2023 වසරේ ජාත්‍යන්තර සාම දිනයට සමගාමීව සංහිඳියාවට බාධාවන සිදුවීම් වන අවස්ථාවල ජංගම දුරකථන හරහා පුර්ව අනතුරු ඇගවීමේ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ජාතික සමගිය හා ප්‍රතිසංධානය සදහා වන කාර්යාලය පවසයි.

ග්‍රාමීය මට්ටමින් සාමය හා සංහිදියාව ඇති කරලීම සදහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි දිවයිනේ සියලුම ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි මේ වන විට ග්‍රාමීය සංහිදියා කමිටු පිහිටුවීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වන අතර, ග්‍රාමීය මට්ටමේ සංහිදියා කමිටු 14022 ක 350000 ට අධික සාමාජික සාමාජිකාවන්ගෙන් සැදුම්ලත් දත්ත ප්‍රේෂණ ජාලයක් සහිතව නිර්මාණය කරන ලද මෙම වැඩ සටහන ජංගම දුරකථන යෙදවුමක් මගින් බල ගන්වා තිබේ.

ජාතික සමගියට බාධා වන මුල් අවස්ථාවේදීම එය හදුනා ගැනීමටත්, ඊට ක්ෂණික ප්‍රතිචාර දැක්වීමටත්, බිම් මට්ටමේ සිට රාජ්‍ය පාලන තන්ත්‍රය දක්වා පුළුල් ලෙස සැළසුම් සහිතව සම්බන්ධ කරමින් ග්‍රාමීය සංහිදියා කමිටු පිහිටුවා ඇත.

2023 වසරේ ජාතික සාම දිනය සැමරීමේ ප්‍රධාන උත්සවය ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් 2023 සැප්තැම්බර් මස 22 වන දින මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී පැවැත්වේ.

ජාත්‍යන්තර සාම දිනයට සමගාමීව ගැටුම් වැළැක්වීම සහ නිරාකරණයට අවශ්‍ය පසුබිම සකස් කර ප්‍රජාව බල ගැන්වීම අරමුණු කර ගනිමින් සිවිල් සංවිධාන සහ විෂය ප්‍රවීණයන් පොදු ජනතාව සම්බන්ධ කරගත් සංවාද මණ්ඩප, ජාත්‍යන්තර සාම දින උත්සව පරිශ්‍රයේ තබා ඇති පුවරුවක ජාතික සමගිය පිළිබදව අදහස් සටහන් කිරීමේ සමරු පවුර, කලාව තුළින් සංහිදියාව විදහා දක්වන සිත්තම් පවුර වැඩ සටහන, සංහිදියාව පිළිඹිබු වන ආකාරයට පාසල් විශ්ව විද්‍යාල හා විවෘත අයුරින් සේයාරූ, සිතුවම්,කවි නිර්මාණ තරග, චිත්‍රපට ප්‍රදර්ශන හා සංවාද, මෙරට හදුනාගත් විවිධ ජන වර්ග 21 ක් සහ ඔවුන්ට ආවේණික සංස්කෘතික විචිත්‍රත්වය භාෂා රටා ආගමික වටිනාකම් ආහාර සහ ආවේණික ඇදුම් ප්‍රදර්ශනය කෙරෙන කුටි 21 ක් එකම ස්ථානයක දැක ගැනීමට අවස්ථාව ද ජාත්‍යන්තර සාම දින උත්සවයට සමගාමීව සංවිධනය කර තිබේ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න