වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා

ශ්‍රී ලංකාවේ වසරකට පුද්ගලයින් 25 -30 අතර ජලබීතිකාවෙන් මියයන බව වෛද්‍ය අතුල කියයි.

ශ්‍රී ලංකාවේ ලක්ෂ දෙක හමාරත් තුනත් අතර සතුන් සපාකයි. ඉන් ලක්ෂයකට පමණ ඉතා විශාල පිරිවැයක් දරා ප්‍රතිකාර ලබා දෙයි. 100% ක් මාරාන්තික රෝගයකි. වැඩියෙන්ම සුනඛ සපාකෑම් මේ අතරින්. රෝගියාට සිහිය තිබියදීම අධික වේදනාවකින් යුතුව මරණයට පත් වෙයි.

රෝග ලක්ෂණ මතු වුනොත් අනිවාර්‍ය මරණය. සපා කෑමට පසු ,ලෙව කෑවොත් සපා කෑ ස්තානය ගලා යන ජලයෙන් මිනි 05 වත් සේදීම අත්‍යවශ්‍යෛ. රෝහල්; වෙත එන අය බොහෝ දෙනෙක් කරන්නේ නැහැ. ඉන්පසු 70% මධ්‍යසාර හෝ අයඩීන් ද්‍රාවනයෙන් සෝදා ගන්න. රෝහලක් හෝ සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් වෙත යොමු විය යුතුයි. වෛද්‍යවරයා විසින් තුවාලය හා අවස්තාව ගැන සැලකිලිමත් වනු ඇත.මේ තීරණය නිවසේදී හෝ තමා විසින් නොගත යුතුය. සපා කෑ සතාගේ එන්නත් වාර්තාව ගෙනයන්න. මේ වසරේ 12 දෙනෙක් මියගියා. ඉන් 08 දෙනෙක්ම නිවෙස්වල ඇතිකරන සුනඛයින් සපා කෑමෙන් සිදුවී තිබේ.

මේ බල්ලට බෙහෙත් විදලා තියෙන්නේ යන වචනය විශ්වාස නොකරන්න. නියමිත ලෙස එන්නත් ලබා දී නොතිබිය හැකිය. මේ එන්නත් ලබා දීමත් ,සපා කෑමෙන් වලක්වා කීමත් අයිතිකරු ගේ වගකීමක්.

දීර්ඝ කාලයක් ගියත් රෝග ලක්ෂණ පෙන්විය හැකියි. මිනිසුන්ට දෙන ප්‍රතිකාර ඉතා ආරක්ෂාකාරීයි. වසරකට ලක්ෂයක් දෙනවා ලංකාවේ. සුළු ආසාත්මිකතා මිස බරපතල තත්ව නැත. සියලුම එන්නත් ලබා ගත්තොත් විතරක් ආරක්ෂාව ලැබේ. මෙම සපා කෑම් වෙන ස්තානයක සිදු වුනොත් මුලින් එන්නත් දුන් රෝහලටම යා හැකියි. ඊලග මාත්‍රාව දිවයිනේ ඕනෑම රෝහලකින් එන්නත ගත හැක. බලු පැටවුන් විශේෂයි. ඔවුන් අධි ක්‍රියාකාරී.දග බවක් පෙන්වයි. ඔවුන් ආසාදනය වූ විට පෙන්වන ලක්ෂණයි ඔවුන්ගේ දත් තියුණු නිසා සීරීමක් වුව දරුණු ආසාදනයක්. කුඩා දරුවන් පාරේ සිටින බලු පැටවු මුහුණට ලක් කරනු පෙනේ. මුහුණ සපා කෑ විට මොළයට ඉක්මනින් ආසාදනය වේ .මෙය ස්නායු පද්ධතියආශ්‍රිතව රෝගයකි. සියලු ක්ෂීරපායි සතුන්ගෙන් හැදේ . නමුත් ගෙමීයන්ගෙන් වැලදෙන්නේ නැත.

වෛද්‍ය යේෂාන් ගුරුගේ

එදවස වසරකට 300 ක් පමන මියගියා. දැන් 25 ට අඩුවෙන්. නමුත් 25 ට වඩා අඩු නොවේ. සැප්තැම්බර් 28 දිනට යෙදෙන ලෝක ජලබීතිකා දිනය වෙනුවෙන් පැවැත්වෙන මාධ්‍ය හමුවේ හෙලිවේ. සුනඛයා මිනිස් වාසස්තාන ආශ්‍රිතව ජීවත් වේ. ඔවුන් ඉවත් කිරීමෙන් වෙනත් සතුන් එයි. (නරි) කොවිඩ් කාලයේ මින්ස් ක්‍රියාකාරකම් අඩු වූ විට නරි සපා කෑම්න් හා ජලබීතිකාව වැඩිවිය සෙමෙන් පසුගිය දශකයේ මරණ වලින් ජලබීතිකා එන්නත් ලබා නොගත් අය මිය ගිය බව පෙනේ. 100% ක් ජලබීතිකා වැලැක්වීමේ මානව එන්නත ලබා නොගත් අය. අඩු ආදායම් ලබන අය සුළු බෙහෙත් කිරීමෙන් කල් ගත කරද්දී මියයයි. දවසේ ආදායමට බලපෑමක් විය හැකි නිසා දුප්පත් සාමාන්‍ය මහ ජනතාව සපා කෑම් වලින් පසු රෝහලට නොයයි. දරුවන් සමහරු එන්නත් විදී කියන බියට නිවසේ පැමිණ සපා කෑ බව නොකියයි. ආර්තික අපහසුතා නිසා එක දිනයක් වත් රෝහලට ගොස් පාඩු කට ගත නොහැකි නිසා ප්‍රතිකාර නොකරන අය නිසා වාර්ෂිකව සිදුවන මරණ 25 මට්ටමේ දිගටම පවති. වගකීමක් ඇති තැනකින් සුනඛ පැටවි ලබා ගන්න. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ජලබීතිකා මර්දන අංශය කියයි. වාර්ෂිකව බ්ල්ලන් පූසන් වෙත එන්නත් ලබා දී ප්‍රතිශක්තිය අලුත් කරයි.

විශේෂයි – සුනඛයින් නොවන හදුනා නොගත් සපා කෑම් නිසා මරණ කෙමෙන් වැඩිවේ. බීමත් පුද්ගලයින් මහමග දී සපා කෑමෙන් මෙය සිදුවී තිබේ.

ඕනෑම සතෙකු ගේ සීරීමකදී හෝ සපා කෑමකදී සබන් යොදා විනාඩි 05 ක් සෝදා රෝහලට යන්න. සත්ව ජලබීතිකාවද තුරන් කිරීමට බල්ලා මෙන්ම අනෙක් සතුන්ද එන්නත් කරන්න. ගුරුගේ මහතා පෙන්වා දෙන්නේ මිනිසුන් ආරක්ෂා කිරීම මෙන්ම සත්ව අයිතීන්ද ආරාක්ෂා කිරීම රටක් ලෙස කල යුතු නිසා එක් වරම බල්ලන් මේ සමාජයෙන් ,පාරෙන් ඉවත් කල නොහැක. එන්නත් ආවරනය වැඩි කිරීම උනන්දුවේ. සෞඛ්‍ය අමාත්‍යාංශය 70% ඉලක්කයයි .තවම 70% ට පැමිණීමට හැකිවී නැත. මේ ආවරණය වැඩිකිරීමට හැකිනම් මානව මරන 100% කි න් අඩු කිරීමටද හැකිය. හිටපු සෞඛ්‍ය ඇමතිවරයෙකුගේ බිරිද සත්ව හිංසනය වැලැක්වීමට ක්‍රියා කාරී වීමද හේතුව සුනඛයින් වද කිරීමට ?පැනයක් නැගින ..එයම එකම හේතුව නොවේ. බල්ලන් ඉවත් කිරීමෙන් වෙනත් සතුන් එයි රිලවා දැන් ගැටලුවක්. නරින් පැමිණීමත් පෙනේ. සිටින සුනඛයින් ආරක්ෂක වලල්ලක් සේ ක්‍රියා කරයි.ඔවුන් සිටින විට වෙනත් අය පැමිණීම වලකී. ඒ නිස සුනඛයින් විනාශ කිරීම අත් හිටුවා තිබෙ. ඒ සමගම සත්ව අවිහිංසා සංගම් වල බලපෑමද තිබේ. පසුගිය කාලයේ ඖෂධ හිගයක් තිබින . ඈත රෝහල් වල . නමුත් ප්‍රධාන රෝහල් වල හිග නොවීය.මේ වන විට එම හිගතා සම්පූර්නයෙන් ඉවත්බ් වී තිබේ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න