1. ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයා ජාත්‍යන්තර භාෂා 3ක් දැන සිටිය යුතු බව.
  2. නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 5කට වැඩි කාලයක් සේවය කළ නීතීඥවරයෙකු අගවිනිසුරු ලෙස පත් කළ නොහැකි බව. (දැනට සිටින විනිසුරුවරු හැර)
  3. නීතිපති දෙපාර්තමේන්තුවේ වසර 5කට වැඩි කාලයක් සේවය කර ඇති නීතීඥවරු 7කට වඩා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු ලෙස වරකට පත් කිරීම කළ නොහැකි බව.
  4. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105.4 ව්‍යවස්ථාව මගින් පිහිටුවා ඇති බුද්ධ ශාසන අධිකරණයට විනිශ්චයකාර භික්ෂූන් වහන්සේලා මසක් ඇතුළත පත් කළ යුතු බවට ජනාධිපතිවරයාට නියම කිරීම.
  5. සිංහල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව වාක්‍ය 2කින් ඇති ආකාරයට ඉංග්‍රීසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවේ වාක්‍ය 2කින් නොදැක්වෙන දෝෂය නිවැරදි කිරීම.

අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) නීතීඥ නීති ග්‍රන්ථ කර්තෘ, මුද්‍රිත/විද්‍යුත් මාධ්‍ය ලේඛක සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන.
දුරකථන 0342256066, 0712063394

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න