6 කොටස
04 වන චෝදනාව

  1. ඉහත කී එන්ඩීබී බැංකු ශාඛාවේ ගිනුම් අංක 106450013024, 101000046737, 100002001360, 100001014772, 100002001967, 100101001275, 100110000338, 100121001797 සහ 100124000238 දරන ගිනුම් නවයක් ඇතුළුව විවිධ බැංකුවල බැංකු ගිනුම් විස්සකට අධික සංඛ්‍යාවක් පවතවාගෙන යමින් එකී තොරතුරු අධිකරණ නිලධාරියෙකු විසින් ලබාදිය යුතු වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශයේ සඳහන් නොකිරීම,
    අග්‍රවිනිශ්යකාරවරිය විසින් ඉදිරිපත් කර ඇති ඇයගේ විත්තිවාචකය පිළිබඳ ලිඛිත ප්‍රකාශයේ 08(iii) ඡේදයේ 04 වන චෝදනාවේ සඳහන් බැංකු ගිණුම්වල විස්තර කුමක්දැයි විමසා ඇත. එලෙසම 08(iv) ඡේදයේ වාර්ෂික ගිනුම් සහ බැරකම් කුමක්ද යන්න විමසා ඇත.
    මේ සම්බන්ධයෙන් බැලූ බැල්මට පෙනී යන කරුණක් නම් එකී චෝදනාවේ ගිනුම් හා බැරකම් ප්‍රකාශයක් පිළිබඳව සඳහනක් නොමැත. ඒ බව අග්‍රවිනිශ්චයකාරවරිය විසින්ම ලබාදී ඇති විත්තිවාචක ප්‍රකාශයෙන් පෙනී යයි. එම චෝදනාවේ සඳහන්ව ඇත්තේ වාර්ෂික වත්කම් හා බැරකම් ප්‍රකාශයක් පිළිබඳවය. 1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක 1 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනත බලපාන තැනැත්තන් එකී පනතේ 2 වැනි වගන්තියේ සඳහන් කර ඇත. ඊට අනුව අධිකරණ නිලධාරින්ටද මෙම පනත අදාළ වේ. එබැවින් එකී පනතේ 3(3) වගන්තිය යටතේ අධිකරණ නිලධාරින්ද සෑම වර්ෂයකම මාර්තු මස 31 දිනට පෙර තම වත්කම් හා බැරකම් ප්‍රකාශනයන් නියමිත ආකෘති පත්‍රයේ සඳහන් කර ඉදිරිපත් කළ යුතුය.
    මීට අමතරව අධිකරණ නිලධාරියෙකු විසින් වෙනත් කිසිදු වත්කම් හා බැරකම් ප්‍රකාශයක් වාර්ෂිකව ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති අතර, අධිකරණ නිලධාරින් විසින් වාර්ෂිකව ලබාදෙනු ලබන එකම වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉහත කී පනත යටතේ ලබාදෙනු ලබන වත්කම් හා බැරකම් ප්‍රකාශයන් පමණක් වේ.
    එවැනි තත්ත්වයක් යටතේ අධිකරණ නිලධාරියෙකු විසින් වාර්ෂිකව ඉදිරිපත් කළ යුතු වත්කම් හා බැරකම් ප්‍රකාශ කුමක්ද යන්න විමසා සිටීම පිළිගත නොහැකි පදනම් විරහිත කරුණකි.
    අග්‍රවිනිශ්චයකාරවරියගේ වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කරමින් ජනාධිපති ලේකම් ඉදිරිපත් කරන ලද ලිපිය x1-x ලෙසද, අග්‍රවිනිශ්චයකාරවරියගේ වර්ෂ 2000 වත්කම් ප්‍රකාශය වත්කම් හා බැරකම් ප්‍රකාශය xක-(1) ලෙසද, අග්‍රවිනිශ්චයකාරවරියගේ වර්ෂ 2002 වත්කම් හා බැරකම් ප්‍රකාශය x1-(2) ලෙසද, වර්ෂ 2003 වත්කම් හා බැරකම් ප්‍රකාශ x1-(3) ලෙසද, වර්ෂ 2004 වත්කම් හා බැරකම් ප්‍රකාශ x1-(4) ලෙසද, වර්ෂ 2005 වත්කම් හා බැරකම් ප්‍රකාශය x1-(5) ලෙසද, වර්ෂ 2006 වත්කම් හා බැරකම් ප්‍රකාශය x1-(6) ලෙසද, වර්ෂ 2007 වත්කම් හා බැරකම් ප්‍රකාශය x1-(7) ලෙසද, වර්ෂ 2008 වත්කම් හා බැරකම් ප්‍රකාශය x1-(8) ලෙසද, වර්ෂ 2009 වත්කම් හා බැරකම් ප්‍රකාශය x1-(9) ලෙසද, වර්ෂ 2010 වත්කම් හා බැරකම් ප්‍රකාශ x1-(10) ලෙසද, වර්ෂ 2011 වත්කම් බැරකම් ප්‍රකාශය x1-(11) ලෙසද, වර්ෂ 2012 වත්කම් හා බැරකම් ප්‍රකාශ x1-(12) ලෙසද, ලකුණු කර ඇත.
    තවද, එකී චෝදනාවේ සඳහන් බැංකු ගිනුම් පිළිබඳව විස්තර අග්‍රවිනිශ්චයකාරවරිය විසින් ඉල්ලා සිටීමද පදනම් විරහිත කරුණකි. මන්දයත් අග්‍රවිනිශ්චයකාරවරිය සතුව ඇති බැංකු ගිනුම් පිළිබඳව දැනුම ඇය සතුව පවතින බැවින් හා තම ගිනුම් පිළිබඳ අවශ්‍ය තොරතුරු ඇයගේ බැංකුවලින් ලබාගැනීමට හැකියාව තිබියදී ඒ පිළිබඳව විස්තර තේරීම් කාරක සභාවෙන් ඉල්ලා සිටීම පදනම් විරහිත ඉල්ලීමකි.
    එකී චෝදනාවට පිළිතුරු දෙමින් අග්‍රවිනිශ්චයකාරවරියගේ ලිඛිත විත්තිවාචකයේ දක්වා ඇත්තේ ක්‍රියාත්මක වන සහ මුදල් ඇති එන්ඩීබී බැංකුවේ පවත්වාගෙන යන ගිනුම් ඇය විසින් හෙළිදරව් කර ඇති බවයි.
    අග්‍රවිනිශ්චයකාරවරිය ඇැයගේ ලිඛිත විත්තිවාචකයේ 08 වන ඡේදයේ දක්වා ඇති පරිදි 04 වන චෝදනාවට අදාළ කරුණු විමසා සිටියද, ඉන්පසු ඇයගේ එම විත්තිවාචකයේම එකී චෝදනාවට අදාළව තම විත්තිවාචකය ඉදිරිපත් කිරීම මගින්ම ඇයගේ සද්භාවය පිළිබඳව සැකයක් පැනනගිනු ඇත.
    කෙසේ වෙතත් අග්‍රවිනිශ්චයකාරවරිය විසින් තම බැංකු ගිනුම් පිළිබඳව නිසි තොරතුරු සපයා නොමැති බැවින් ඇය විසින්ම දක්වා ඇති පරිදි ඇයගේ බැංකු ගිනුම් පවත්වාගෙන යනු ලබන එන්ඩීබී බැංකුව විසින් සපයා ඇති අග්‍රවිනිශ්චයකාරවරියගේ බැංකු ගිනුම් පිළිබඳව සලකා බැලීම සිදුව ඇත. ඒ අනුව අග්‍රවිනිශ්චයකාරවරියගේ බැංකු ගිනුම්වල වැදගත් තොරතුරු සමහරක් පහත සඳහන් ලෙස විශ්ලේෂණය කර දැකිවිය හැක.
    බැංකු ගිනුම් තොරතුරු
    (1)
    ■ ගිනුම් අංකය (පැරණි) : 100002001360
    ■ ගිනුම් අංකය (නව) : 10111002058
    ■ බැංකු : එන්ඩීබී
    ■ ගිනුම් හිමිගේ නම : ශිරානි අංශුමාලා බණ්ඩාරනායක
    ■ ගිනුම් වර්ගය : විශේෂ ජංගම ගිනුම
    ■ ආරම්භක දිනය : 2005.11.11
    මෙම ගිනුම අද දක්වා සක්‍රියව පවතී. සෑම වර්ෂයකම මාර්තු 31 වන දින වන විට මෙම ගිනුම ශුන්‍ය වන ආකාරයට මුදල් මෙම ගිනුමෙන් ලබාගෙන එම මුදල් ආයෝජනය කිරීමක අග්‍රවිනිශ්චයකාරවරිය විසින් කර ඇත. වාර්ෂිකව දෙනු ලබන වත්කම් හා බැරකම් ප්‍රකාශයට අනුව මුදල් තිබුණද, නොතිබුණද, සියලු‍ම ගිනුම්, හෙළිදරව් කළ යුතුව ඇති නමුත් කිසිම අවුරුද්දක වත්කම් හා බැරකම් ප්‍රකාශයක මෙම ගිනුම් හෙළිදරව් කර නොමැත.
    අග්‍රවිනිශ්චයකාරවරියගේ එකී ගිනුමේ වැදගත් කොටසක් මෙලෙස උපුටා දැක්විය හැකිය.
    දිනය ශේෂය
    12.01.101 700,078.18
    13.01.2010 00
    07.04.2010 910,473.22
    18.02.2011 2,051,098.56
    05.05.2011 974,280.39
    25.10.2012 00
    (මෙම ගිනුම් වාර්තාව x2-1(6) ලෙස ලකුණු කර ඇත.)
    (2)
    ■ ගිනුම් අංකය (පැරණි) : 100002001967
    ■ ගිනුම් අංකය (නව) : 10110002778
    ■ බැංකු : එන්ඩීබී
    ■ ගිනුම් හිමිගේ නම : ශිරානි අංශුමාලා බණ්ඩාරනායක
    වර්ෂ 2010.04.15 දක්වා මෙම ගිනුම ඉතා සක්‍රීයව පැවති ගිනුමකි. වර්ෂ 2010.04.15 වන දින රු. 4,653,468.92ක මුදලක් ආයෝජනය කිරීම සඳහා (Securities) ආපසු ගෙන ඇත. ශේෂය වූ රු. 736.47ක මුදල ගිනුම් තවමත් පවතී. මෙම ගිනුම් අග්‍රවිනිශ්චයකාරවරිය විසින් කිසුදු වර්ෂයක වත්කම් හා බැරකම් ප්‍රකාශවල හෙළිදරව් කර නොමැත.
    අග්‍රවිනිශ්චයකාරවරියගේ එකී ගිනුමේ මාර්තු මස 31 වෙනි දිනට ප්‍රථම හා මාර්තු මස 31 දිනෙන් පසුව මුදල් තිබූ ආකාරය මෙලෙස දැක්විය හැකිය.
    දිනය ශේෂය
    13.01.2010 4,566,724.47
    13.01.2010 00
    15.04.2010 4,566,724.47
    15.04.2010 736.47
    03.11.2011 736.47
    (මෙම ගිනුම් වාර්තාව x2-1(10) ලෙස ලකුණු කර ඇත.)
    2011.11.01 දින ගිනුමේ අවම මුදල් ප්‍රමාණය නොතිබීම හේතුවෙන් රු. 250ක ගාස්තුවක් අයකොට ඇත. එහෙත් 2011.11.03 වන දින එම ගාස්තුව ඉවත්කර ඇත.
    (3)
    ■ ගිනුම් අංකය (පැරණි) : 100121001797
    ■ ගිනුම් අංකය (නව) : 106450000542
    ■ බැංකු : එන්ඩීබී
    ■ ගිනුම් හිමිගේ නම : ශිරානි අංශුමාලා බණ්ඩාරනායක
    මෙම ගිනුම නේවාසික විදේශීය මුදල් ඉතිරි කිරීමේ ගිනුමකි. වත්කම් හා බැරකම් ප්‍රකාශවල කිසිදු වසරක මෙම ගිනුම හෙළිදරව් කර නොමැත. තවද, මෙම ගිනුමට නව අංකයක් ලබාදීමෙන් පසු අග්‍රවිනිශ්චයකාරවරියගේ නිල නාමය භාවිතා කර ඇත. (මෙම ගිනුම් වාර්තාව x2-1(8) ලෙස ලකුණු කර ඇත.)
    (4)
    ■ ගිනුම් අංකය (පැරණි) : 106110012694
    ■ බැංකු : එන්ඩීබී
    ■ ගිනුම් හිමිගේ නම : ශිරානි අංශුමාලා බණ්ඩාරනායක
    දිනය ශේෂය
    20.10.2012 4,601,883.35
    24.10.2012 4,530,029.48
    24.10.2012 4,880,029.48
    31.10.2012 4,916,550.25
    (මෙම ගිනුම ං2-1(19) ලෙස ලකුණු කර ඇත.)
    මෙම ගිනුම අග්‍රවිනිශ්චයකාරවරිය විසින් ඉදිරිපත් කර ඇති වත්කම් හා බැරකම් ප්‍රකාශවල ඇතුළත්කර නොමැත.
    (5)
    ■ ගිනුම් අංකය (පැරණි) : 106110012128
    ■ බැංකු : එන්ඩීබී
    ■ ගිනුම් හිමිගේ නම : ශිරානි අංශුමාලා බණ්ඩාරනායක
    අග්‍රවිනිශ්චයකාරවරියගේ එකී ගිනුමේ මුදල් තිබූ ආකාරය මෙලෙස උපුටා දැක්විය හැකිය.
    දිනය ශේෂය
    23.04.2012 356,963.83
    30.04.2012 357,648.42
    30.04.2012 357,593.65
    31.05.2012 360,251.11
    25.06.2012 361,250.82
    30.07.2012 364,164.09
    06.07.2012 384,732.58
    31.07.2012 387,971.99
    31.08.2012 391,267.09
    30.09.2012 394,482,98
    31.10.2012 397,833.38
    (මෙම ගිනුම x2-1(18) ලෙස ලකුණු කර ඇත.)
    මෙම ගිනුම අග්‍රවිනිශ්චයකාරවරිය විසින් මෙම ගිනුමද තම වත්කම් ප්‍රකාශවල අනාවරණය කර නැත.
    (6)
    ■ ගිනුම් අංකය (පැරණි) : 100124000238
    ■ ගිනුම් අංකය (නව) : 106450013024
    ■ බැංකු : එන්ඩීබී
    ■ ගිනුම් හිමිගේ නම : ශිරානි අංශුමාලා බණ්ඩාරනායක
    අග්‍රවිනිශ්චයකාරවරියගේ එකී ගිනුමේ මුදල් තිබූ ආකාරය මෙලෙස උපුටා දැක්විය හැකිය.
    දිනය ශේෂය
    30.11.2009 0.00
    26.04.2011 1,297.19
    01.09.2011 26,306.15
    05.09.2011 1,306.15
    28.03.2012 9,348.83
    30.03.2012 1,358.83
    31.03.2012 1,362.38
    30.04.2012 1,364.69
    31.10.2012 1,378.52
    (මෙම ගිනුම x2-1(16) ලෙස ලකුණු කර ඇත.)
    මෙම ගිනුම වර්ෂ 2012 වත්කම් හා බැරකම් ප්‍රකාශයේ අග්‍රවිනිශ්චයකාරවරිය විසින් හෙළිදරව් කර ඇති අතර 2010 සහ 2011 වත්කම් ප්‍රකාශවල අනාවරණය කර නැත.
    (7)
    ■ ගිනුම් අංකය : 100110002058
    ■ ගිනුම් වර්ගය : විශේෂ ජංගම ගිනුම
    ■ බැංකු : එන්ඩීබී
    ■ ගිනුම් හිමිගේ නම : ශිරානි අංශුමාලා බණ්ඩාරනායක
    අග්‍රවිනිශ්චයකාරවරියගේ එකී ගිනුමේ මුදල් තිබූ ආකාරය මෙලෙස උපුටා දැක්විය හැකිය.
    දිනය ශේෂය
    03.10.2011 782,291.15
    09.02.2012 5,108,682.35
    09.02.2012 00
    17.02.2012 5,108,682.35
    17.02.2012 5,117,696.03
    17.02.2012 7,566,471.03
    17.02.2012 7,568,617.90
    17.02.2012 00
    24.02.2012 7,568,617.90
    24.02.2012 7,580,592.91
    20.02.2012 00
    05.04.2012 10,047,779.95
    5.04.2012 50,000.00
    5.04.2012 00
    11.04.2012 10,011,819.31
    11.04.2012 10,025808.43
    16.04.2012 00
    20.04.2012 10,025,808.43
    (මෙම ගිනුම x2-1(7) ලෙස ලකුණු කර ඇත.)
    අග්‍රවිනිශ්චයකාරවරිය විසින් මෙම ගිනුම කිසිදු වත්කම් හා බැරකම් ප්‍රකාශවල අනාවරණය නොමැත.
    (8)
    ■ ගිනුම් අංකය (පැරණි) : 100100039660
    ■ ගිනුම් අංකය (නව) : 106000134433
    ■ ගිනුම් වර්ගය : ඉතුරුම් ගිනුම
    ■ බැංකු : එන්ඩීබී
    ■ ගිනුම් හිමිගේ නම : ශිරානි අංශුමාලා බණ්ඩාරනායක
    අග්‍රවිනිශ්චයකාරවරියගේ එකී ගිනුමේ මුදල් තිබූ ආකාරය මෙලෙස උපුටා දැක්විය හැකිය.
    දිනය ශේෂය
    30.11.2009 219,037.55
    31.03.2010 252,253.47
    31.03.2010 252,157.43
    30.04.2010 253,089.83
    30.04.2010 252,996.56
    03.05.2010 252,984.09
    31.03.2011 306,975.32
    31.03.2011 306,858.45
    01.04.2011 306,845.95
    30.04.2011 307,980,85
    30.04.2011 339,945.98
    29.02.2012 355,712.87
    31.03.2012 356,996.72
    23.04.2012 00
    (මෙම ගිනුම x2-1(4) ලෙස ලකුණු කර ඇත.)
    මෙම ගිනුමේ වර්ෂ 2011 සිට අගවිනිසුරු නිල නාමය භාවිතා කර ඇත. වර්ෂ 2007 සහ වර්ෂ 2008 වත්කම් හා බැරකම් ප්‍රකාශවල මෙම ගිනුම ඇතුළත් කර නොමැත. වර්ෂ 2010, 2011 සහ 2012 වත්කම් හා බැරකම් ප්‍රකාශවල පමණක් ඇතුළත් කර ඇත.
    තවත් කොටසක් බලාපොරොත්තු වන්න

පාර්ලිමේන්තුවේ ලේඛන අන්තර්ගතයන් ආශ්‍රයෙන් ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු විසිනි

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න