අසාර්ථක එළැඹීම් හේතුකොටගෙන විචාරශීලී සමාජයක දැක්මක් නැති තැන ගොඩනැගෙන්නේ අයුක්තියේ මූලධර්මයයි.
ඒ නිසා දිනෙන් දින මේ රටේ යුක්තිය මැරෙමින් දියවෙමින් කානුදිගේ දියවී යන තත්ත්වයක් දකින්නට ලැබෙනවා.
බලය අත්පත් කරගැනීමේ දේශපාලනයට අනුගත වන සමාජයක් මතු වන්නේ එවැනි පරිසරයක් නිසයි.
සංචාවිරාණීය සමාජයක් ගොඩනැගී ඇති පරිසරයක් තුළ අන්තේවාසිකයකු විම හැර ඒ සඳහා පවතින පාදඩ දේශපාලන පක්ෂවලට කඩේ යෑමේ අභිලාෂයන් මහජනතාව තුළ දිගු වෙමින් යන තත්ත්වයක් මතුවෙනවා.
ජනතා අභිලාෂයන් හා යුක්තිය ඉටු කරගැනීමේ මාවතක් සඳහා ප්‍රජාව යොමු විය යුත්තේ නීතියේ ආධිපත්‍ය බිඳ වැටෙන තැන ප්‍රජාතන්ත්‍රවාදයට පැවැත්මක් නැති බව ලංකාවේ ජනතාව කොතෙක් දුරට තේරුම්ගෙන තියෙනවාද කියන ගැටලුව මතුවෙන සුළුයි.
හේතුව නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම සඳහා ප්‍රජාවගේ දායකත්වය ඉතාම වැදගත්.
ඒ සඳහා ප්‍රජාවට නීතිය පිළිබඳ කිසියම් දැනුමක් අවබෝධයක් හා අධිකරණයට අදාළ තොරතුරු පිළිබඳ දැනගැනීමේ අවකාශය පොළඹවන සුලු අධ්‍යයන වැඩසටහන් ගොනුවෙන්න ඕන.
ඒ සඳහා සංවිචාරණීය සමාජයක් තුළ එවැනි පරිසරයන් සමාජයේ විවිධ කොට්ඨාශවලින් ගොඩනැගෙන සුළුයි.
ස්වාධීන අධිකරණයක් පැවතීම අත්‍යවශ්‍ය බව ඔබගේ යටිහිත දන්නවා.
ඒ වගේම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීමේ බලයත් ව්‍යවස්ථාව කෙටුම්පත් විභාග කිරීමේ බලයත් ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බව ඔබ දන්නා කරුණක්.
නමුත් මේ තත්ත්වය ජනතාවගේ පැත්තෙන් දැනුම අවබෝධය හා ක්‍රියාශීලී මෙහෙයුම් සඳහා ප්‍රජාව උත්තේජනය වන්නේ සංවිචාරණීය සමාජයක් ගොඩනැගී තියෙනවා නම් පමණයි.
ලංකාවේ බොහෝ නඩු තීන්දු මගින් ව්‍යවස්ථාව හා විශේෂයෙන්ම පුරවැසි අයිතීන් ආරක්ෂා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළ අවස්ථා අපමණයි.
ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයට යම් සීමාවන් පවතින බව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිශ්චයකාරවරුන් විවෘත අධිකරණයේ ප්‍රකාශ කරන අවස්ථාත් අප්‍රමාණව තියෙනවා.
අප රටේ නීතියේ පාලනය බිඳ වැටීම ප්‍රකාශ වන අවස්ථා ඕන තරම් දකින්න පුළුවන්.
ආයුධ පෙන්වීම සඳහා යැයි කියමින් පොලිසිය විසින් ඇතැම් චූදිතයන්ව සැකකරුවන්ව ගෙන ගොස් පලායෑමට උත්සාහ දැරීමේ දී ඇති වූ වෙඩි හුවමාරුවක් තුළ මිය ගියා යැයි පවසන අවස්ථා ඉතිහාසය තුළ අපමණවත් අප දන්නා කරුණක්.
උතුරේ හා දකුණු අතුරු දහන්වීම් හා මරාදැමීම් පිළිබඳව පවතින චෝදනා විවිධ උද්ඝෝෂණ හා ජන අරගලවලදී මේ තත්ත්තවය මනාව විවිධ ආකාරයෙන් ඉස්මතු වූ බව ඔබ දන්නවා.
රතුපස්වල ජලය ඉල්ලා කළ උද්ඝෝෂණයේදී හලාවත ධීවරයින්ගේ ඉන්ධන ගැටලුවේදී සේවක අර්ථසාධක අරමුදලට අදාළව කටුනායකදී කළ උද්ඝෝෂණවලදී වෙඩි තබා ඝාතනය කිරීම් ලංකා ආණ්ඩුවේ හමුදා අතින් සිදුවුණු බව ඔබ දන්නා කරුණුයි.
නීතියේ පාලනය බිඳ වැටීම මෙන්ම හෑල්ලුවට ලක් කිරීම ඒ තුළින් සිදුවෙලා නැද්ද?
නමුත් එවැනි තත්ත්වයන් තුළ බොහෝ දුරට බහුතර සමාජ සංස්ථා නිහඬව ඉන්නේ ඇයි?
සමාජය සංවිචාරණශීලී වී නොමැති නිසයි.
ඒකට බලපාන තවත් හේතු අප්‍රමාණව තියෙනවා.
නීතිය පිළිබඳව පසාල් අධ්‍යාපනය තුළින් අවබෝධයක් නොලැබීම ඉන් ප්‍රධාන හේතුවක්.
මේ වන විට බොහෝ වෙලාවට සමාජයේ සිදුවන විරෝධතාවලදී ඊට එරෙහිව සිදු කරනු ලබන දැඩි මර්දනයත් නීතියේ පාලනය හැල්ලුවට ලක් කිරීමක් බව ඔබට තේරුම්ගියත් ඔබ පුරවැසියකු හැටියට නොදන්නා සේ ඉන්නා බව පැහැදිලි නැද්ද?
කෝප් කමිටු, කෝපා කමිටු, විගණකාධිපති වාර්තා හා මාධ්‍ය මගින් හෙළිදරව් කරන දූෂණ අවස්ථා බොහෝ වෙලාවට එය හුදෙක් වාර්තාවක් බවට පමණක් සීමා වන්නේ ඇයි?
ඒ සංවිචාරණීය සමාජයක දැක්මක් අවබෝධයක් සමාජය තුළ සමාගතවීම නොවිම නිසයි.
අල්ලස්, දූෂණ, වංචා හා අකාර්යමක්ෂතා මේ රටේ අපමණවත් සිදුවෙනවා.
කෝප් කමිටු වාර්තාවකින් හෙළිවන ආකාරයට රටේ ආදායමෙන් තුනෙන් එකක් රටේ ජනතාවගේ පොදු යහපත සඳහා යෙදීම වැළකී තිබෙන බව අදාළ හෙළිදරව්වලදී පෙනී යන කරුණක්.
නමුත් ඒ ඔබේ හිමිකම අයිතිය තමයි රාජ්‍ය අංශයේ නිලධාරින් පෞද්ගලිකව භුක්ති විඳ තියෙන්නෙ.
නීති විරෝධී ලෙස හිමිකර ගෙන ඇති රාජ්‍ය දේපල අයුතු භාවිතය අකාර්යක්ෂමතාවය තවදුරටත් දිගු වෙමින් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
මේ නිසා අද තත්ත්වය බරපතලයි.
හෙට තත්ත්වය ඊටත් වඩා බරපතලයි.
රටේ මුදල් නීති විරෝධී ලෙස විදේශවලට ගෙන ගොස් දේශපාලන පාදඩයින්ගේ අවශ්‍යතා සඳහා සපුරාගන්නා විට ඊට පොදු ජනතාව වන්දි ගෙවන බව පොදු ජනතාව ඒ සඳහා මැදිහත් නොවන්නේ පොදු ජනතාව තුළ තිබිය යුතු සංවිචාරණීය භාවය නැති නිසයි.
මේ නිසා පැනමා පත්‍රිකා, පැන්ඩෝරා පත්‍රිකාවලින් හෙළිදරව් වූ කරුණු වලට මොකද වුනේ.
එම වංචාවල වටිනාකම අති විශාලයි.
නමුත් නීතියේ පාලනයක් නොමැතිකමින් කිසිවකුට මෙතෙක් දඬුවම් ලබාදීමක් සිදුවී නැහැ.
නීතියේ පාලනයක් නොමැති නිසාම රට පොදුවේ දිළිඳු වන බව ඔබට තවමත් තෙරුම් නොයන්නේ ඔබ සංවිචාරණීය සමාජයක සාමාජිකයකු නොවන නිසයි.
මේ දිළිඳු බව නිසාම අපරාධ වර්ධනයට මගක් මාවතක් ඊට අතුරු දිසාගත වීම තුළ ඔබගේ සිවිල් ජීවන අයිතිය බොහෝ වෙලාවට හානිදායක තත්ත්වයකට යන්න පුලුවන්.
ජනතාව තුළ නීතිය පිළිබඳ විශ්වාසය බිඳ වැටෙනවිට අපරාධ දිගු වෙනවා.
අපරාධ අඩු කිරීම සඳහා, සතුටින් ජීවත්වීම සඳහා සිවිල් දේශපාලන අයිතිවාසිකම් රැක ගැනීමට නම් සංවිචාරණීය සමාජයක් සඳහා පුරවැසියන් මැදිහත් විය යුතුයි.
ආර්ථික සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් ජනතාවට අහිමි කරන විෂමතාවයන්ගෙන් පිරිපුන්ව ජනතාව දිළිඳුභාවයට දිගු වෙමින් තියෙන්නේ ඒ නිසයි.
විවිධ විෂමතාවන්ගෙන් තොර සාධාරණ සමාජයක් බිහි කිරිම සඳහා පුරවැසියන්ගේ යුතුකම වන්නේ සමාජ නීතිමය ආර්ථික, සංස්කෘතික හිමිකම් රැකගැනීම සඳහා සමාජය සංවිචාරණය වීමයි.
නමුත් ඒ පිළිබඳව රටේ රැඩිකල් දේශපාලනය හෝ වෙනත් උගත් පාර්ශ්ව ආගමික සමාජය හෝ ඒ සඳහා ක්‍රියා නොකරන සමාජ පරිසරයක් දිගින් දිගුටම දිගු වෙනවා.
අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් වගකීම් ඇති නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය කාලයේදී බරපතල විවිවේචනයන්ට ලක් වුණු බව ඔබ දන්නා කරුණක්.
අත්‍යවශ්‍යම අවස්ථාවලදි පවා දේශාලන සාධක මත දේශපාලන ලැදියාවන් අනුව නඩු නොපැවරීම, නඩු ඉල්ලා අස්කර ගැනීම, ප්‍රමාද වී නඩු පැවරීම, පැවරූ නඩු විශාල වශයෙන් පරාජය වීම, නඩු ඉදිරියට ගෙන යෑමට නොහැකි වීම, දෝෂ සහිතව නඩු පැවරීම, නිසි පරිදි උපදෙස් ලබා නොදීම දේශපාලන බලයට යටවීම, පුරවැසි අයිතිවාසිකම් අහිමි කිරීම ඒ තුළ අන්තර්ගත බව ඔබ දන්නවාද?
ඒ අන්තර්ගත ඔබ එතැන්ට පත් වී ඇත්තේ පැති සංවිචාරණීය සමාජයක් ගොඩනැගී තිබුණා නම් ඔය තත්ත්වය සහමුලින්ම වෙනස්වන සුළුයි.
පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අවශ්‍ය ලෙස පෙනී නොසිටීම හා ජනතාවගෙන් ඈත්ව කටයුතු කිරීම නිසායි.
ඒ සඳහා ගොඩනැගිය යුතු සමාජ අවකාශය වර්ධනය වන්නේ ඒ සඳහා පවතින රජය හෝ නිතිපති දෙපාර්තමේන්තුවට උත්තේජනයක් ලබාදිය යුත්තේ සංවිචාරණීය සමාජය විසින්.
මහ පරිමාණ සොරකම්, වංචා හා දූෂණවලින් කොපමණ ප්‍රමාණයක් සඳහා රාජ්‍ය අංශය විසින් නඩු පවරලා තියෙනවාද?
දේශපාලනඥයින් චූදිත වන සිදුවීම්වලදී ක්‍රියාකාරිත්වය ඉතාම නීතිපති දෙපාර්තමේන්තුවේ දුබලකම පෙන්වන සුලුයි.
ඡන්ද කල්දැමීම වැනි ජනතාවගේ පරමාධිපත්‍ය හා බැඳුණු ප්‍රශ්නවලදී විධායකයට හා ව්‍යවස්ථාදායකයට ලබාදී ඇති නීතිපති උපදෙස් මොනවද කියල ප්‍රජාව මේ වන තෙක් දන්නේ නැහැ.
ජනතාවගේ පරමාධිපත්‍ය හා බැඳුණු ප්‍රශ්නවලදී අහිංසක විශාල ජීවිත ගණනාවක් අහිමි කළ සිදුවීම්වලදී මේ තත්ත්වය වඩාත් මනාව පැහැදිලිව පෙන්නුම් කළ අවස්ථා එමටයි.
ජනතාවගේ පරමාධිපත්‍ය හා බැඳුනු ප්‍රශ්නවලදී ව්‍යවස්ථාදායකයට ලබාදි ඇති නීතිපති උපදෙස් මොනවද?
එක්ස්ප්‍රස් පර්ල් නැව පිළිබඳ නඩුවේ කොතරම් වගකීමක් නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කර තියෙනවද?
ඒ පිළිබඳ සමාලෝචනය කිරීම නීතියේ පාලනය සහ නීතිපති භූමිකාව ගැන සාකච්ඡාවක් සමාජ සංවාදයක් සැබෑ සංවිචාරණීය සමාජයක් තුළ ගොඩනැගිය යුතුයි. ගොඩනැගෙන සුලු ආකාරයට රාජ්‍ය ප්‍රතිපත්ති සකස් විය යුතු නොවේද?
නමුත් ඒ ඵලදායිතාවය සපුරාගන්නට ලංකා සමාජයේ සංවිචාරණීය භාවය ඇත්තේ ඉතාම බින්දුවකටත් තරම් අන්තිම තත්ත්වයක කියල පැහැදිලි වෙන සුළුයි.
පාස්කු ප්‍රහාර පිළිබඳ මූලික අයිතිවාසිකම් නඩුවලදී රජයේ වගවීම පිළිබඳ සංකල්පය ඉදිරියට ගෙන යෑම රජයේ හා සියලුම පුරවැසියන්ගේ වගකීම බව සංවිචාරණීය සමාජයක නම් මනාව ප්‍රධාන තේමාව කරගන්නා සුලුයි.
නමුත් එවැනි සංකල්පයක් හෝ සංවිචාරණිය පිරිපුන් සමාජයක් අප සතුව නැති නිසා මේ තත්ත්වය ඉතාම කනගාටුදායක තත්ත්වයකට තල්ලු වෙලා තියෙනවා.
අරගල විරෝධතා ඇතිවන අවස්ථාවලදී ඇතැම් පුරවැසියන් හුදෙකලා කර නීතිය ක්‍රියාත්මක වන්නේ සංවිචාරණීය සමාජයක අහිමි බව නිසයි.
සංවිචාරණීය සමාජයක හිමි බව නම් පුරවැසියකු පොදු අරගලයකදි නීතියේ රැහැණට පොලිසියේ හෝ වෙනත් හමුදාවක් ගොදුරු කර ගන්නේ නම් ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා නොවනුමානයි.
නමුත් ඒ සඳහා සංවිචාරණිය සමාජ වටපිටාවක් නැතිකම නිසා අරගල වලදී පොදු කටයුතුවලදී, පොදු සමාජ විරෝධතාවලදී හුදෙකලා වූ පුරවැසියන් නඩුවලට ගොදුරු වූ වපසරියක් මේ වන විට දකින්නට ලැබෙනවා.
මේ තත්ත්වය මෙහෙම වෙන්නේ ඇයි?
මේ රටේ අරගල සඳහා පොළඹවන, ක්‍රියාත්මක වන ඇතැම් දේශපාලන පක්ෂ ජනතාව පොළඹවා ඉන් ඉවත්ව ක්‍රියාකරන නිහඬ වන සමාජ වපසරිය නිසයි.
මේ නිසා මේ වන විට අඩු වැඩි වශයෙන් අරගලවලට මැදිහත් වූ බහුතරයක් ලාංකික සමාජ කොටස් කලකිරීම්වලින් හා රැවටුණු රැවටිලිවලින් ඉච්ඡාභංගත්වයට පත්වී ඉන්නවා.
ඒ නිසා පොදු අභිලාෂයන් වෙනුවෙන් යුක්තිය ඉටු කරගැනීම සඳහා මැදිහත් නොවන සමාජ වටපිටාවක් මේ වන විට සකස් වෙමින් තියෙනවා.
පොදු සමාජ අවශ්‍යතා වෙනුවෙන් මුඛ්‍ය අදහස් සමාජ සමුදායක් ගොඩනාගන්නා උපකල්පන, නිගමන ඇති වන්නේ සංවිචාරණීය සමාජයක් ගොඩනැගෙන වටපිටාවක් තුළයි.
ඒ සඳහා පොදු අරගලවල වටිනාකම් අනන්‍යතාවය හා භාවිතාවලින් සමන්විත සිතුවිලි පද්ධතියක් සංවිචාරණීය සමාජ පද්ධතියක් තුළ ගොඩනැගෙනවා.
ඒ සඳහා දේශපාලන පරිවර්තනයක් ගොඩනැගෙන යුක්ති සහගත හෙට දිනයක්, බලාපොරොත්තු වෙන කවරෙකු වූවත් සිදු කළ යුත්තේ කුමක්ද?
සංවිචාරණීය සමාජයක් ගොඩනැගීම සඳහා මැදිහත් වීම නොවේද?
ඒ වගේම පරිපාලන සේවය එහෙම නැත්නම් සිවිල් සේවයේ ප්‍රතිසංස්කරණ සඳහා දේශපාලන ආකෘතියක් ගොඩනැගීමටත් සංවිචාරණ සමාජයකට බලවත් ශක්තියක් ගොඩනැගෙනවා.
පවතින දූෂිත රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය කර ප්‍රතිපත්තිමය යුක්ති සහගත වෙනස්කම්වලට මේ සමාජය දිසාගත කිරීමට නම් සංවිචාරණීය සමාජයක අවශ්‍යතාවය මනාව පෙනෙන සුළුයි.
දේශපාලන බලය වෙනස්වීම සඳහා වාමාංශික හෝ රැඩිකල්, එහෙම නැත්නම් ධනපති දේශපාලන අවශ්‍යතා අනුව ක්‍රියා කරන සමාජයකට වඩා සුසමාර්ථ වර්ධන තත්ත්වයකට පොදු සමාජය යා යුතුයි.
ඒ සඳහා නිලධාරිවාදයට එරෙහි පොදු ප්‍රතිපත්තිවල වටිනාකම් සමාජ අවබෝධ කරගන්නා ව්‍යුහාත්මක ගැලපුම් පිළිබඳ හා සැලසුම් ගොඩනැගෙන්නේ සංවිචාරණීය සමාජයක් තුළින්.
මේ සඳහා විවිධ අංශවලට බලපෑම් කළ හැකි දෙඅංශයක් තියෙන්න පුලුවන්.
සිවිල් සේවය හෙවත් පරිපාලන සේවය දේශපාලනීකරණය වීම නිසා පුරවැසියාට ආණ්ඩුවෙන් ඉටු විය යුතු මහජන සේවයක් සැමට සාධාරණව ඉටු නොවන තත්ත්වයක් උද්ගත වී ඇති නිසයි සංවිචාරණීය සමාජයක් ගොඩනැගිය යුත්තේ.
කිසියම් අමාත්‍යංශයක සේවා එම අමාත්‍යංශය භාර ඇමැතිවරයා නියෝජනය කරන බලප්‍රදේශයට පමණක් සීමා කරමින් ක්‍රියා කිරීමට අදාළ අමාත්‍යවරයා උපක්‍රමිකව හෝ විවෘතව හෝ ඍජුව ක්‍රියා කරන්නේ නම් ඊට එරෙහිව පුරවැසි බලය මැදිහත්වීම සංවිචාරණිය සමාජයක ප්‍රධාන ලක්ෂණයක්.
අමාත්‍යංශයේ ලේකම්වරයා එවැනි අමාත්‍යවරුන් සමඟ අමාත්‍යවරයාගේ දේශපාලන අභිමතාර්ථ වෙනුවෙන් ක්‍රියා කරන්නේ නම් ඔහුව නිරුවත් කිරීම ඒ අදාළ සිද්ධින් හෙළිදරව් කිරීම සංවිචාරණීය සමාජයක් තුළින් දකින්න පුළුවන්.
ඊට විරුද්ධව කටයුතු කිරීමට නම් අදාළ අමාත්‍යංශයේ ගොඩනැගී තිබෙන නීතිමය ආකෘතිය ඊට අදාළ සෙසු චක්‍රලේඛ පිළිබඳව පුරවැසියන් දැනගත යුතුයි.
එසේ වන්නේ ඒ පිළිබඳව දැනුම උකහාගැනීමේ ක්‍රම සහ අධ්‍යයන වැඩසටහන් සමාජය තුළ ව්‍යාප්ත වීම මතයි.
සිවිල් සේවා නිලධාරින්ට එල්ල විය හැකි චෝදනා වලට බියෙන් ඔවුන් එවැනි ආත්මාර්ථකාමී ක්‍රියාවන්වල නිරතවීම ඈත් කර වීමට රාජ්‍ය අංශය උනන්දු කිරීමට නම් සංවිචාරණීය සමාජයක සාමාජිකයින් අවදි විය යුතුයි.
එවිට පොදු සේවාවන් කාර්යක්ෂමව හා ඵළදායි ලෙස ඉටුකරගැනීමට හැකියාව ලැබෙන සුළුයි.
පුරවැසියන්ට සැපයෙන සේවාවන්වලදි පවත්නා ක්‍රමවේදයන්ට පරිභාහිරව කටයුතු කිරීමට අදාළ වගකිව යුතු අමාත්‍යවරයා ක්‍රියා කරන විට සමාජය අවදි වීම සංවිචාරණීය සමාජයක් තුලින් දකින්න පුළුවන්.
ඊට අධිකරණමය චෝදනා ගොනුකරමින් තියෙන නීති ආකෘතිය මත ක්‍රියා කිරීම තුළ සිවිල් සේවා නිලධාරින් සිය වෘත්තීය ගෞරවය සහ රැකියාව රැකගැනීමේ අරමුණකට යොමුවන සුලුයි.
නමුත් අපේ ලංකාවේ තියෙන්නේ වෘත්තීය සමිති මගින් පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් යැපෙන සංස්කෘතියක්.
ඒ නිසා රාජ්‍ය සේවයේ ප්‍රතිපත්ති සම්පාදනයේදී හා ක්‍රියාත්මක කිරීමේදී ගුණාත්මක භාවය පිළිබඳ ගැටලුවක් ඇතිවෙලා තියෙනවා.
ආණ්ඩුවක ප්‍රතිපත්ති සම්පාදනය කිරීම ක්‍රියාත්මක කිරීම එය මැනීමේ හා සලකා බැලීමේ අවධි සමාජ සංස්ථාව මතු වන්නේ සංවිචාරණීය සමාජයක් තුළයි.
මහජනතාවට රාජ්‍ය සේවාවලදී සිදුවන බලපෑම්, ඒ පිළිබඳ විවෘත භාවය හා මනා අවබෝධයත් ඉතා වැදගත්.
ඊට පෙර අදාළ අමාත්‍යංශයක හෝ දෙපාර්තමේන්තුවක ජනතා අවකාශය සඳහා සකස් කෙරෙන නිති හා රීතින්වලදී ජනතාව සහභාගි කරගන්නා ක්‍රමවේදයකට රජය තල්ලු කිරීමත් සංවිචාරණිය සමාජයකට පහසුවෙන් කළ හැකි කරුණක්.
ජනතාවගේ සුබසිද්ධිය සඳහා සිදු නොකරන සමාජ පරිසරයක් හමුවේ දිගින් දිගටම සිදු වන්නේ ජනතාව අන්ත දිළිඳු භාවයට පත්වන සමාජ සංස්කෘතියක්.
මේ පිළිබඳව තවදුරටත් අපි සාකච්ඡා කරමු.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න