කරයි.

වසරක් සපිරෙන්න දින හතරකට කලින් සාවිත්‍රී උග්‍ර තපසක් අරඹයි. නියමිත දින සත්‍යවාන් සමඟ වනඵල රැගෙන ඒවට වනගත වෙයි.

එහිදි ඇතිවන හිසේ අමාරුවකින් සත්ත්‍යවාන් ඇගේ උකුලේ හිස තබා නිදාගනියි. නියමිත වෙලාවේ යමයා පැමිණ සත්‍යවාන් ගේ ප්‍රාණය රැගෙන යයි. සාවිත්‍රීය ද ඔහු පසුපස ධාර්මික කතා කියමින් පැමිණෙයි.

ඈ පිළිබඳ පැහැදෙන යමයා සත්‍යවාන් ගේ ආත්මය හැර වෙන ඕනෑම දෙයක් අයදින මෙන් ඉල්ලා සිටියි. බුද්ධිමත් සාවිත්‍රී ද්‍යුමත්සේන රජ එනම් සත්‍යවාන් ගේ පියා සාල්වරජු වශයෙන් පත්වීම ද ඔහු ගේ දෑස් ප්‍රකෘතිමත් වීම ද, සත්‍යවාන් යුවරජ වීම ද, සාවිත්‍රීයට පුතුන් සියයක් ලැබීම ද, අශ්වපති රජ එනම් තම පියාට පුතුන් සියයක් ලැබීම ද යන වර අයදියි.

බුද්ධිමත් සාවිත්‍රී ගේ වර ලබාදෙන යම සත්‍යවාන් ද මරණින් නිදහස් කරයි.
මෙය සාවිත්‍රී උපාඛ්‍යානයේ එන සරල කථාව ය. එහෙත් මේ කථාවේ ගේහසිත ප්‍රේමය, පතිව්‍රතාව, කර්මය හා එහි විපාක ආදි බොහෝ දේ පිළිබඳ සඳහන් වේ.

ස්වාමියා ගෙන් තොර ව වෙන කිසිවක් අවැසි නොවන බව ඈ ප්‍රකාශ කරන්නේ මෙසේ ය.

න කාමයේ භර්තුවිනාකෘතා සුඛං
න කාමයේ භර්තුවිනාකෘතා දිවම්
න කාමයේ භර්තුවිනාකෘතා ශ්‍රියං
න භර්තුහීනා ව්‍යවසාමි ජීවිතුං. 5.53
ඈ කියන්නේ ස්වාමියා ගෙන් තොර සැපතක් මෙන් ම දෙව් ලොවක්, සමෘද්ධියක් මෙන් ම ජීවත්වෙන්නට ද කැමැත්තක් නොමැති බව ය.

අදටත් ඉන්දියාවේ සාවිත්‍රී, සීතා, දෞපදි ආදි නම් ඇති කාන්තාවන් ඉන්නවා. මහාභාරතය, රාමායණය ආදි සම්භාව්‍ය කෘතිවල ආභාසය භාරතීය සමාජයට බලපා ඇත්තේ ඒ ලෙසට ය.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න