රුසියාව, චීනය, ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය, ජපානය, කොරියාව දියුණු වී ඇත්තේ සුලුතරයේ භාෂාවෙන් අධිකරණ කටයුතු නොකිරීම හේතුවෙනි. සුලුතරයකගේ භාෂාවෙන් ඉහළ අධිකරණ කටයුතු කරන ශ්‍රී ලංකාව වැනි රටවල බහුතර ජනතාව නීතියේ පාලනයට ගරු කරන්නේ නැත. එම රටවල සබඳතා මත කටයුතු සිඳු වෙයි. ශ්‍රී ලංකාවේ අරගල බහුතර ජනතාවගේ භාෂාවෙන් සිඳුකරන අතර තීරණ සුලුතරයේ භාෂාවෙන් ගනී. හමුදා සෙබලුන්ට බහුතර ජනතාවගේ භාෂාවෙන් අමතන අතර, ඉහළ නිලධාරීන්ට සුලුතරයේ භාෂාවෙන් අමතයි. ජනාධිපතිවරයා ප්‍රතිඥා දීම සහ ජාතිය ඇමතීම සිංහල භාෂාවෙන් කරන අතර, තීරණ ගැනීම ඉංග්‍රීසි භාෂාවෙන් සිඳුකරයි. ශ්‍රී ලංකාවේ නීතියේ පාලනය පිහිටුවීමට නොහැකි වී ඇත්තේ  සුලුතරයක් විසින් බහුතරයේ භාෂාව ඉහළ අධිකරණ, පරිපාලන කටයුතු වලින් බැහැර කර තිබීමය. මේ අයුක්ති සහගත නීතිය ක්‍රියාත්මක වීම සහ පසිඳලීම තේරුම් නොගෙන සිඳු කරන කිසිම අරගලයක් සාර්ථක නොවේ. මේ සත්‍යය පිළිනොගෙන සිඳුකළ ගෝඨාභය ජනාධිපති ඉවත් කිරීමට නීතිය අතට ගැනීමෙන් අරගලකරුවන් කබලෙන් ලිපට වැටී ඇත. ගෝඨාභය ජනාධිපතිවරයාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නෙරපා දැමීමට සිංහල භාෂාවෙන් නිවේදන ප්‍රසිද්ධ කළ නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් සිය අරමුණු ඉටු කර ගැනීමෙන් පසු නැවත සුලුතරයේ ඉංග්‍රීසි භාෂාවට මාරු විය. දැන් ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්න විදෙස් හමුදා මැදිහත් වීමක් දක්වා ව්‍යාප්ත කරවීමට අවශ්‍ය පරිසරය ඉංග්‍රීසියෙන් තීරණ තීන්දු ගන්නා විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ප්‍රධානීන් විසින් සකස් කර ඇත. 2020.12.30 අංක 2208/13 අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් නීති පනවා සිංහල භාෂාවෙන් නීති අධ්‍යාපනය සහ විභාග පැවැත්වීම නතර කළ අලි සබ්‍රි ගෝඨාභය ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව නෙරපා දැමීමෙන් පසු විදේශ ඇමති වීම විදෙස් හමුදා කැදවීමට දායකත්වය දෙනු ඇත්තේ කොරෝනා තත්ත්වය ප්‍රයෝජනයට ගෙන විදෙස් නීති ගෙන ඒමට පනත් කෙටුම්පතක් ගෙන ඒමේ පූර්වාදර්ශයක් ඇති හෙයිනි. කෝරෝනා ව්‍යසනයට ආවරණය වී පනත් කෙටුම්පතක් ගෙනවිත් එක් පුරවැසියෙකුගේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවකින් (SC/SD/ 24/2021) පරාජය වූ අලි සබ්‍රි මෙදා අරගලය ප්‍රයෝජනයට ගෙන විදෙස් ඇමති වී ජාත්‍යන්තර හමුදා ශ්‍රී ලංකාවට ගෙන ඒමේ වැඩි ඉඩක් ඇත. (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව විදෙස් නීති ගෙන ඒමට අලි සබ්‍රි උත්සාහ කළ ආකාරය සහ එය පරාජය වූ ආකාරය දැන ගැනීමට 2021 ජූලි 06 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ 1389 – 1450 දක්වා පිටුවල ඇති 2021 අංක 17 දරන 2019 කොරෝනා වෛරස් රෝගය (කෝවිඩ් 19 ) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කියවන්න) බහුතර ජනතාවගේ භාෂාවෙන් ඉහළ අධිකරණ තීරණ නොදීම, අරගලකරුවන් කබලෙන් ලිපට වැටීම සහ විදෙස් හමුදා ශ්‍රී ලංකාවට පැමිණීමේ අවධානම තේරුම් ගැනීමට නිරවුල් සහ ස්වාධීන චින්තනයකින් ගෝඨාභය ජනාධිපතිවරයා නෙරපා දැමීම කියවිය යුතුය. මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන. 

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න