මිනිසා තුල දර්පණ නියුරෝන (Mirror Neurons) සක්‍රීය වීම නිසා අනෙකා ගැන සංවේදී වීම සිදුවන බව රංග චිකිත්සක , මනෝ චිකිත්සක ආචාර්ය රවීන්ද්‍ර රණසිංහ මහතා (0719839507) පවසයි.එසේම ඒ හරහා සහකම්පනයද මතුවේ. සමාජ මාධ්‍ය ජාලා, වෙළද දැන්වීම් හරහා සිදු කෙරෙන පෙළඹවීමටද හේතුව ඔවුන් සිතා මතාම මිනිසා තුල පවතින දර්පණ නියුරෝන (Mirror Nurones) සක්‍රීය කර ගැනීමට සියුම් උපක්‍රම යෙදීම බව වෛද්‍ය රණසිංහ මහතා පෙන්වා දෙයි.
කෙසේ වෙතත් මේ ක්‍රමය ක්ෂණීක ආහාර වෙනුවෙන් පොළඹවා ගැනීමට, මත් පැන් ,දුම් වැටි සඳහා පොළඹවා ගැනීමටද සියුම්ව භාවිත කරන බවද ඔහු අනාවරණ කරයි.
වෛද්‍ය රණසිංහ මහතා මේ බව පෙන්වා දුන්නේ කොළඹ දී දැන් පැවැත්වෙන වැඩමුළුවකදී සෞඛ්‍ය නිලධාරීන් අමතමිනි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න