උසස් අධ්‍යාපනය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශවලට අදාළ විමසුමට ප්‍රතිචාර වශයෙන් අධිකරණ. බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය,විජයදාස රාජපක්ෂ මැතිතුමා විසින් නිකුත් කරන මාධ්‍ය නිවේදනය.
අගෝස්තු මස පළමු වන දින දෙරණ රූපවාහිනිය ඔස්සේ විකාශනය කරන ලද “Big Focus” වැඩ සටහනේ දී, මා විසින් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පිළිබඳව ප්‍රකාශ කරන ලද අතර, එහි දී, මා කියා සිටියේ අපගේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළ, ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු විසින් සතියකට පැය 5 ක් ඉගැන්වීමේ කටයුතුවල නිරතව සිටිය යුතු බවත්, එහෙත් එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාලයක ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු විසින් සතියකට පැය 35 ක් ඉගැන්වීම් කටයුතුවල නිරත වීමට නීත්‍යානුකූලව බැඳී සිටින බවත්ය. එය මාගේ හෙළිදරව්වක් නොව, ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම උදෙසා තිබෙන මහඟු අවස්ථාවන් සොයා බැලීම පිණිස පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඉදිරිපත් කරන ලද කාරණයක් පමණි. මෙම කමිටුව වනාහී විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, වෛද්‍යවරුන්, නීතිඥවරුන්, බැංකුකරුවන්, ගුරුභවතුන් වැනි බොහෝමයක් පාර්ශ්වයන්ගෙන් සමන්විතව පාර්ලිමේන්තුවේ දී නියෝජනය වූ කමිටුවකි. එනමුදු අපගේ සාකච්ඡාව හුදෙක් දේශපාලනමය උනන්දුවක් නොමැති වූ සුසංවාදී ස්වරූපයක් ගන්නා ලදී. සැබැවින්ම, මෙය හුදු දේශපාලනමය කාරණාවක් නොව, බරපතළ වශයෙන් ජාතියේ අභිලාෂයන් පදනම් කරගත් කාරණාවකි. මා එම කමිටුවේ සභාපතිවරයා වූ අතර, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය සහ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන ඇතුළුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥවරුන් අප වෙත ඉදිරිපත් කරන ලද කරුණු කාරණාවන් මෙහිදී විමසීමට ලක්කරන ලදී. මාගේ මතය නම්, මෙම කාරණයේ දී කිසිදු අධ්‍යාපනවේදියෙකු අපේක්ෂාභංගත්වයට පත්කිරීම අරමුණ නොවූ බවත්, හුදෙක් අපගේ තරුණ පරපුරේ සුභසිද්ධිය තකා අවශ්‍ය වන ප්‍රතිසංස්කරණ ගවේෂණය කිරීමේ මහඟු අවස්ථාවකට ප්‍රවේශ වීමේ අරමුණ පමණක් සංගෘහිතව තිබූ බවත්ය. හුදෙක් ධාරාණිපාත වැස්සෙන් බේරීමටවත් විශ්ව විද්‍යාල පරිශ්‍රයකට මා පාතබා ඇද්දයි එක් මහාචාර්යවරයෙකු විසින් මාහට අභියෝග කරන ලද නමුත්, මා අවධාරණය කර සිටින්නේ මා විශ්වවිද්‍යාලයට පාතැබුවේ හුදු එවැනි පිළිසරණක් ලබාගැනීමට නොව, සැබැවින්ම මා කොළඹ විශ්ව විද්‍යාලයෙන් එල්.එල්.බී. උපාධිය ලබාගැනීම සඳහාත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති උපාධිය ලබාගැනීම සඳහාත්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යවස්ථාමය නීතිය පිළිබඳ ආචාර්ය උපාධිය ලබාගැනීම සඳහාත්, කැළණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධිය ලබාගැනීම සඳහාත්, ස්විට්සර්ලන්තයේ ෆ්‍රෙයිබර්ග් විශ්වවිද්‍යාලයෙන් ආරවුල් විසඳීම පිළිබඳ ඩිප්ලෝමාව ලබාගැනීම සඳහාත් සැබවින්ම මා විශ්වවිද්‍යාලයට පාතබා ඇති බවයි. මා මේ වන විට නීතිය, බැංකු මූල්‍ය, ජනමාධ්‍ය, සිංහල සහ ඉංග්‍රීසි සාහිත්‍ය වැනි විෂයන් ගණනාවක් ආවරණය කරමින් පොත් 34 ක් පළකර ඇති අතර, එකී පුස්තකයන් අපගේ විශ්වවිද්‍යාල විසින් මෙන්ම නීති සහ අධිකරණ වෘත්තියේ නියැලි සිටින තැනැත්තන් මෙන්ම දිවයිනේ නීතිය සහ ජනමාධ්‍ය හදාරන සිසු පරපුර විසින් ද වඩාත් පුළුල් අන්දමින් පරිශීලනය කරමින් සිටින බව මෙහි ලා සඳහන් කරන්නේ සාඩම්බරයෙනි. මා එක් අවස්ථාවක කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ උත්තර පත්‍ර පරීක්ෂකවරයෙකු වූ අතර, උපාධි අපේක්ෂකයන්ගේ මෙන්ම පශ්චාත් උපාධි අපේක්ෂකයන්ගේ උත්තරපත්‍ර පරීක්ෂා කරන ලද අතර, විශේෂයෙන්ම පශ්චාත් උපාධි අපේක්ෂකයන්ගේ පර්යේෂණවල අධීක්ෂකවරයෙකු වශයෙන් ද ක්‍රියා කර ඇත. එමෙන්ම එක් අවධියක දී මා නීති උපාධියේ විෂයන් 12 ම ඉගැන්වීමේ කටයුතුවල නිරත වූ උපකාරක පංති ගුරුවරයෙකු ද විය. එමෙන්ම, දිවයිනෙහි අධ්‍යාපන ප්‍රතිපත්තිමය කාරණාවන් පිළිබඳව උපරිමාධිකරණවල දී කරුණු දක්වමින් තර්ක විතර්ක ඉදිරිපත් කර ඇත. එක් අවධියක දී මා අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කර ඇති අතර, රජයෙහි ප්‍රතිපත්තිමය තීරණ හුදෙක් විෂයභාර අමාත්‍යාවරයා විසින් නොව සමස්ථයක් වශයෙන් සාමූහික වගකීම දරමින් අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා රාජ්‍ය ප්‍රතිපත්තිමය තීරණම වන්නේය. මා නොහඳුනන එකී මහාචාර්යවරයාගේ හෝ ආචාර්යවරයාගේ සුදුසුකම් හෝ විශේෂඥතාවය අභියෝගයට ලක්කරමින් පහත් මට්ටමකට පත්වීමට මාහට අවශ්‍යතාවක් නොමැත. මා දන්නා අපගේ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඔවුන්ගේ මතය ප්‍රකාශ කිරීමේ දී මෙන්ම ක්‍රියාකලාපයෙන් ද ගෞරවනීය සහ අභිමානවත් වේ. මා විසින් පැහැදිලි කරන ලද ස්ථාවරය බොහෝ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සිය සාක්ෂිමය කරුණු දක්වමින් කමිටුව ඉදිරියේ පිළිගන්නා ලද අතර, මෙම තත්ත්වය නිවැරදි නොකිරීම සම්බන්ධයෙන් ඉමහත් පසුතැවිල්ල ප්‍රකාශ කරන්නට යෙදුණි. මෙම අවාසනාවන්ත තත්ත්වයට වගකිව යුතු පාර්ශ්වයන් විසින් අවශ්‍ය පිළියම් යොදනු ඇතැයි විශ්වාසකරමින් යහපත් චේතනාවෙන් යුතුව සියල්ල සිදු කළෙමු. අනාගතය ඉලක්ක කරගත් රාජ්‍ය ප්‍රතිපත්තියකට අනුගත නොවීම හේතුවෙන් අපගේ තරුණ පරපුර අඳුරු අනාගතයකට මුහුණ දෙමින් සිටින අවස්ථාවක, මෙම කාරණය සුළුවෙන් සළකා කාලය නාස්ති කරමින් විවාද කිරීම නොකළ යුතුය. කෙසේ වුව ද, මහාචාර්යවරුන් සමඟ විවාද කිරීමට මා බියවන බවක් ඉන් අදහස් නොවන අතර, යම් පිළිගත හැකි හේතුවක් වේ නම් එසේ විවාදයට එක්වීමට මා තුළ පැකිලීමක් නැත. මහජනතාව ඉදිරියේ පවතින එකම ප්‍රශ්නය නම් මහජන අරමුදල් මත යැපෙන රාජ්‍ය සේවකයින් ප්‍රමුඛතාවය ලබාදෙන්නේ මහජනතාවගේ පොදු අභිලාෂය සම්බන්ධයෙන් ද නොඑසේ නම් ඔවුන්ගේ පැවැත්ම සඳහාම ද යන්නයි. පසුගිය දශක කීහිපය පුරාවට අපගේ වටිනාකම් සහ සාරධර්ම විනාශය කරා මෙහෙය වූ අවලාද සහිත

සම්පත් දේශප්‍රිය
ගරු අධිකරණ අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න