විකාශන අධිකාරි පනතක් පාර්ලිමේන්තුවට ගෙන එන්න ලහි ලහියේ රජය කටයුතු කරගෙන යනවා.
ඇයි එසේ වන්නේ?
මේ පිළිබඳව යම් සාධක මත කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
ලංකාවේ සදාචාරාත්මක නොවන දේශපාලන සංස්කෘතියක් මේ වන විට තියෙනවා.
ඒ තුළ හොරකම, වංචාව, දූෂණය, බලය අවභාවිතා කිරීම, වගකීම පැහැර හැරීම, ජාවාරම් කිරීම, කප්පම් ගැනීම, මිනී මැරීම අද දේශපාලන සංස්කෘතිය බවට පත්වෙලා තියෙනවා.
ඒ අතර තවත් ප්‍රධානතම ගැටලු‍වක් තියෙනවා.
ලංකාවේ තරුණයින් සඳහා හිමිවිය යුතු වරප්‍රසාද වයෝවෘද්ධ පුද්ගලයින් රැසක් මේ වන විට භුක්ති විඳින තත්ත්වයක් තියෙනවා.
දූෂණය, මිනීමැරුම, වංචාව, මත්ද්‍රව්‍ය වෙළෙඳාමේ ප්‍රධාන නියෝජිතයින් බවට පත්ව සිටින පාර්ලිමේන්තුවේ ඇතැම් කණ්ඩායම් හා මැතිසබය තුළ වයෝවෘද්ධ පුද්ගලයින් තවදුරටත් මැතිවරණවලින් හා පත් කළ මන්ත්‍රී වශයෙන් තවදුරටත් පාර්ලිමේන්තුවේ රැඳීමෙන් කරන්නේ කුමක්ද?
එයත් තවත් දූෂණයක් නොවේද?
ඇත්තටම දෙමළ ජාතික සන්ධානයේ නායක හා ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී රාජවරෝදයම්ට පාර්ලිමේන්තුවේ ඇවිදගෙන යන්නටත් බැරි තරම්.
ඒ වගේම තව්ත අප්‍රමාණ අය ඉන්නවා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එස්. බී. දිසානායක හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති හා පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේනගේ වයස අවුරුදු 71ක්.
ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල ගම්ලත් හා සමගි ජනබලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාජක්‍රිෂ්ණන්ට අවුරුදු 70ක්.
මේ පිරිසට අමතරව හැට පැනපු මන්ත්‍රීලා දුසිම් ගණනක් පාර්ලිමේන්තුවේ ඉන්නවා.
එසේ වූවත් ජනාධිපතිවරයා අයවැය කතාවේදී කිව්වේ තරණයින්ට තැන දෙන බවයි.
අමු අමුවේ වැද බණ කියන විධායක ජනාධිපතිවරයා මේ සම්බන්ධව බොරුව හා ප්‍රෝඩාව මත යැපෙන පුද්ගලයෙක් යන්න ඉන් පැහැදිලි වෙනවා.
ජනාධිපති එසේ කිව්වට පාර්ලිමේන්තුවේ පනහට අඩු මන්ත්‍රීන් සිටින්නේ 70ක්.
225 අතරින් ලාබාලම මන්ත්‍රී නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී ජීවන් තොණ්ඩමන්.
දැන් ඔහු ඇමතිවරයෙක්.
ඔහුගේ වයස අවුරුදු 27ක්.
කෙසේ නමුත් ඉකුත් කාලයේම තරුණයින් කීවේ වයෝවෘද්ධ මන්ත්‍රීන් දේශපාලනයෙන් සමුගෙන තරුණයන්ට අවස්ථාව ලබාදිය යුතු බවයි.
තරුණයින්ට එසේ කියන විට රනිල් 2022 අයවැයේදී කිව්වේ මෙහෙමයි.
මම ඉපදුනේ ලංකාවට නිදහස ලැබිල අවුරුද්දකට පස්සේ.
ඒ වෙනකොට ආසියාවේ සංවර්ධිතම ආර්ථිකය තිබුණේ ජපානයට.
ලංකාවේ අප සිටියේ දෙවැනි තැන.
නිදහසින් පසු අවුරුදු 75ක් ගෙවී යන අවස්ථාවේදී අපේ රට පත්ව ඇති තත්ත්වය ගැන අපට සෑහීමකට පත් වෙන්න පුළුවන්ද?
අපට වැරදුනේ කොතැනද?
මෙසේ කියන්නේ 1977 සිට වසර 43ක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ඇමතිකම් දුසිම් ගණනක් ලබාගත් පුද්ගලයෙක්.
ඊට අමතරව අගමැතිකම් පස් වතාවකට වඩා වැඩිය කළ 74 වියැති රනිල් වික්‍රමසිංහ.
අගමැති දිනේශ් ගුණවර්ධන කතා නායක මහින්ද යාපා ඇතුළු පාර්ලිමේන්තුවේ හැත්ත බුරුත්තම යන්නේ සම්බන්ධන්ගේ රෙකෝඩ් කඩන්නදැයි කාටහරි හිතෙන්නේ නම් එසේ සිතීම වරදක් නැහැ කියල කියන්න පුළුවන්.
දැන් 2022 අයවැය කතාවේදී රනිල් එහෙම ප්‍රකාශ කරාට 2023 වර්ෂයේ මේ පසුගිය ජූනි 01 වැනිදා රනිල් වික්‍රමසිංහ මෙහෙම කියනවා.
ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා අප කරන්නේ වැරදි ප්‍රතිපත්ති.
ඒ කියන්නේ ගත වූ කාලය තුළම රනිල් වික්‍රමසිංහ කර ඇත්තේ වැරදි ප්‍රතිපත්ති මත දේශපාලනයක්.
ඒ කියන්නේ මහජනතාවගේ බදු මුදලින් යැපුනු රනිල් වික්‍රමසිංහ ඒක පැහැදිලිවම තේරුම්අරගෙන තියෙනවා.
දුර්වල වැඩසටහන් හා අසාර්ථක ව්‍යාපෘති ක්‍රමවත් මාවතකට රනිල් වික්‍රමසිංහා ගන්න හදන්නේ දැනුයි.
ඒ කියන්නේ ගත වූ කාලය තුළ ඔහුගේ භූමිකාව කුමක්ද වුණේ.
ඒ භූමිකාව තුළ තිබුණේ කුමක්ද?
ඇත්තටම මේ සියල්ලකින් හෙළි වුණ වැදගත් කරුණු ගණනාවක් තිබෙනවා.
දේශපාලනයේ අරමුණු වෙන්න ඕන ජනතා සේවයයි.
නමුත් එහි නියුතු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්ගේ ඉලක්කය ජාවාරම්.
ඇතැම් අය අපරාධකාරයින්.
ඒ වගේම රටේ සමාජ සංස්ථාවම සමස්ත ජාතියම පිරිහීමට හා කඩාවැටීමට තල්ලු‍ කරල තියෙනවා.
මේ තත්ත්වය කොහොමන් කෙළවර වෙන්නේදැයි ඇතිවන ප්‍රශ්නය හමුවේ තමයි රනිල් වික්‍රමසිංහ ඇතුළු නඩය මේ වන විට මාධ්‍ය මර්දනය සඳහා අයුතු ක්‍රියාමාර්ග පනත් ඉදිරිපත් කරන්න යන්නේ.
ඉන් විකාශන අධිකාරි පනත ප්‍රධාන වෙනවා.
විකාශන අධිකාරි පනතක් රනිල් වික්‍රමසිංහ ගෙන එන්න හදන්නේ ඇයි?
දැන් ඉතාම මහලු‍ මඩමක හැසිරීම භාවිතය තියෙන පුද්ගලයින්ගේ බොහෝ වෙලාවට සිදුවෙන්නේ මොනවාද?
ඒ කියන්නේ ලෝකයේ ඇතැම් රටවල මහලු‍ මට්ටමේ ඉන්න පුද්ගලයින්ට කලිසමේ චූ යන තත්ත්වයට පත්වෙලා තියෙනවා.
සුඩානයේ කලිසමේ චූ ගිය ජනාධිපතිගෙන් යම් පාඩමක් රනිල් වික්‍රමසිංහලා ඉගෙන ගෙන තිබෙනවා.
මේවා ජනමාධ්‍ය මගින් හෙළි වුණොත් ඉතාම ගැටලු‍කාරී තත්ත්වයක් උද්ගත වීමට පෙර මාධ්‍ය මර්දනය සඳහා ක්‍රියා කරන්න තමයි මාධ්‍ය විකාශන අධිකාරි පනත තුළින් කරන්න හදන්නේ.
කොහොම වෙතත් සුඩාන ජනාධිපතිවරයා හිතුවක්කාර හා අසාධාරණ ක්‍රියාකලාපය තුළින් කරුණු ගණනාවක් ඉස්මතු වී තිබෙනවා.
ඊට පෙර සූඩානය කියන්නේ මොකක්ද කියන එක අපි තේරුම්ගන්න අවශ්‍යයි.
මේ කනගාටුදායක තත්ත්වය හෙළිදරුව් කරන්නේ ඉතාම අපහසුවෙන්.
සූඩානය යනු එකම රාජ්‍යයක් වශයෙන් තිබිලා එය රාජ්‍යයන් දෙකක් බවට පත් වුණා.
දකුණු සුඩානයේ යුදහමුදාව සහ එම රජයේ මිත්‍ර සන්නද්ධ කණ්ඩායම්වලට මාසික චේතනයන් ගෙවාගන්න මුදල් නැති තත්ත්වයක් උදා වුණා.
මේ නිසා රජය හමුදා සාමාජිකයන්ට කියල තියෙනවා ඒ ගෙවා ගන්න බැරි චේතනවලට හිලව් වෙන්න සූඩාන තරුණියන්ව දූෂණයට ලක් කරන්න අවස්ථාව ලබාදෙනවා කියලා.
ඒ වගේම මේ රට මේ දැන් බංකොළොත් භාවයට පත්වෙමින් යන තත්ත්වය තුළ ඉදිරි කාලයේදී ශ්‍රී ලංකාවට මෙවැනි තත්ත්වයක් වපසරියක් ගොඩනැගෙන්න පුළුවන්.
මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමස්තයක් විදියට හමුදාව හා පොලිසියෙන් යැපීමේ මාවතකට දිගු වෙලා තියෙනවා.
ඒ මූලික ලක්ෂණ දැන් පෙන්නුම් වෙමින් යනවා.
කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් මේ සූඩාන සොල්දාදුවන්ට එරෙහිව නොගන්නා බවත් ඒ ක්‍රියාවලිය සඳහා සම්පූර්ණයෙන් අවසර ලබාදෙන බවත් ප්‍රකාශ කරල තිබුණා.
ඒ අනුව පසුගිය වසර 2022 තුළදී පමණක් දකුණු සුඩානයේ තරුණියන් 1300ක් පමණ අමු අමුවේ දූෂණයට ලක්වෙලා තියෙනවා.
මේ තරුණියන් අවුරුදු 13 සිට 30 දක්වා වයස්වල පසුවූ යෞවනියන්.
පාසල් සිසුවියන් විශාල පිරිසක් ද මේ අතර ඉන්නවා.
මේ ස්ත්‍රී දූෂණයෙන් බහුතරයක් සිදුවෙලා තියෙන්නේ අර යුදහමුදා චේතනයට හිලව්වන ගෙවීමක් ලෙසයි.
දකුණු සුඩානය ස්වාධීන රාජ්‍යයක් බවට පත්වෙලා දැනට වසර 5ක් පමණ ගතවෙලා තියෙනවා.
රට තුළ කිසිදු දියුණුවක් නැහැ.
දවසින් දවස විනාශයට පත්වෙමින් තිබෙනවා.
අවුරුදු 74ක් පුරා ශ්‍රී ලංකාවට අත්වුණෙත් ඒ වගේ තත්ත්වයක්.
ඔබට මතක ඇති ඉතිහාසය හදාරපු අයට අනුරාධපුර යුගයේදී මහින්ද නමින් රජකු සිටියා.
ඔහුට සිය හමුදාව හා ආරක්ෂකයින්ගේ වැටුප් අදාළ චේතනයන් ගෙවීමට නොහැකි වීම නිසා ඔහුට සිය රාජ්‍යත්වය දමා පලා යන්න සිදුවුණා.
මේ තත්ත්වයම ලංකාවේ රාජ්‍ය පාලනයට එහෙම නැත්නම් ඉදිරි කාලයේදී දේශපාලනයේ බලය ලබාගන්නා පාලකයින්ට අත්වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
ඒ නිසා එවැනි අවස්ථා මගහරවාගැනීමට සූඩානයේ සිදුවූ සිදුවීමම ඉදිරි කාලයේදී ලංකාවට සිද්ධ වෙන්න පුළුවන්.
මේ වන විට ලංකාවේ දූෂිත ව්‍යාපාර කරන කැසිනෝ මාෆියාව, ගණිකා වෘත්තිය, කුඩා බව හා මහා පරිමාන වෙළෙඳාම කරන බහුතරයක් මන්ත්‍රීවරුන් වශයෙන් පත් වී තිබෙනවා.
ඔවුන් සම්බන්ධව කිසිම සදාචාරාත්මකව දුරාචාරාත්මක ක්‍රියා පිළිවෙත් පිළිබඳව හඬක් නගන්නේ නැහැ.
මේ රටේ බෞද්ධ භික්ෂූන් සදාචාරය ගැන කතා කරනවා.
නමුත් මේ දුරාචාරය අපේ සංඝ සමාජයේ යථිවරුන් ඉතාම නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවා.
මේ නිසා මේ සූඩානයේ කතාව අප සිත් කීරි ගැසන කතාවක් වෙන්න පුළුවන්.
ඒ කතාව අත්දකින්න ඔබට ඉදිරි කාලයේදී සමහරවිට ඔබේ දූදරුවන්ට සිදුවන්න පුළුවන්.
යාපනය උතුරු නැගෙනහිර යුද ගැටුම්වලදී සිවිල් ජනතාව ඉතාම අසරණ තත්ත්වයට පත්වන අවස්ථාවලදී මේ සම්බන්ධව ක්‍රියා කරපු නැති සිවිල් සමාජය ලංකාවේ දකුණේ ජනතාව ඇත්තටම ඉතාම ඒ පිළිබඳව කනගාටුවා පල කරපු නැති ජනතාවට පෙරළා පසුගිය කාලයේදී එවැනිම ආර්ථික අගහිගකම්වලට වෙනත් පීඩනවලට මුහුණ දෙන්න වුණා.
ඒ පිළිබඳව උතුරු නැගෙනහිර යුද්ධ අවස්ථාවලදී ජනතාවට පීඩාවට ලක්වීමේදී දකුණේ ජනතාව නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම පිළිබඳ විශ්ලේෂණයක් ඉදිරි කාලයේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.
වසර 7කට ඉහත දී තමයි සුඩානයේ යෞවනියන් දූෂණය කරන්න සිය හමුදා භටපිරිස්වලට අවස්ථාව ලබාදුන්නේ.
මේ ඉහත කතාව කිසියම් ප්‍රලාපයක් නොවේ.
ලෝකයේ සැබෑලෙස සිදුවූ සජීවී කතන්දරයක්.
හමුදා චේතනය වෙනුවට තරුණයන් දූෂනය කිරීමට අවසර ලබාදීම.
යම් රටක රජයක් විසින් සිදු කරන්නේ යැයි පැවසීම අප මින් පෙර කිසි දිනක අසා නැති කතාවක්.
ඒත් දැන් එය සත්‍ය වගතුගක් බවට පත් වී හමාරයි.
මේ වසර 4කට පෙර මේ ප්‍රකාශයට පත් වූණේ බීබීසී ජාත්‍යන්තර මාධ්‍ය සේවයේ වාර්තාවක් මගින්.
එනම් එම ප්‍රකාශය සිදු කර තිබුණේ 2016 මාර්තු 11 වෙනිදයි.
බීබීසී වාර්තාවට අනුව ඉහත ප්‍රකාශය සිදුකර ඇත්තේ එසේම මෙසේ පාර්ශ්වයකින් නොවේ ඍජුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්.
එනම් එකල එක්සත් ජාතීන්ගේ නිල වාර්ථාවකට අනුව බීබීසී වාර්තාව සකස් කර තිබෙනවා.
එම වාර්තාව මගින් එකල ප්‍රකාශ කර ඇත්තේ ලෝකයේ අංක එකට ඇති ලිංගික අපරාධ කරන රට සුඩානය බවයි.
තවත් කරුණු හෙළි වෙනවා.
ඒ සුවිශේෂී කරුණ නම් මෙම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව ප්‍රකාශ වී තිබෙන්නේ එවකට මානව හිමිකම් කොමසාරිස් වූ ස්වයිට් රාත් අල් හුසේන්ගේ අධීක්ෂණය යටතේයි.
ඔහු ඒ මගින් තවදුරටත් අවධාරණය කර තිබෙන්නේ ලෝකයේ දරුණුතම හා පිළිකුල් සහගතම මානව හිමිකම් උල්ලංඝනය වන රට දකුණු සුඩානය බවයි.
දැන් මේ වන විටත් ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් අප්‍රමාණව සිදුවෙනවා.
මානව හිමිකම් කොමිසම ඇතුළත ගැටුම් වර්ධනය කර පුරවැසියන්ගේ මානව හිමිකම් සුරැකීමට නොහැකි තත්ත්වයක් රජය පත් කරල තියෙනවා.
ඒ අනුව ඉදිරි කාලයේදී දකුණු සුඩානයේ තත්ත්වය ලංකාවටත් අත්විඳින්න තිබෙන ඉඩකඩ වැඩියි.
සමහර දකුණු සුඩාන හමුදා සාමාජිකයින් විසින් පාසල් සිසුවියන් දූෂණයට ලක් කරන විටදී එම තරුණියන්ගේ මවුවරුන්ට දක්නට සලස්වන ආකාරයෙන්ද එම අපරාධ තිරිසන් අයුරින් සිදු කළ බවද ඉහත එක්සත් ජාතීන්ගේ වාර්තාවේ පෙන්වාදී තිබෙනවා.
උතුරු නැගෙනහිර ගැටුම හමුවේ ලාංකික හමුදා සාමාජිකයින්ගේ එවැනි අත්දැකීම් එවැනි ක්‍රියාකාරකම්, එවැනි මානව හිමිකම් උල්ලංඝනය කිරීම සිදුවූ බවට අන්තර්ජාතික චෝදනා පත්‍ර පසුගිය කාලය පුරා නිකුත් වුණා.
ඒ නිසා අපේ හමුදාව පොලිසිය ම්ලේච්ඡ තත්ත්වයේ මූලික ප්‍රවේශයන් ඒ අනුව හැසිරිලා තිබෙන බව අප තේරුම්ගත යුතු කරුණක්.
නමුත් මේ තත්ත්වය මීට වඩා අපි මනා බුද්ධිමත්ව තේරුම්ගත යුතුයි.
එක්සත් ජාතීන්ගේ ඒ චෝදනා පත්‍ර අභිබවා ලාංකික පුරවැසියන්ගේ සදාචාරාත්මක ගුණාංග අපි ඉදිරිපත් කළ යුත්තේ අපේ නිර්ව්‍යාජ භාවය අනුවයි.
සුදු කොඩි නඩුවේදී සරත් ෆොන්සේකාට ඉදිරිපත් කිරීමට තිබුණු ඒ සැබෑ හෙළිදරව්ව ඔහු සිදු කළේ නැහැ.
ඒ නිසා මේ සැබෑ තත්ත්වය යටපත් වී තිබෙනවා.
කාලයක් පුරා ලෝකයේ අපට ලෝකයෙන් අසන්නට ලැබුණේ එක් සුඩානයක් ගැන පමණයි.
ඒත් තවත් සුඩානයක් ගැන අසන්නට ලැබුණේ පසුකලකදියි.
එනම් වසර ගණනාවක් පුරා පැවති සුඩානයේ සිවිල් යුද්ධයෙන් පසුවයි.
2011 ජුලි 09 වැනිදා දකුණු සුඩානය වෙනම රාජ්‍යයක් ලෙස බිහි වුණා.
දැන් අපිත් මෙවැනි අත්දැකීම් සමුදායකය ප්‍රවේශ මාවතක ඉන්නවා.
අපිත් වසර 30ක යුද්ධයක අත්දැකීම් ලැබුවා.
ඉදිරි කාලයේදී රනිල් වික්‍රමසිංහගේ හැසිරීම භාවිතය අනුව මේ රට දෙකඩ වීමේ ඉඩකඩ ආසන්න වෙමින් තිබෙනවා.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ තනතුර හා මහාචාර්ය තනතුර සුනඛ තත්ත්වයට දමා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කතා කිරීම.
මහාචාර්ය මනතුංගට ඊට ප්‍රතිචාර දැක්වීමට බැරිවීම ගැන පසුවට කතා කිරීමට දැනට ඉඩකඩ තබාගැනේ.
ඒ පිළිබඳ ජාතිවාදීන් කරන චෝදනා හා ක්‍රියාමාර්ග නිසා මේ පිළිබඳව නිවැරදි අවබෝධ්‍යක් සමාජගත වෙන්නේ නැහැ.
බුද්ධාගම විකුණගෙන යැපෙන ඇතැම් භික්ෂූන් වහන්සේලා ඒ පිළිබඳව විනාශ මුඛයට යොදන ආකාරයට කතා ගොතන අවස්ථාත් තියෙනවා.
ඒ නිසා නිවැරදි දැක්මකින් ඒ පිළිබඳ තීරණය කළ යුතුයි.
සුඩානයේ වෙන්විමත් එක්ක ඉන්පසු එතැන් සිට මේ වන විට වෙනම රාජ්‍ය පාලනයක් යටතේ සුඩානය පාලනය වෙනවා.
එනම් වසර 12කට පෙර එසේ කැඩී වෙන්වූ දකුණු සුඩානය නම් ස්වාධීන රාජ්‍යයට වෙනම ජනාධිපතිවරයකු පත් වුණා.
ඔහු ප්‍රධාන සුඩානයට එරෙහිව සිවිල් යුද්ධයක් මෙහෙය වූ යුද්ධ හමුදා ප්‍රධානියකු වුණා.
එලෙස දකුණු සුඩානය ප්‍රථම ජනාධිපතිවරයා ලෙස පත් වුණේ සැල්වාකි මයා දිග් නමැති සුඩාන දේශපාලකයායි. :ී්ක් ණසකර ඵ්හ්රාසඑ* නමැති සුඩාන දේශපාලනඥයයි.
ඔහු ඊට පෙර ප්‍රධාන සුඩාන රාජ්‍යයේ උප ජනාධිපතිවරයා වශයෙන්ද කටයුතු කරල තියෙනවා.
ඒ වගේම එරට යුද හමුදාපතිවරයා ද වෙලා තියෙනවා.
දැනට 71 ක් වැනි වියෙහි පසුවන මොහු එදා එම රාජ්‍යය පිහිටුවා ගත් දිනයේ සිට මේ තාක් දකුණු සුඩානයේ ජනාධිපති ධුරයේ වසර 12ක්ම රැඳී ඉන්නවා.
මේ දකුණු සුඩානය නමැති රාජ්‍යයේ ඉතාම ශෝචනීය වගතුගක් ලියාතබමින් මේ පිළිබඳව කරුණු දක්වන්න හේතු වුණේ කුමක්ද?
එනම් ඉතා අතිශ්‍ය අපූරු කතාන්දරයක් නිසයි.
ඒ කතාන්දරය ඇතැම් විට ලංකාවේ දේශපාලනඥන්ටත් ඉදිරි කාලයේදී අත්දැකින්න වෙන්න පුළුවන්.
එවැනි අත්දැකීම් හමුවේ ඔවුන් සමහර විට මාධ්‍යයට අවශ්‍ය මර්දන නීති පනවාගැනීම සඳහා ඊට ආරම්භයක් වශයෙන් විකාශන අධිකාරි පනතක් මගින් අවශ්‍ය රීතින් හා නීතින් ක්‍රියාත්මක කරන්න යනවා යැයි සිතන්න පුළුවන්.
මේ තොරතුරු හෙළි වුණේ දකුණු සුඩානයේ ප්‍රජබා අගනගරය තුළින්.
එනම් එම නගරයේ අලු‍තින්ම ඉදි කරවූ මහාමාර්ගයක් විවෘත කිරීම සඳහා දකුණු සුඩාන ජනාධිපති සැල්වා කී මයාද් පැමිණ තිබෙනවා.
උත්සවය ආරම්භ වී එරට ජාතික ගීය වාදනය කිරීම උදෙසා සියලු‍ම පිරිස් සම්භාවනීය අමුත්තන් ඇතුළු සියලු‍ම පුරවැසියන් සීරුවෙන් සිටගෙන තිබෙනවා
ගත වුණේ විනාඩියක් පමණයි.
ජාතික ගීය වාදනය වෙමින් තිබුණා.
ජනාධිපතිවරයා සිටගෙන සීරුවෙන් සිටගෙන ඉන්නකොට ඔහුගේ දක්නට ලැබුණේ ඉතාමත් අස්වාභාවික දසුනක්.
එනම් ඔහු යම් අපහසුතාවයකින් සිටින ආකාරයක් සැනකින් දිස්වෙන්න පටන්ගත්තා.
තම ළය මතට එක් අතක් තබාගෙන ජාතික ගීයට ගෞරව දක්වන ජනාධිපතිවරයාගේ ශරීරයෙන් පහළ කොටසෙහි යම් ලක්ෂණයක් දකින්න ලැබුණා.
එනම් ඔහුගේ යුරෝපීය දිගු කලිසමේ සිට ඉහළ සිට දෙපතුළ දක්වා යම් ද්‍රාවණයක් බේරීගෙන පහල දක්වා ගලායන ආකාරය දිස්වෙන්නට වුණා.
මෙම ද්‍රාවණය පහළට ගලාගෙන එන්නේ ඔහුගේ ලිංගික ප්‍රදේශයේ සිට බව පෙනෙන්නට වුණා.
සැණකින් ඔහුටත් මේ දසුන නෙත ගැටෙන්නට වුණා.
මීට සහභාගි වූ පිරිස මහත් අපහසුතාවයට පත් වුණා.
සිදුවන්නේ කුමක්දැයි රැස්ව සිටි පිරිසත් ජනාධිපතිවරයාත් වහා අවබෝධ කරගත්තා.
ජනාධිපතිවරයාට නොදැනීම මුත්‍රා පිටවන බැව් පෙනී ගියා.
ඔහු එම අවස්ථාවේ පැළඳ සිටියේ ලා නිල්පැහැති දිගු කලිසමක්.
මුත්‍රා පිටව යන ආකාරය ඉතා පැහැදිලිව දකින්නට හැකිවුණා.
තත්ත්පර කිහිපයක් ගත වුණේ ඒ සිද්ධිය මුත්‍රා පහව ගිය පසු ඔහුගේ සපත්තු පැළඳ දෙපතුල ළග කුඩා තටාකයක ආකාරයෙන් මුත්‍රා පිරී ගියා.
මේ සිදුවීම වන විටත් ජනාධිපතිවරයා තමන්ට සිදුවන්නේ කුමක්දැයි තම හිස බිමට නැඹුරු කරමින් බලන ආකාරය දක්නට ලැබුණා.
එසේම උත්සව සභාව පිරිස මහත් අපහසුතාවයට පත් වන ආකාරය දක්නට ලැබුණා.
මේ මොකක්ද? වයස ඉක්මවා ගිය අය බලය සඳහා තවදුරටත් රැඳී සිටීමේ ප්‍රථිපලය.
මේ අවස්ථාවන් ඉදිරි කාලයේදී අපගේ පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතරයකින් අපට දකින්නට පුළුවන් වෙයි.
ඒ කුමක්ද මැති සබයේ මහලු‍ මඩමක් වැනි කිව්වොත් වඩාත් නිවැරදියි.
ද්‍රවිඩ එක්සත් පෙරමුණ මන්ත්‍රී සම්බන්ධන්ගේ මේ වන විට 89 ඉක්මවමින් ඉන්නවා.
ඇවිදින්නත් බැහැ. පඩිත් එක්ක ගෙදර ඉන්නත් නිවාඩු ලබාගන්නත් ඔහුට හැකියාව ලැබිල තියෙනවා.
ඒ නිසා මෙවැනි සුළුදිය ප්‍රසිද්ධ උත්සවවලදී යන අවස්ථා ඔබට දකින්නට ලැබෙන අවස්ථාව වැඩි ඈතක නෙමෙයි.
එවැනි අවස්ථා මතුවීම වළක්වාගැනීම ඒවා ප්‍රචාරය කිරීම අවම කිරිම සඳහා මේ වන විට රජය විකාශන අධිකාරි පනතක් ගෙන එමින් මාධ්‍ය නිදහස අවලංගු කරන්න යනවා.
මේ වගේ කරුණු නිසා ඉදිරි කාලයේදී අපේ රට තවදුරටත් සුඩානයේ ස්ත්‍රී දූෂණ හිමිකම් හමුදාවට ලබාදීමේ පරිසරයක් ගොඩනැගේද?
අනුරාධපුර යුගයේ මහින්ද රජුට සිදුවූ අකරතැබ්බය වර්තමාන ජනාධිපතිවරයා ඇතුළු පාර්ලිමේන්තුවට පලායෑමට සිදුවේද?
මේ ගැන ඉදිරි විග්‍රහයක බලාපොරොත්තු වෙමු.
හැට පැන්නට තවමත් ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතාවගේ බදු මුදල් වලින් යැපෙන විවිධ වරප්‍රසාද භුක්ති විඳින ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව පිළිබඳව යථා තොරතුරු ඉදිරි කාලයේදී තවදුරටත් බලාපොරොත්තු වන්න.

ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න එය පිට

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න