බ්‍රිතාන්‍යයේ යටත් විජිතවල සේවය කිරීමට ඉංග්‍රීසි ඉගෙන ගැනීම අනිවාර්ය කරන අධ්‍යාපනයක් සහ නීති ක්‍රමයක් ලංකාවේ ඇත. ලෝකයේ ඇති එකම ජාත්‍යන්තර භාෂාව ඉංග්‍රීසි පමණක් බව ජනතාවට ඒත්තු ගන්නවා තිබුණද එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර භාෂා 6ක් පිළිගෙන ඇති බව දරුවන්ගෙන් සඟවයි. ප්‍රංශය, ජර්මනිය, චීනය, රුසියාව, කොරියාව, ඉතාලිය, ජපානය වැනි ස්වාධීන දියුණු රටවල සේවය කිරීමට සහ අධ්‍යාපනය ලැබීමට ඒ භාෂා ඉගෙනීමට සිඳුවන අතර, ඒ ඒ භාෂා ඉගෙනීමට අවස්ථාව සළසා දී ඇත්තේ සුපිරි පාසල්වල වරප්‍රසාද ලත් සීමිත පිරිසකට පමණි. (ඇ.එ.ජ. පවා බ්‍රිතාන්‍යය යටත් විජිතයක් වී සිටීම මත එහි භාෂාව ඉංග්‍රීසි වේ) ශ්‍රී ලංකාවේ පාලන ආයතනවල ඉංග්‍රීසි අන්තවාදීන් බ්‍රිතාන්‍යය යටත් ව්ජිත පක්ෂපාතීත්වය රඳවා ගෙන ඇත්ත සඟවයි. ශ්‍රී ලාංකිකයන්ට ස්වාධීන රාජ්‍යයන් සමඟ ඇති බැඳීම ශක්තිමත් කිරීමට ඇති බාධාව දේශපාලකයන්ගේ දරුවන්ට බ්‍රිතාන්‍යයට සහ ඇ.එ.ජ. පැමිණ අධ්‍යාපනය ලැබීමට වැඩි අවස්ථාවක් ලබා දී තිබීමත්, නිදහස් අධ්‍යාපනය ලබන දරුවන්ට ජාත්‍යන්තර භාෂා 06 ඉගෙනීමට සහ නීතිය ඉගෙනීමට අවස්ථාව ලබා නොදීමත් ය. වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින ඩොලර් හිඟයටද ඉංග්‍රීසි අන්තවාදීන්ගේ මේ අදූරදර්ශී භාෂා ප්‍රතිපත්තිය හේතු වී තිබේ.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න