(DensysDengue Surveillance System ඩෙංගු පිලිබ ආවේක්ෂණ පද්ධතිය)

ඩෙංගු රෝගියෙකු බවට යම් පුද්ගලයෙකු රෝහලකදී හඳුනාගත් පසු ඔහු හෝ ඇය පිලිබද තොරතුරු කඩිනමින් තොරතුරු පද්ධතියකට ඇතුලත් කිරීමත් එම තොරතුරු ක්ෂේත්‍රයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දැකගත හැකි වන සේ සැකසූ ඩෙංගු සම්බන්ධ කාර්යක්ෂම,එසැණ යාවත්කාලීන වන තොරතුරු පද්ධතියක් (Densys – Dengue Surveillance System) ස්ථාපනය වී තිබේ. මෙහි ප්‍රයෝජනය වන්නේ යම් කිසි ප්‍රදේශයකින් ඩෙංගු ආසාදිත පුද්ගලයෙකු රෝහල් ගත කර පරීක්ෂණ සිදු කල වහාම ඩෙංගු බවට සනාථ කල සැණින් ඒ බව ක්ෂේත්‍ර කාර් ය මණ්ඩල දැනගැනීමෙන්, ඔහු හෝ ඇය ජීවත්වන ප්‍රදේශය ආශ්‍රිතව ඩෙංගු නිවාරණ වැඩසටහන් තවත් කාර්යක්ෂම කිරීමට ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලයට හැකියාව ලැබීමයි. එම කටයුත්තේ කඩිනම් බව ඩෙංගු පැතිරයාම සාර්ථකව පාලනය කිරීමට හැකියාව ලැබුනු එක් හේතුවකි.
එහෙත්, දින දෙකක පමණ සීමිත කාලයක සිට මෙම (Densys) තොරතුරු පද්ධතියට ජාතික බෝ නොවන රෝග විද්‍යායතනයෙන් (IDH) ඩෙංගු රෝගීන් පිලිබඳ තොරතුරු වාර්තා වීමක් සිදුවී නොමැති බවට පැතිරගිය කටකතා, වට්ස් ඇප් සහ සමාජ මාධ්‍ය ප්‍රචාර හේතුවෙන් එහි සත්‍ය අසත්‍යතාව විමසීමට “අලුත් සුව පුවත්” මීට සුළු මොහොතකට පෙර අදාල නිලධාරීන් අමතන ලදී.
ඒ අනුව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ නලීන් ආරියරත්න මහතා (0740931033) සහ ජාතික බෝ නොවන රෝග විද්‍යායතනයේ (IDH) අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනේෂ් කොග්ගලගේ මහතා (0718766870) යන ආයතන ප්‍රධානීන් ප්‍රකාශ කලේ එම තොරතුර සත්‍යනම් ඒ සම්බන්ධයෙන් ප්‍රමුඛතාව ලබාදී සොයා බලා නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න