අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාව අද (05) රජයේ ප්‍රචෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

2093-09-04 දින පැවැත්වුණු අමෘත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ

01, ජල කළමනාකරණ අවශ්‍යාතාව හදිසි තත්ක්වයක්‌ ලෙස සලකා ඒකාබද්ධ ප්‍රවේශයක්‌ යටතේ කටයුතු කිරීම

පසුගිය දිනවල පැවති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන්‌ දිවසිනේ දිස්ත්‍රික්ක 17කට අයත්‌ ප්‍රාදේශිය ලේකම්‌ කොට්ඨාස 70ක පදිංචි පවුල්‌ 84,000කට පමණ පානීය ජල ගිහයකට මුහුණපෑමට සිදුව ඇති ඛව ජාතික ආපදා සහන මධ්‍යස්ථානය විසින්‌ 5098-08-22 ඳින ප්‍රකාශයට පත්‌ කරනු ලැබ ඇති වාර්තාවක්‌ මගින්‌ පෙන්වෘ දී ඇත. එම තන්න්වය යටතේ රට තුළ පිහිටි ජලාශ පද්ධතිවල ප්‍රමාණවත්‌ ජල ධාරිතාවක්‌ එක්‌ රැස්වන තෙක්‌ දැනට පවතින සීමිත ජල ධාරිතාවන්‌ ප්‍රශස්ත අයුරින්‌ පරිහරණය කිරීම සහ කළමනාකරණය කිරීම කළ යුතුව තිබේ, අමාත්‍ය මණ්ඩලය විසින්‌ 2053-07-10 දින අනුමත කරන ලද ජාතික ජල සම්පත්‌ ප්‍රතිපත්තියට අනුව පානීය ජලය සැපසීමට ප්‍රමුඛතාවක්‌ ලබා දිය ‘යුතු අතර, අනෙකුත්‌ ජල පාර්ශ්වකරුවන්‌ ආරක්ෂා කිරීමට ද රජය බැඳි සිටී, ඒ අනුව, ප්‍රමාණවත්‌ වර්ෂාපතනයක්‌ ලැබෙන කෙක්‌ පානීය ජලය සම්පාදනය හදිසි භා ප්‍රමුඛතම අවශ්‍යතාවයක්‌ ලෙස සලකා කටයුතු කිරීමටක්‌, ඒ සඳහා අවශ්‍ය ප්‍රියවර ගැනීම පිණිස ජාතික ජලසම්පත්‌ ප්‍රතිපත්තිය මගින්‌ යෞජිත ජාතික ජල සම්පත්‌ සභාව හදිසි ක්‍රියෘකාරී කමිටුවක්‌ වශයෙන්‌ කටයුතු කිරීමටන්‌ රාජ්‍ය පරිපාලන, ස්වදෝශ කටයුතු, පළාත්‌ සභා හා පළාත්‌ පාලන අමාත්‍ය වශයෙන්‌ ගරු අග්‍රාමාත්‍යතුමා; චාරිමාර්ග අමාත්‍යතුමා; සහ ජලසම්පාදන සහ වතු යටිනල පහසුකම්‌ සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත්‌ කළ ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයේ සඳහන්‌ යෝජනා සඳහා අනුමැනිය ලබා දෙන ලදි.

02, මහෘ පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන්හි 2028 දෙවන කංර්තුව අවසන්‌ වචන වීට ප්‍රගතිය

රේඛීය අමාත්‍යාංශ මඟින්‌ ක්‍රියාත්මක කරකු ලබන මහා පරිමාණ සංවර්ධන ච්‍යාපෘතීන්‌ 909ක 5058 දෙවන කාර්තුව අවසන්‌ චන විට අත්කර ගනු ලැබ ඇති ප්‍රගතිය පිළිබඳව මුදල්‌, ආර්ථික ස්ථාසීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන්‌ ගරු ජනායිපතිතුමා විසින්‌ ඉදිරිපත්‌ කරන ලද වාර්තෘව අමාත්‍ය මණ්ඩලය විසින්‌ සලකා බලන ලදී. දැනට ආරම්භ කර ඇති ණය ප්‍රතිව්‍යුභගතකරණ ක්‍රියාවලිය අවසන්‌ චන නෙක්‌ විදේශිය අරමුදල්‌ මත ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතින්ට අදාළ අරමුදල්‌ උපයෙංජනය කළ නොහැකි වීම සහ දේශීය අරමුදල්‌ නිදහස්‌ කිරීම සීමිත වීම හේතු කොට ගෙන 2023දෙවන කාර්තුව අවසන්‌ වන විට

ව්‍යාපෘති බොහොමයක ප්‍රගතිය අපේක්ෂිත මට්ටම්ට වඩා පහළ මට්ටමක පවතින බව අමාත්‍ය මණ්ඩලය සැලකිල්ලට ගන්නං ලදී. ඒ අනුව, ණය ප්‍රතිව්‍යුභගතකරණ ක්‍රියාවලිය අවසන්‌ වීමෙන්‌ අනතුරුව චිදේශීය අරමුදල්‌ උපයොජනය කිරීමට හැකියාව ලැබෙන තෙක්‌ දැනට ක්‍රියාන්මක වෙමින්‌ පවතින ව්‍යාපෘති අතුරින්‌ රජයේ 5048 සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සහ දැනට පවතින ආර්ථික අර්බුදයට පිළියමක්‌ ලෙස දායකක්වය ලබා දිය හැකි ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින්‌ 90594 වර්ෂයේදී අයවැය ප්‍රතිපාදන වෙන්‌ කර දීමට අමාන්‍ය මණ්ඩලය විසින්‌ තිරණය කරන ලදී.

03. වෘත්කීය මාර්ගෝපදේශනය තුළින්‌ තෘතියික අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම

අ.පො.ස. (සාමානා්‍ය පෙළ) විභාගය අවසන්‌ කරනු ලබන ශිෂ්‍යයන්‌ අ.පො.ස. (උසස්‌ පෙළා අධ්‍යයන කටයුතු ආරම්භ වන තෙක්‌ හො අ.පො.ස. (උසස්‌ පෙළ) විභාගය අවසන්‌ කරන ශිෂ්‍යයන්‌ වෘත්තීය අධ්‍යාපනයට යොමු වන කෙක්‌ පාසල්‌ පද්ධතිය තුළ රඳවා ගනිමින්‌ වෘත්තීය අධ්‍යාපනට අදාළ මූලික ක්ෂේත්‍ර පහක්‌ ආවරණය වන පරිදි විෂය මාලාවක්‌ සම්පූර්ණ කිරීම පිණිස ඔවුන්‌ සඳහා අවස්ථාව සලසා දීමේ වැඩපිළිවෙලක්‌ සැලසුම්‌ කර ඇත. වෘත්තීය අධ්‍යාපනය සඳහා පොදුවේ වැදගත්‌ වන කොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂාව ප්‍රධාන වශයෙන්‌ ද ඊට සමගාමීව මෘදු කුසලතා වර්ධනය කිරීම ද එකී වැඩසටහන ම්භින්‌ අපේක්ෂා කරනු ලබයි. ප්‍රථමයෙන්‌, යෞජිත වැඩසටහන නියමූ ව්‍යාපෘතියක්‌ වශයෙන්‌ දිවයිනේ සෑම අධ්‍යාපන කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි නෞරා ගත්‌ පාසල්‌ 820ක මාස 8 – 4ක කාලසීමාවක්‌ සඳහා ක්‍රියාත්මක කිරීමටකන්‌, ඉන්‌ අනතුරුව නියමු ව්‍යාපෘතියේ ප්‍රතිඵල මන 50594 වර්ෂයේ සිට එම ව්‍යාපෘතිය ජාතික වැඩසටහනක්‌ වශයෙන්‌ ක්‍රියාත්මක කිරීමටක්‌ අධ්‍යාපන අමාත්‍යකුමා ඉදිරිපත්‌ කළ යෞජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමත කරන ලදී.

04. ශ්‍රී ලංකා ඉඩම්‌ සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු මුතුරාජවෙල පිහිට්‌ ඉඩම්‌ කොටස්‌ කිහිපයක පරවශ්‍යතා අයිතිය ලංකා විදුලිබල මණ්ඩලයේ භූගත නළ පද්ධතියක්‌ එලීම සඳහා බදු දීම

ශ්‍රී ලංකා ඉඩම්‌ සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු මුතුරාජවෙල පිහිටි අක්කර 69ක්‌ වූ ඉඩම්‌ කොටසක්‌ 1997 වර්ෂයේදී ලංකෘ විදුලිබල මණ්ඩලය චෙත විකිණීමෙන්‌ බැහැර කර ඇති අතර, ඉන්‌ කොටසක යුගදනවී බලාගාරය ඉදි කර තිබේ. එම ඉඩමේ ඉතිරි කොටසේ මේ වන චිට සොබදනවි නව විදුලි බලාගාරය ඉදි වෙමින්‌ පවතී, එම ඉන්ධන බලාගාර සළූහා භූගන සිසිලන නළ මාර්ග සහ භූගත ඉන්ධන නළ මාර්ග ඉදි කිරීමේ අවශ්‍යතාවන්‌ හඳුනාගෙන ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා ඉඩම්‌

සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු මුතුරාජවෙල පිහිටි තවන්‌ ඉඩම්‌ කොටස්‌ කිහිපයක්‌ හළුනාගෙන ඇති අතර, එකී ඉඩම්‌ කොටස්වල පරවශ්‍යතා අයිතිය උප කල්බදු ලබා දීමේ අයිතිය ද සහිතව ලංකා විදුලිබල මණ්ඩලය වෙත බදු පදනම මත ලබා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා ඉදිරිපත්‌ කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමත කරන ලදී.

05. කිරුළපන, ඩී.එම්‌.කොළඹගේ මෘාවතෙහි පිහිටි ඉඩම්‌ කොටසක්‌ වරකාගොඩ ශ්‍රී ඤාණරතන සමාජ සුභසාධන පදනම්‌ වෙන ලබා දීම

කොළඹ භා ඒ ආශ්‍රිත ප්‍රදේශවල පවත්වන ජාතික හා ආගමික උත්සව ඇතුළු අනෙකුන්‌ අවශ්‍යතාවන්‌ සඳහා දුරබැහැර ප්‍රදෝශවල සිට වැඩම කරනු ලබන ස්වාමින්‌ වහන්සේලාට නවාතැන්‌ පහසුකම්‌ සපයා ගැනීම පිණිස නිල ආරාමයක්‌ ඉදිකිරිමට සුදුසු බිම්‌ කොටසක්‌ ලබා දෙන ලෙස මහනුවර අස්ගිරි මහා විහාරයේ මහානායක ස්වාමීන්‌ වහන්සේ විසින්‌ ඉල්ලීමක්‌ ඉදිරිපත්‌ කරනු ලැබ ඇත. ඒ සඳහා කිරුළපන, ඩී.එම්‌. කොළඹගේ මාවනතෙහි පිහිටි නාගරික සංවර්ධන අයසිකාරිය සතු පර්ච්ස්‌ 97ක ඉඩම්‌ කොටසක්‌ හඳුනාගෙන ඇති අතර, එකී ඉඩම්‌ කොටස භික්ෂු ආරාමයක්‌ ඉදි කිරීම සඳහා වරකාගොඩ ශ්‍රී ඤාණරතන සමාජ සුභසාධන පදනම චෙත නිදහස්‌ දීමනා පත්‍රයක්‌ මහින්‌ පවරා දීම පිණිස නාගරික සංවර්ධන හෘ නිවාස අමාත්‍යතුමා ඉදිරිපත්‌ කළ ය්‍යොජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමන කරන ලදී.

06. ශ්‍රී ලංකා ප්‍රජාතෘන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජය විසින්‌ කොමරෝස්‌ සංගමය සහ සාඕ ටෞොමේ හා ප්‍රින්සිපේ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සමභ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීම

එක්සත්‌ ජාතීන්ගේ සංවිධානය විසින්‌ පිළිගන්‌ ස්වෛරී රාජ්‍ය 5ක්‌ අප්‍රිකානු කලාපය සතුව පවතී. ඒ අතුරින්‌ රටවල්‌ 0ක්‌ සමහ ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික සබඳතෟ පිහිටුවා ගෙන ඇති අකර, කවක්‌ රවවල්‌ 6කින්‌ එකහතාව අපේක්ෂාවෙන්‌ සිටී. ඒ අනුව, අප්‍රිකානු කලාපයේ නැගෙනහිර අප්‍රිකෘවේ පිහිටි දූපක්‌ සමූහයකින්‌ සමන්විත කොමරෝොස්‌ සංගමය සහ ශගිනියා බොක්කෙහි පිහිටි අප්‍රිකානු දුපතක්‌ වන සාගී ටෙමේ හා පින්සිපේ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සමහ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කර ගැනීම පිණිස විදේශ කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත්‌ කළ යෞොජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුම්ත කරන ලදී.

07. රැකියා සඳහා විගමනය පිළිබඳ ශ්‍රී ලංකා ජාකික ප්‍රතිපත්තිය සහ ක්‍රියාකාරි සැලැස්ම 20528-59027

ශ්‍රී ලංකාවේ ශ්‍රම විගමනය පිළිබඳ පළමු ප්‍රතිපක්තිය ජාතික ශ්‍රම සංක්‍රමණ ප්‍රතිපත්තිය වශයෙන්‌ 5008 වර්ෂයේදී සකස්‌ කරනු ලැබ ඇත, එම ප්‍රතිපත්තිය, අදාළ අමාත්‍යාංශ, විගමනික ශ්‍රමිකයින්‌ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්‌, විදේශ රැකියා නියෞොජිකායනන, පෞද්ගලික අංශය, සීචිල්‌ සමාජ සංවිධාන, වෘත්තීය සමිනි, විද්වතුන්‌, පර්යේෂණ ආයතන හාෘ සංවර්ධන හවුල්කරුවන්‌, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සහ එක්සත්‌ ජාතීන්ගේ නියෝජිතායතන ඇතුළු ශ්‍රම විගමන අංශයේ සියලු පාර්ශ්වයන්ගේ අදහස්‌ ලබා ගෙන නැවත සමාලෞොචනය කර රැකියා සඳූහා විගමනය පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය සහ ක්‍රියාකාරී සැලැස්ම 2028-2027 කෙටුම්පතක්‌ කරනු ලැබ තිබේ. ඒ අනුව, ජාතික භා ජාත්‍යන්තර නෛතික සහ ප්‍රතිපක්ති රාමුවලට අනුකූලව සකස්‌ කරනු ලැබ ඇති එකී ප්‍රතිපත්තිය හෘ ක්‍රියාකාරී සැලැස්ම්‌ 2098-2027 ක්‍රියාත්මක කිරීම පිණිස කම්කරු හෘ විදේශ රැකියා අමාත්‍යතුමා ඉදිරිපක්‌ කළ යෞජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමත කරන ලදී.

08. විද්‍යුත්‌ ත්‍රිරෝද රථ ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීම

විද්‍යුත්‌ ත්‍රිරෝද රථ නිෂ්පාදනයේදී සහ පෙට්‍රල්‌ හෝ ඩීසල්‌ භාවිතයෙන්‌ ධාවනය කරනු ලබන ත්‍රිරෝද රථ විදුලි බලයෙන්‌ ධාවනය කිරීමට හැකි වනු පිණිස පරිවර්තනය කිරීමේදී ඒ සඳහා විද්‍යුත්‌ ආරෝපින බැටරි භෘවිත කරන බැවින්‌ එවැනි ත්‍රිරෝද රථවල කාර බර කිලොග්‍රෑම්‌ 9000 ඉක්මවන ඛව භළුනාගෙන ඇත, එසේම, මොටර්‌ වාහන පනනේ අර්ථ නිරූපණය අනුව මෞටර්‌ ට්‍රයිසිකලයක තාර බර කිලෝග්‍රෑම්‌ 500ක්‌ හා දළ බර කිලෝග්‍රෑම්‌ 1000ක්‌ නොඉක්ම විය යුතු වේ. ඒ අනුව, විද්‍යුක්‌ ත්‍රිරොද රථ ලියාපදිංචි කිරීමට පවතින බාධාවන්‌ ඉවත්‌ කරමින්‌ මොටර්‌ වාහන පනත සංශෝධනය කිරීම පිණිස 5022-08-08 දින පැවති අමෘක්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එකී අනුමැතිය පරිදි නීති කෙටුම්පත්‌ සම්පාදක විසින්‌ සකස්‌ කරනු ලැබ ඇති පනත්‌ කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කෘශනය ලැබී තිබේ. එකී පනත්‌ කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමවන්‌, ඉන්‌ අනතුරුව, අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත්‌ කිරීමටත්‌ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත්‌ කළ යෞොජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමත කරන ලදි.

09. 1975 අංක 7 දරන ගෙවල්‌ කුලි පනත අවලංගු කිරීම සහ පදිංචිකරුවන්‌ ආරක්ෂා කිරීමේ පනත හඳුන්වා දීම

ඉඩම්‌ හිමියන්ගේ සහ කුලී නිවැසියන්ගේ අසිතිවාසිකම්‌ සහ යුතුකම්‌ නිශ්චය කිරීමේ අරමුණින්‌ හඳුන්වා දෙනු ලැබ ඇති 1972 අංක / දරන ගෙවල්‌ කුලී පනත සඳහා අවස්ථා කිහිපයකදී සංශෞ ධන සිදු කරනු ලැබ ඇති නමුත්‌, එම පනනින්‌ අපේක්ෂිත අරමුණු ඉටු නොවන බව පෙනී ගොස්‌ තිබේ, අධිකරණ, ඛන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටනේ ස්ථාපිත කරනූ ලැබ ඇති ගෙවල්‌ කුලී නීතිය පිළිබඳ උපදෝශක කම්ීටුව විසින්‌ මේ පිළිබඳව කරුණු අධ්‍යයනය කර ඇති අතර, ඒ අනුව කුලී නිවැසියාගේ සහ ඉඩම්‌ හිමියාගේ අයිතිවාසිකම්‌ සමානව ආරක්ෂා කිරීම අරමුණු කර ගන්‌ නව නීකියක්‌ හඳුන්වා දීම සුදුසු බවට යෝජනා කරනු ලැබ්‌ ඇන. එම යෞජනා සැලකිල්ලට ගෙන 19752 අංක / දරන ගෙවල්‌ කුලී පනත අවලංගු කිරීම සඳහා සහ පදිංචිකරුවන්‌ ආරක්ෂා කිරීමේ පනත නමින්‌ නව පනතක්‌ හළුන්වා දීම සඳහා පනත්‌ කෙටුම්පත්‌ සකස්‌ කිරීම පිණිස නීති කෙටුම්පක්‌ සම්පාදකට උපදෙස්‌ දීම සඳහා අයිකරණ, බන්ධනාගාර කටයුතු හං ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත්‌ කළ යෙං ජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුම්ත කරන ලදී.

10. 1992 අංක 40 දරන අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන පනත සඳහා සංශෝධන

වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින්‌ 1992 අංක 46 දරන අපනයන කෘෂිකර්මාන්නය ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇන. ඒ අනුව, එකී පනත සංශෝධනය කිරීම සඳහා පනත්‌ කෙටුම්පතක්‌ සකස්‌ කරන ලෙස නීනි කෙටුම්පත්‌ සම්පාදකට උපදෙස්‌ දීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත්‌ කළ යෞජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමන කරන ලදී.

11. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පන්‍යා කෙටුම්පත

අන්තර්ජාලය හරහභං සිදු කරන අසත්‍ය තොරතුරු ප්‍රචාරය හෘ ද්වේශ සහගත හැසිරවීම්‌ මගින්‌ සිදු වන භානිවලින්‌ පොදු සමාජය ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමින්‌ නීති කෙටුම්පත්‌ සම්පෘදක විසින්‌ සකස්‌ කරනු ලැබ ඇති මෘර්ගගත ක්‍රම්වල සුරක්ෂිතභාවය පිළිබඳ පනත්‌ කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශනය ලැබී තිබේ. එම පනන්‌ කෙටුම්පතේ 111 කොටසේ දැක්වෙන පරිදි පහත සඳහන්‌ ක්‍රියාචන්‌ මෙම පනකේ විධිවිධාන මඟින්‌ වැරදි වශයෙන්‌ අර්ථ නිරූපණය කර ඇත:

  • ආගමික හැගිම්වලට රිදවීමේ ඒකාන්ත චේතනාවෙන්‌ අසන්‍ය ප්‍රකාශයක්‌ සන්නිවේදනය කිරීම
  • ආගමික හැඟීම්‌ නිග්‍රහයට පාත්‍රා කිරීම සඳහා ඒකාන්තයෙන්‌ සහ ද්වේශ සහගත ලෙස අසතා්‍යා ප්‍රකාශයක්‌ සන්නිවේදනය කිරීම
  • වංචා කිරීම * අනෙකකු ලෙස පෙනී සිටීමෙන්‌ වංචා කිරීම
  • සාමය කඩ කිරීමක්‌ සිදූ කිරීම සඳහා ප්‍රකෝප කරවීමේ චේතනාවෙන්‌ ම අසන්‍ය ප්‍රකාශයක්‌ මහින්‌ චේතාන්විතව ම නින්දා කිරීම
  • කැරැල්ලක්‌ හෝ රජයට චිරුද්ධව වරදක්‌ ආදිය සිදු කිරීමට සැලස්වීමේ චේතනාවෙන්‌ අසත්‍ය ප්‍රකාශයක්‌ සංසරණය කිරීම
  • ගිරිහැර සිදු කිරීම සඳූහා සිද්යි පිළිබඳ ප්‍රකාශ සන්නිවේදනය කිරීම
  • ළමා අපයෝජනය
  • වරදක්‌ සිදු කිරීම සඳහා බොට්‌ (90%) සෑදීම හෙ වෙනස්‌ කිරීම

ඒ අනුව, එකී පනත්‌ කෙටුම්පන රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්‌ ඉන්‌ අනතුරුව, අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙන ඉදිරිපත්‌ කිරීමටත්‌ මහජන ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත්‌ කළ යෝජනාව අමාක්‍ය මණ්ඞලය වීසින්‌ අනුමත කරන ලදී.

12. ත්‍රස්ත විරෝධී පනත්‌ කෙටුම්පත

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරමින්‌ ත්‍රස්ත විරෝධී පනන හළඳුන්වා දීම සඳහා නීති කෙටුම්පත්‌ සම්පාදක විසින්‌ සකස්‌ කරන ලද පනත්‌ කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කර ඉන්‌ අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත්‌ කිරීම සඳහා 2022-09-05 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලද අතර ඒ අනුව, එකී පනතක්‌ කෙටුම්පත 9053-08-25 දින රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කරනු ලැබ තිබේ. ඉන්‌ අනතුරුව, උනන්දුවක්‌ දක්වන පාර්ශ්වයන්‌ (දේශීය හා අන්තර්ජාතික) ගණනාවක්‌ විසින්‌ එම පනත්‌ කෙටුම්පතේ ඇතැම්‌ වගන්කිී සම්බන්ධයෙන්‌ අදහස්‌ ඉදිරිපත්‌ කරනු ලැබ ඇත. ඒ අනුව, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය විසින්‌ ඉලෙක්ට්‍රොනික සහ විද්‍යුත්‌ මාධ්‍ය ඔස්සේ උනන්දුවක්‌ දක්වන පාර්ශ්වයන්ගෙන්‌ විසිමන්‌ පරිදි අදහස්‌ හා යෙංජනා කැඳවා ඇති අතර, ඇතැම්‌ පාර්ශ්වයන්‌ සමහ අධිකරණ, බන්ධනාගාර කටයුතු භෘ ආණ්ඩුක්‍රම වාංවස්ථා ප්‍රතිසංස්කරණ ඇමතිතුමා විසින්‌ සාකච්ඡා පවත්වනු ලැබ තිබේ. ඒ අනුව, ඉදිරිපත්‌ කරනු ලැබ ඇති සියලු අදහස්‌ හෘ යොජනා සැලකිල්ලට ගනිමින්‌ රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කරනු ලැබ ඇති මුල්‌ පනත්‌ කෙටුම්පත නැවත සංශෝධනය කර නව පනත්‌ කෙටුම්පතක්‌ නීති කෙටුම්පත්‌ සම්පාදක මහින්‌ පිළියෙල කිරීමට අවශ්‍ය පියවර ගනු ලැබ ඇත. එකී නව පනන්‌ කෙටුම්පත සඳහා නීතිපතිතුමෘගේ නිෂ්කාශනය ලැබී තිබේ. ඒ අනුව, එම පනත්‌ කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්‌, ඉන්‌ අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත්‌ කිරීමටත්‌ අධිකරණ, බන්ධනාගාර කටයුතු භා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා ඉදිරිපත්‌ කළ යෞජනාව අමාත්‍ය මණ්ඩලය විසින්‌ අනුමත කරන ලදී.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න