ලංකාවේ රාජ්‍ය දුරාචාරය යථාවත් කිරීම සඳහා විවිධ අණ පනත් මතු වෙමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ප්‍රතිසංස්කරණය වෙමින් ඉදිරිපත් වෙමින් තිබෙනවා.
කොහොම වෙතත් මේ සම්බන්ධව හුදු විරෝධතා අවම කරන්නත් රජය උපයාශීලී මෙහෙයුමක මේ වන විට නිරතව ඉන්නවා.
උදාහරණයක් විදියට ත්‍රස්තවිරෝධී පනත තුළින් විරෝධතා අවම කරගන්න රජය උපායශීලී මෙහෙයුමක් දියත් කරලා තියෙනවා.
එය එසේ වන්නේ කෙසේද?
අවසානයේ ප්‍රතිඵලය මොකක්ද?
විරෝධතාවය වෘත්තීය සමිති හා රාජ්‍ය නොවන සංවිධාන සිදු කිරීමේදී කර තිබෙන ව්‍යුහාත්මක කාර්යභාරය කොපමණද? ඒ පිළිබඳව ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය හුදෙක් විරෝධය සමාජ අවශ්‍යතාවයක් සඳහාම කරනවද එහෙම නැත්නම් වෘත්තීය සමිති නායකයන්ගේ පැවැත්ම සඳහා පමණක් මෙහෙයුම් සිදුවෙනවද කියන ගැටලුව මතු වන්නේ ඉතිහාසය දෙස විමසීමේදී.
රජයේ විවිධ ආයතන සහ සංවිධාන විවිධාකාර වෙනස්කම් මේ වන විට දක්නට ලැබෙනවා.
එය හුදෙක් රටේ යහපත්වැත්මට වඩා ප්‍රජාවගේ හිමිකම් අහිමි කිරීමේ මාවතක් තුළ ගොනුවෙමින් තිබෙන බව පැහැදිලියි.
ඒ නිසා එකිනෙකට වෙනස් නීති ප්‍රතිපාදන යටතේ හුදෙක්ම ආත්මාර්තකාමී නීතිමය රාමුවක් තුළ රාජ්‍ය ව්‍යවසායන් හා රාජ්‍ය ආයතන ආවරණය කරගැනීමේ මෙහෙයුමක් දියත් වෙලා තියෙනවා.
ඒ සඳහා ඕනතරම් රට තුළ නීති තිබියදී නව නීති එක් කරමින් අලුත් පනත් මතු කරමින් ආත්මාර්ථකාමී ගමනක රජය නියැලී ඉන්නවයි කිව්වොත් වඩාත් නිවැරදියි.
ඒ සඳහා බලපාන සාධක මොනවාද?
ඇත්තටම ඒ බලපාන සාධක අතර බොහෝ වෙලාවට වෘත්තීය සමිති ව්‍යාපාර හා වෙනත් සිවිල් සංවිධාන ඇතැම් විට සිදු කරන කඩාකප්පල්කාරී ක්‍රියාවන් පමණක්ද?
එසේ නම් විධිමත් හෝ අවිධිමත් ලෙස පවත්වන සමාජ විරෝධතාවන් හමුවේ ඵලදායි විසඳුමක් සඳහා ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාර ඉතිහාසයේ සිට යහපත් සමාජ ධර්මතා රැකගැනීමට උත්සුක වෙලා තියෙනවද?
ඒ සම්බන්ධව අපි එක් උදාහරණයක් අරගෙන ඒ සම්බන්ධව වෘත්තීය සමිති හෝ පොදු සමාජය හෝ පැවති විපක්ෂය හෝ ක්‍රියාකර තිබෙන කාරණා පිළිබඳව මූලික මූලධර්ම අරඹයා යම් සංවාදයක අපි යෙදෙන්න ඕන.
ඔබට මතක ඇති මහ බැංකු බැඳුම්කර වංචාව.
ඒ පිළිබඳව විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබුණේ පොදු ව්‍යාපාර කාරක සභාවේ එහෙම නැත්නම් කෝප් සාමාජිකයින් පිරිසක් අතර අර්ජුන් ඇලෝසියස් අතර දුරකථන සංවාද අප්‍රමාණව සිදුවී තිබෙන බවයි.
ඒ සම්බන්ධව විවිධ පාර්ශ්වවලින් එම හෙළිදරව් සමග විරෝධතා ආවෝය ගියෝය කිව්වොත් වඩාත් නිවැරදියි.
මේ සංවාද අතරට කෙටි පණිවිඩ නැත්නම් එස්.එම්.එස්. රැසක් හුවමාරු වෙලා තිබුණා.
අර්ජුන් ඇලෝසියස් මහ බැඳුම්කර වංචාවේ චූදිතයකු එදා වුණා.
ඔහු සමග දුරකථන සංවාද හා කෙටි පණිවිඩ මගින් සන්නිවේදනය කරගෙන ඇති මන්ත්‍රීවරුන් අතර එවකට මුදල් අමාත්‍ය රවි කරුණානායක, සුජීව සේනසිංහ, හෙක්ටර් අප්පුහාමි, හර්ෂණ රාජකාරුණා, අජිත් පී පෙරේරා හා දයාසිරි ජයසේකර ඒ අතර වෙනවා.
රවි කරුණානායකගේ බිරිය සහ දියණියද අර්ජුන ඇලෝසියස් සමග දුරකථන මගින් සන්නිවේදනයේ යෙදිල තියෙනවා.
මේ සන්නිවේදනයන් හුදෙක් පොදු සමාජ යහපත සඳහාද?
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොදු කාරක සභාවේ විමසීමට ලක් කෙරෙන කාලසීමාව තුළ දී හෝ ඉන් පසුව හෝ දුරකථන සන්නිවේදන සිදුවෙලා තිබෙනවා.
පොදු ව්‍යාපාර කාරක සභාවේ රැස්වීම් පැවැත්වෙන වේලාවේදීම අදාළ මන්ත්‍රීවරුන් අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන මගින් සන්නිවේදනය වුණානම් මෙම මන්ත්‍රීවරුන් පොදු ව්‍යාපාර කාරක සභාවේ රැස්වීම් තුළ සිදු කෙරෙන සියලු අන්තර්ගත කරුණු කාලීනව අර්ජුන් ඇලෝසියස්ට අහන්න සලස්වා තිබෙනවා යැයි කිව්වොත් වඩාත් නිවැරදි නොවේද?
කොහොම හරි මෙවැනි තත්ත්වයන් තුළ නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම සම්බන්ධව මොනවද එතෙක් මෙකේ සිදුවෙලා තියෙන්නේ.
හුදෙක්ම සිදුවී තිබෙන්නේ විරෝධය පමණයි.
මේ විරෝධය තුළ බොහෝ වෙලාවට සිදුවුණේ මහ මාර්ග අවහිරවීම රාජ්‍ය සේවකයාගේ සේවා කාලය විරෝධතාවන්ට පැමිණීමෙන් පොදු ජනතාවගේ ආයතන අවශ්‍යතා ඉටු කරගෙන යාමේදී අපහසුතා මතුවීම ආදී නොයෙක් කරුණු කියල කිව්වොත් වඩාත් නිවැරදියි.
කොහොම හරි මිනීමරුවන් ජීවතුන් අතර ඉන්නවා.
මිනීමැරුමක සුල මුළ සොයාගැනීමට එහිදී ඇති ප්‍රධාන මාර්ගයම ඊට අයත් වෙනවා.
මිනීමරුවත් මියගොසින් නම් අපරාධය සොයාගැනීමට යම් තරමක දුෂ්කරතාවයක් ඇති වෙනවා.
බොහෝ වෙලාවට අපරාධයක බිම් මට්ටමකින් ඉන්නා අය අස්ථානගත වෙලා මියගිහිල්ල තියෙන්න පුළුවන්.
අපරාධක ක්‍රියාවින්තයකට නොගොස් පිටත සිට එය සංවිධානය කළ හෝ එහි සාර්ථකත්වය අපේක්ෂා කළ සියල්ලන්ටම අදාළ පාර්ශ්ව මියයාම හෝ අස්ථානගතවීම හෝ වෙනත් කරුණු ඇතුළත්ව සොයාගැනීමට නොහැකිවීම මත අදාළ වංචාකරුවන්ට මිනීමරුවන්ට එය ආශිර්වාදයක්.
කොහොම හරි විවිධ පාර්ලිමේන්තු තේරුම් කාරක සභා හුදෙක්ම බොහෝ වෙලාවට රටේ වංචාවන් ප්‍රෝඩවන් තවදුරටත් වසා තබන තෝතැන්නක් ද කියලා මතුවන්නේ ඉහත සිද්ධිය දෙස වැඩිදුරටත් තුන්වන ඇහැකින් ඔබ බලනවානම්.
එකිනෙකට වෙනස් දූෂණය, වංචාව, බොරුව ආත්මගත වෙමින් තිබෙන සමාජ වටපිටාවක රටේ මහජනතාවට අත්වී තිබෙන්නේ ඉතාම ගැටලු සහගත තත්ත්වයක්.
මේ නිසා විනිවිධ භාවය හෙවත් පාරදෘෂ්‍ය භාවය ප්‍රජාතන්ත්‍රවාදය අද ලංකාවේ සැබවින් තිබෙනවාද කියන ප්‍රශ්නයත් මතු වෙනවා.
ආණ්ඩුවක් මහජනයා සමග තොරතුරු හුවමාරු කරගැනීමට ඇති බැඳියාව විනිවිධ භාවය කියල අපට සරලව දකින්න පුළුවන්.
ඒ සරල භාවය කොතෙක් දුරට තිබෙනවාද කියන එක යහපාලන ආණ්ඩුව යටතේ පොදු ව්‍යාපාර කාරක සභා සාමාජිකයන්ගේ හැසිරීම හා භාවිතය අනුව මනාව පෙනී යනවා නේද?
දූෂණය පිටුදැකීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කාර්යභාරය නිසි පරිදි ඉටු කිරීම වෙනුවට අදාළ මන්ත්‍රීවරුන් දූෂණ චෝදනාවක් එල්ල වී තිබූ අර්ජුන ඇලෝසියස් සමග සංවාදවල යෙදී තිබුණේ ඇයි?
ඒ තුළින් සනාථ වන්නේ කුමක්ද?
ඔවුන් එකිනෙකා තුළ ඇති ලැදියාවන් හා පෞද්ගලික අභිමතාර්ථයන් වෙනුවෙන් පෙනීසිටීම නොවේද?
මේ තත්ත්වය තවදුරටත් පැහැදිලි කරනවා නම් මෙය පුළුල්ව සංවාදය විය යුතු පැත්තක්.
මේ රටේ සමාජ සංවාද විරෝධතා හෝ ජනමාධ්‍ය හෙළිදරව්වලින් ඇති ඵලය කුමක්ද?
එසේ නම් ඇලෝසියස් ගණුදෙනුවේ එහෙම නැත්නම් මහ බැංකු වංචාවේ මහ මොළකරු වුණේ එදා කවුද?
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සඳහා මුදල් යොදවාගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ සිය ලැදියාවන් අනුව කටයුතු කළ බවට එදා චෝදනා එල්ල වුණා.
එම චෝදනා කොතෙක් දුරට ගෙන ගියාද?
මේ රටේ විරෝධතා පැවැත්වෙන සංවිධාන හෝ වෘත්තීය සමිති ඒ සඳහා කර තිබෙන මෙහෙයුම් කවරේද?
නෛතික තත්ත්වය කුමක්ද?
ඒ සඳහා ලොකූ විශාල කාර්යභාරයක් සමාජය වෙනුවෙන් කළා නම් අද ඇලෝසියස් හා රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දක්වා ලංකාවේ පත් වෙන්න පුළුවන්ද?
ලංකාවේ වෘත්තීය සමිතිවලටත් පැවති හා පවතින රජයන්ටත් පාරදෘෂ්‍ය භාවය නැතිකම ඒ තුළින් සනාථ කරන සත්‍යයක් නොවේද?
වගවීම පිළිබඳව මන්ත්‍රීවරුන්ගේ ඒ කැපවීම අත්තනෝමතික බව අදාළ සංවාද හමුවේ මුළින් පෙනී යනවා නොවේද?
දූෂණය පිටුදැකීම සඳහා පාර්ලිමේන්තුවේ අභිලාෂය නම් එවැනි පාර්ලිමේන්තුවේ සාමාජිකයන් වන ඇමතිවරුන් වන අයගේ හැසිරීම භාවිතය ඔවුන්ට පමණක් සීමා කරන්න බැහැ.
එය පසුගිය වසර 75 පුරාම දූෂණ සම්බන්ධ පරීක්ෂණ පැවැත්වෙද්දී දූෂිතයාට වංචාකරු අනුබල හා උදව් ලබාදුන් පාර්ලිමේන්තු සාමාජිකයන්ගේ වපසරියක් දකින්න පුළුවන් බව ඔබගේ තෙවැනි ඇස විවරණය කරගන්නවා නම් පැහැදිලි වන විග්‍රහ කර ගත හැකි සත්‍යයක්.
ඒ සඳහා පොදු ගැටලුව නම් සංවිචාරණීය සමාජක පැවැත්ම භාවිතය හා හැසිරිම පොදු සමාජයට සමාජගත නොවීමයි.
විනිවිධ භාවයකින් තොරව ක්‍රියා කරන්නේ පාර්ලිමේන්තුව පමණක් නොවේ.
හැබැයි අපට පාර්ලිමේන්තුවේ රැස්වීම් වාර්තා වෙනවා.
කාරක සභාවල රැස්වීම් වාර්තා වෙනවා.
නමුත් දිය යට යන ගින්දරක් සේ ලෙන්ගතු භාවය හා ලැදියාවන් අනුව සිය අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා ක්‍රියා කරන පාලක පක්ෂය හා රාජ්‍ය නිලධාරින්ගේ යථාවත් තත්ත්වය මනාව හඳුනාගෙන ඊට ප්‍රතිචාර දැක්විමට නම් සමාජය පොදුවේ සංවිචාරණය විය යුතුයි.
ඒ විචාරණීය භාවය නැති නිසා රාජ්‍ය ව්‍යවසායන් හා රාජ්‍ය ආයතන සංස්ථා දෙපාර්තමේන්තු යම් යම් තීරණ ගැනීම සඳහා භාවිතා කරන අයුතු ක්‍රියාවන් වළක්වාගැනීම පොදු සමාජයට අපහසු වෙලා තියෙනවා.
ඒ බව මහජනතාව සනාථ කළ අවස්තාවක් ලෙස සිනමා වේදිකා නළු ජැක්සන් ඇන්තනීගේ අවමගුලට සහභාගි වූ ජනතාව තුළින් ප්‍රදර්ශනය වන සුලුයි.
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් ප්‍රශස්ත පසුගිය කාලය තුළදී ගායනා කළ ජැක්සන් ඇන්තනීගේ අවමගුලට ප්‍රජා සහභාගිත්වය තුළින් සනාත කරන්නේ සංවිචාරණීය සමාජ භූමිකාවක් ලංකාවේ ජනතාව තුළ අවම විම නොවේද?
මේ පිළිබඳ පුලුල් කතුවැකි පෙළක් ඉදිරි ලේඛනවලින් බලාපොරොත්තු වන්න.
කොහොම හරිම මහජනතාවගේ පොදු අරමුණු ඉටු කරවාගැනීමට නම් පාලක පක්ෂය වන ආණ්ඩුවේ හැසිරීමත් භාවිතයත් ඊට අදාළ විෂය පථයන්වල සමාජීය ආර්ථික සංස්කෘතික නීතිමය තත්ත්වයන් ද තේරුම් ගන්න අත්‍යවශ්‍යයි.
එසේ නොවන පරිසරයක් හමුවේ අදාළ ක්‍රියාවන්වල සත්භාවය ගැන සැක සහිත තත්ත්වය හමුවේ සියල්ලක් දූෂිත නව භාවිතාවලින් යුතුව දිගු වෙමින් තියෙනවා.
රවි කරුණානායක මන්ත්‍රීවරයාගේ බිරිය හා දියණිය අර්ජුන ඇලෝසියස් සමග දුරකථනයෙන් සන්නිවේදනය යෙදුනේ ඇයි?
ඔවුන් පදිංචි මහල් නිවාසය සඳහා මාසික කුලිය අර්ජුන් ඇලෝසියස්ට අයත් සමාගමකින් ගෙවා තිබීම යන කාරණා දෙකම එදා පැවති යහපාලනයට ප්‍රතිවිරුද්ධ බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවේ.
නමුත් එය සාමාන්‍යකරණය වී රවි කරුණානාගේ බිරිය හා දියණිය දේශපාලන වශයෙනුත් පොදු මහජන අරමුදල් අවභාවිතයට ලක් කරන පාර්ශ්වයකට උදව් කළ එහෙම නැත්නම් එදා මුදල් ඇමැතිවරයාගේ වරප්‍රසාද අයුතු ලෙස දූෂකයාට සමීප කරන්න යන සංකල්ප ඔස්සේ ඔවුන්ගේ හැසිරීම භාවිතය තුළින් මතු වූයේ කුමක්ද?
ලංකාවේ පොදු නීතිය උල්ලංඝනය කිරීමක් නොවේද?
ඔවුන්ගේ ස්වයංලැදියාවන්වලින් කටයුතු කළ බව නොවේද?
රජය සමග ගිවිසුම්වලට එළැඹීම රාජකාරිය ඉටු කිරීමේදී පෞද්ගලික ලාභ හෝ වාසි ලබාගැනීම රජයේ නිලධාරින් හෝ මන්ත්‍රීවරුන් රජය සමඟ තරගකාරී කටයුතුවල නිරතවීම නීතියෙන් අවකාශය තියෙනවාද?
එහෙම නැති පරිසරයක් හමුවේ තම තමන්ගේ අභිලාෂයන් ඉටු කරගැනීම සඳහා ප්‍රතිලාභ උපරිම ලෙස ලබා ගැනීමේ බොහෝ ක්‍රියාකාරකම් එදත් සිදුවුණා අදත් සිදුවෙනවා.
රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට ලබාදීමේ රාජ්‍ය වර්තමාන න්‍යාය අනුව පෙනී යන්නේ කුමක්ද?
අදාළ රාජ්‍ය ආයතන අසාර්ථකව ඔවුන්ගේ හැසිරීම හා භාවිතය නිසා පාඩු ලබන තත්ත්වයකට පත්වීම නොවේද?
රාජ්‍ය ආයතනයක සේවා හා පොදු අභිලාෂයන් ඉටු නොකරන පරිසරයක් තුළ පෞද්ගලික අංශයට ලබාදීමේදී අවශ්‍ය වෙන පෞද්ගලික අංශයේ පැවැත්ම තහවුරු කරන නීති ගෙන එන්නේ ආණ්ඩු ඒ නිසා නොවේද?
වෘත්තීය සමිති සිය විරෝධතාවලට පෙර මතු කළ යුතු ප්‍රධාන කරුණක් මේ අනුව පෙනී යනවා නොවේද?
එසේ නම් රාජ්‍ය ආයතනයක් බංකොලොත්භාවයට පත්වන පරිසරයක් හමුවේ වහාම අදාළ රාජ්‍ය ආයතනයේ අමාත්‍යවරයා අදාල ප්‍රධානියා, අදාළ අමාත්‍යංශයේ ලේකම්වරයා සිය වගකීම් වගවීම ඉටු කර නැති බව සනාථ කරන ක්‍රියාවන්වල නෛතිකව යෙදිය යුතු නොවේද?
ඒ සඳහා ඇති නීතිමය ප්‍රතිපාදන වෘත්තීය සමිති හෝ රාජ්‍ය නොවන සංවිධාන හෝ උපරිම ජනතා අභිවෘද්ධිය ඉලක්ක ලෙස භාවිතා කර තියෙනවාද?
එහෙම නැත්නම් වෘත්තීය සමිති බොහෝ වෙලාවට සිදු කරන්නේ වොයිස් කට් න්‍යාය නොවේද?
පොදු විරෝධයක් පෙන්වන අභිලාෂයෙන් පැය කිහිපයකට පමණක් බෝඩ් එල්ලාගෙන විරෝධය පා ගෙදර යන විරෝධතා සංස්කෘතියක් ලංකාවේ මතුවිම මීට ප්‍රධාන සාධකයක් නොවේද?
2023.10.11 වන දින රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය කොළඹ මහ රෝහල ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවය මීට තවත් උදාහරණයක්.
මේ විරෝධතාවය තුළින් අපහසුතාවයට පත් වූයේ පාලක පක්ෂයද?
දිවයිනේ විවිධ රෝහල් කරා නිදහස් සෞඛ්‍ය භුක්ති විඳීමට තිබෙන අවස්ථාව අයුතු ලෙස කඩා කප්පල් කිරීම පසුගිය කාලය තුළ හා මෙදින වෛද්‍යවරුන්ගේ විරෝධතාවය තුළින් ක්‍රියාත්මක වූවා නොවේද?
කොහොම හරි මේ තත්ත්වය තවදුටත් ඉතාම ගැටලුසහගත තත්ත්වයන් තුළින් දිගු වෙමින් තිබීම ඉතාම කණගාටුවට කරුණක්.
ඒ සඳහා වෘත්තීය සමිතිවල හා පොදු විවිධ සංවිධානවල කෙටි විරෝධතා හා වොයිස් කට් න්‍යාය නිසා විරෝධතා අවම වීම හා කුණු කානු දිගේ දියවීම නිසා ඇති වී තිබෙන තත්ත්වය ඉතාම ශෝචනීය නොවේද?
මහ බැංකු සිද්ධියේදී මනාව නීතිය ඉටු නොවන පරිසරයක් බිහි වුණේ ඒ සඳහා විදිමත් තත්ත්වයක් සමාජගත නොවුණේ ප්‍රතිවිරුද්ධ ලැදියාවන් ඇති ආණ්ඩු හා රාජ්‍ය නිලධාරින්ගේ හැසිරීම භාවිතය නිසා නොවේද?
ඒ ලැදියාවන්වලට ආකර්ෂණය ඇති කරන අසාර්ථක විරෝධතා නිසා ප්‍රතිවිරුද්ධ ලැදිකම නෛතිකත්වයක් කරා ලංකාවේ භාරකාරත්වයට පත් වෙමින් යනවා.
ඒ නිසාම අද රටේ සම්පත් පිළිබඳව එය රැක ගැනීම සඳහා මහජන සුබසිද්ධිය පෙරටුකරගත් නෛතික හා ඊට අදාළ මූලධර්ම පදනම් කරගත් විධිමත් වැඩසටහන් වෘත්තීය සමිති හා රාජ්‍ය නොවන සංවිධාන සතුව නැතිවීම ඉතාම ගැටලු සහගත තත්ත්වයක්.
වෘත්තීය සමිති හා රාජ්‍ය නොවන සංවිධානවල පෞද්ගලික ලැදියාවන් සමඟ රාජකාරිමය ලැදියාවන් එක් කරගෙන ඒකාබද්ධ කරගෙන උඩින් ඔපේ යටින් හපේ යන සමාජ විෂමතාවයක් අප සමාජය තුළ දිය යට ගින්දර ගමන් කරනවා සේ චිත්‍රයක් තුන්වන ඇසකින් ඔබ බලනවා නම් ඔබට එහි සැබෑ යතාර්ථය තේරුම් යන සුළුයි.
රටේ මූල්‍ය පද්ධතිය හා ඊට අදාළ මූලධර්ම මේ වන විට ඉතාම විකෘති තත්ත්වයට පත් වී තිබෙනවා.
රාජ්‍ය ආයතනවල මහජන විශ්වාසනීත්වය දිගින් දිගටම පලදු වෙන සිදුවීම් සිදුවෙමින් තිබෙනවා.
එදා අර්ජුන මහේන්ද්‍රන්ගේ පත්වීම් බලධාරියා වුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නම් ඔහුගේ වගකීම, වගවීම කොතැනද?
ඒ සඳහා පත්වීමට උපදෙස් දුන් හා උනන්දුවූ එදා අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහගේ වගවීම කොයිබටද?
ඒ සඳහා ජනතා ප්‍රශ්න කිරීම් හෝ ජනතා ක්‍රියාකාරිත්වයක් නැත්තේ සමාජය සංවිචාරණීය නොවූ නිසා නොවේද?
රාජ්‍ය අංශයේ මුල්ගල වශයෙන් එහෙම නැත්නම් මූලධර්මය වන වගකීම මෙලෙස දියවී කුණු වී ඕජස් ගලන සිදුවීම් අප්‍රමාණව රට තුළ තිබෙනවා නොවේද?
ඒ නිසාම ආණ්ඩුවල විශ්වාසනීයත්වය නැතිවීම පිළිබඳ ජනතාව බලගැන්වෙන ඇකඩමික් ව්‍යාපාර රට තුළ දියත් කිරීමට මේ රටේ බුද්ධිමත් සමාජය අසමත්වීම ඒ අනුව පෙනී නොයන්නේද?
වංචාව විවාද කරන ජනතා විමුක්ති පෙරමුණ මේ සම්බන්ධව ඔවුන්ගේ මූලධර්ම සංකල්ප නීති රීති සමාජය ඉදිරියේ තබනවාද?
සියල්ලකට අදාළ වූ මූලධර්මය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ජනාධිපතිවරයාට බලය කේන්ද්‍රගතවීම සම්බන්ධව විවාදාත්මක ප්‍රබුද්ධ සමාජ සංවාදයක් ගෙන යන්න රටේ සියලුම පාර්ශ්ව අසමත්වීම නොවේද?
මේ තුළින් සිදුවී තිබෙන ලංකාවේ මූල්‍ය වෙළඳපොළ අස්ථාවරවීම භුක්ති විඳින්නේ රටේ පොදු මහජනතාව නොවේද?
ඒ සම්බන්ධව හුදෙක් ජනප්‍රිය දේශපාලනය සඳහා ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ හා ප්‍රබුද්ධ යැයි සැලකෙන බහුතරය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ රට හා ජනතාව සංවිචාරණීය නොවීම නිසා නොවේද?
මේ තත්ත්වය අවම කර ගැනීමට නම් පැහැදිලි ආකෘතියක් තුළ නිශ්චිත වැඩපිළිවෙලක් දියත් කර ගැනීම සඳහා පොදු සමාජ සංවිචාරණය විය යුතුයි.
ඒ සඳහා ඉදිරි පෙරවදන් ඔබ බලාපොරොත්තු වන්න.
ඔබගේ අදහස් වට්ස්අප් තුළින් ූ 94 71 052 9937 අංකයට යොමු කරන්න.
තවත් කොටසක් බලාපොරොත්තු වන්න.
ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු