පසුගිය ලේඛනය තුළින් ලංකාවේ රාජ්‍ය පරිපාලනය සඳහා විධායකය විසින් ගන්නා වැඩ බෙදාදීම පිළිබඳව අප කතා කළා.
ඒ වැඩ බෙදාදීමේදී උපදේශකත්වය ලබාගැනීමේදී ජනාධිපතිවරයාගේ තීරණය කළමනාකරණ මූලධර්මවලට සහ මුලින්ම වෙනස් විකෘති මූලධර්ම මත හැසිරෙන බව තවදුරටත් අපි කතා කරමු.
ගියවර අප ඒ සඳහා උදාහරණයක් වශයෙන් ගත්තේ හිටපු නගරාධිති කොළඹ රෝසි සේනානායක මහත්මිය.
ඕනෑම සංවිධානයක එහෙමත් නැත්නම් නිෂ්පාදන හෝ සේවා ආයතනයක කුමන තරාතිරමක හෝ ශ්‍රමිකයකුට නිශ්චිත කාර්ය භාරයක් පවරාදීම කළමනාකරණයේ වටිනා න්‍යායක්.
එය ආයතනයකට එසේ නම් රාජ්‍ය මූලධර්ම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී තත්ත්වය මීටත් වඩා සම්භාවනීය විය යුතුයි.
එසේ වීමෙන් අදාළ පුද්ගලයාට එහෙම නැත්නම් සමාජයට තමා නියැලී සිටින ජීවන වෘත්තියේ නිපුණතා වැඩිදියුණු කරගැනීමේ හැකියාව ලැබෙනවා.
පෙර තිබුණු අත්දැකීම් න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ප්‍රයෝජනයට ගන්න පුළුවන්.
එවැනි අවස්ථා අපේ රාජ්‍ය මූලධර්මය තුළ ක්‍රියාත්මක නොවන නිසා අද මුළුමහත් රටම අගතියට පත් වී තිබෙනවා.
කාර්යක්ෂම හා සඵලතායි මානව සම්පතක් බවට අද ලංකාවේ ප්‍රජාව පත් වෙලා නැහැ.
මේ නිසා තවදුරටත් මේ තත්ත්වය වර්ධනය වෙමින් තිබෙනවා.
ක්‍රමානුකූල පුහුණුවක් ලබාදීමෙන් හසුරු කෞෂල්‍යයන් අදාළ තැන්වලට ගෙන ඒමෙන් අවම පිරිවැයකින් තම නිෂ්පාදන ඵලදායිතාවය එහෙම නැත්නම් රටේ සංවර්ධනය ගෙන යෑම ජනාධිපතිවරයකුගේ මූලික වගකීමක්.
ඒ වගකීම ඉටු වෙනවද? වංචාව දූෂණය, හොරකම, අල්ලස, බලය, අවභාවිතය ප්‍රධාන මූලධර්මය කරගත් රාජ්‍ය පරිපාලනයක් ශ්‍රී ලංකාව තුළ සිදුවෙන්නෙ.
එය රාජ්‍ය නිලධාරින් පත් කිරීමේදීත් උපදේශකයින් පත් කිරීමේදීත් ජනාධිපතිවරයා අතින් සිදුවන ප්‍රධාන වරදක්.
වගකීම් ඉටු කිරීමට හැකියාව නැති එවැනි දූෂිතයින් පත් වූ විට සිදුවන්නේ කළමනාකරණය පිළිබඳ ගැටලු ගණනාවක් ඉස්මතු වීමයි.
මේ පිළිබඳව ජනතාව දැඩි විරෝධයක් හෝ පිළිකුලක් දක්වන්න පොදු ප්‍රජාවට මනා දේශපාලන, අධ්‍යාපනික, සංස්කෘතික, ශාක්ෂරතාවයක් නැති කම ප්‍රධාන ගැටලුවක්.
දේශපාලනඥයින් වංචා කරන බව ජනතාව හොඳින් දන්නවා.
ඉන් පස්සේ ජනතාවත් හොරකම් කරගැනීමේ හැකියාව සොයා බලන්නේ මේ පසුබිම හමුවේ.
මෙය දේශපාලනඥයින්ගේ වටපිටාවෙන් වඩාත්ම කාන්දු වන්නේ රාජ්‍ය අංශයේ නිලධාරින්ට.
ඇතැම් දේශපාලනඥයන් අයතා ක්‍රම මගින් තමන් සතු ධනය කොල්ලකා එහෙම නැත්නම් රටේ ජනතාවගේ ධනය කොල්ලකා පිටරටවලට ගොඩ ගසා සිටින බව ජනතාව පැහැදිලිව දන්නා කරුණක්.
ඒ දූෂිත දේශපාලනඥයන්ට අනාගත පැවැත්මක් නැති බව දැන් පැහැදිලියි.
මෙය උද්ගත වී තිබෙන්නේ අධිකාරි බලය පිළිබඳ දේශපාලන ගැත්තන් පිළිබඳව ඇතිවී තිබෙන සමාජ පසුබිම හමුවේ.
බලයක් නැති කිසිවකුට වග නොකියන කළමනාකරුවකුගෙන් කුමන පලක්ද?
වර්තමාන ජනාධිපතිවරයා මහජන ඡන්දයෙන් පත් වූ අයෙක් නොවන නිසා මේ තත්ත්වය තවත් දරුණු වෙලා තියෙනවා.
අපේ රටට විධායක ජනාධිපති තනතුර හඳුන්වාදීමට පෙර තිබුණේ පාර්ලිමේන්තුවට වග කියන අගමැති තනතුරක්.
කිසිවකට වගනොකියන කිසිවකුට ප්‍රශ්න කල නොහැකි විධායක ජනාධිපති තනතුර 1978න් පසුව ස්ථාපනය කිරීමෙන් පසු සිදු වූ පිළිකුල් සහගත සමාජ සංස්කෘතිය මේ දිගහැරෙමින් ව්‍යාප්ත වෙමින් සමාජගත වෙමින් පවතින්නේ.
කිසියම් නිශ්චිත කාර්යභාරයක් ඉටු කිරීමට අදාළ තැනැත්තාට හෝ තැනැත්තියටද එසේ නම් අදාළ උපදේශකයාට බලයක් ලබාදීම සිදුවෙනවා.
අධිකාරි බලයක් සහිත එම පුද්ගලයින් තම බලය අවභාවිතා කරන තත්ත්වයකට පත් වන්නේ මෙවන් පසුබිමක් හමුවේ.
මහජන නියෝජිත ආයතන අතරින් අපි පාර්ලිමේන්තුව උත්තරීතරය කියල කියන්න පුළුවන්.
එය රටේ ව්‍යවස්ථාදායක සම්පාදන ආයතනය වන නිසා.
වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනා අතරින් 196ක් ජනතා මනාපයෙන් පත් වෙනවා ඒ ව්‍යවස්ථාවට අනුව.
ඉතිරි 29 දෙනා පක්ෂ නායකයන් විසින් තම මනාපය මත තෝරාගෙන පත් කරනු ලබනවා.
196 දෙනා තේරී පත් වන්නේ පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් මගින් ඉදිරිපත් කරන ලැයිස්තු ක්‍රම මගින්.
මේ ලැයිස්තු මගින් ඉදිරිපත් වන මන්ත්‍රීවරු ප්‍රභූත්වය මහා පරිමාණයේ ධන සම්භාරයක් ඇති බව, රාජ්‍ය නායකයාට නැත්නම් අදාළ දේශපාලන පක්ෂ නායකත්වයට ගැතිකම් කිරීම මත මේ පුරප්පාඩු පිරවෙනවා.
අපේක්ෂිත ලැයිස්තුවට නම ඇතුළත් කරගත හැක්කේ නායකත්වයේ කැමැත්ත, රුචිතකත්වය මතයි.
ඒ නිසා ඇකඩමික් දේශපාලන සංස්කෘතිය මේ නිසා ඉවත්ව ගිහිල්ල තියෙනවා.
නායකයන්ට අවශ්‍ය ඡන්ද පමණයි.
ඒ නිසා මන්ත්‍රීවරුන් ලෙස තේරී පත්වන පුද්ගලයන් හැදියාවෙන් පොහොසත් ආදර්ශමත් මනුෂ්‍යයන් වෙන්න ඕන.
නමුත් එවැනි සමාජ චර්යාවලින් තොර බහුතරයක් මේ වන විට අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සාමාජිකයින් වෙලා ඉන්නවා.
පොහොසත් දර්ශනයක් නැති නායකයින් එවැනි සමාජ වටිනාකමක් සම්භාවනියත්වයක් නැති පුරවැසියන් තෝරා ගැනීමට උනන්දු වෙන්නේ නැහැ.
ඔවුන්ට ඒ දේශපාලන නායකත්වයට අවශ්‍ය වෙන්නේ ඡන්ද ලබාගැනීමේ ඒ සඳහා මුදල් ප්‍රාග්ධනය වැය කිරීමේ පුද්ගලයින් සොයාගැනීම පමණයි.
නායකයන්ගේ මේ ආකල්ප හේතුවෙන් ව්‍යවස්ථා සම්පාදන ආයතනය වන පාර්ලිමේන්තුව අපරාධකරුවන්ගේ ග්‍රහණයට මේ වන විට ගොදුරු වෙලා තියෙනවා.
මෙය දේශපාලන වසර 75ක ඉතිහාසය පුරා දකින්න ලැබුණු ලක්ෂණයක්.
වරප්‍රසාද වරදානවලට ගිජු වූ මන්ත්‍රීවරු පක්ෂ නායකයින්ගේ එහෙයියන් බවට පත්ව ජනතාවට සේවය කළ යුතු සියලු දේ අමතක කරනවා.
මන්ත්‍රීවරුන්ට උවමනා දේවල් කරගත හැක්කේ ඉහළින් අනුමැතිය ලැබීම මතයි.
ඒ සඳහා ජනාධිපතිවරයාගේ ගැතිකම් මහජන ප්‍රතිපත්තිවලට එරෙහි සියලු දෙයට එහෙයියන් වන අවස්ථාව ලැබෙනවා.
මේ නිසා පාර්ලිමේන්තුව තුළ විනයානුකූල භාවය බින්දුවටම ගිහිල්ල තියෙනවා.
ඕනෑම සංවිධානයක මෙහෙයුම් කටයුතු ක්‍රමානුකූලව පවත්වාගෙන යෑමට නම් අදාළ සංවිධානයේ සෑම අධිකාරි කළමනාකරණ ස්ථරයකම උසස් ශ්‍රේෂ්ඨ විනයානුකූල භාවයක් තිබිය යුතුයි.
ඒ උසස් සම්බ්භාවනීය විනායනුකූල භාවයක් අද පාර්ලිමේන්තුව තිබෙනවාද?
මේ වසර 75 පුරාම දකින්නට පුළුවන් ලක්ෂණයක් වුණා.
ලාංකික සමාජයේ ජීවත්වන පවුල් සංස්ථාව තුළ රැකියා කරන ආයතනය තුළ සමාජ වටපිටාව තුළ විනයානුකූල භාවය පිරිහී යන්නේ පාර්ලිමේන්තුව ආදර්ශනයට ගනිමින්.
පාර්ලිමේන්තුව තුළ තිබෙන අවුල් සහගත බව නිසා කළමනාකාරිත්ව ගුණය නැති නිසා රට සුවිශාල විනාශයකට තල්ලු කරලා තිබෙනවා.
සඵලතායි ලෙස ඕනෑම සංවිධානයක් පවත්වාගෙන යෑමට නම් එතැන විනයානුකූල භාවය අංක එකට තිබිය යුතුයි.
නමුත් ඒ අංක එක නැති වූ බව ප්‍රදර්ශනය වුණේ පාර්ලිමේන්තුව කතානායකට මිරිස්කුඩු ගැසීමෙන් තවත් විවිධ ක්‍රියාවන් කිරීමෙන් ඒ ජනතාවට ප්‍රදර්ශනය වීමෙන් පැහැදිලි වුණා.
ඒ පැහැදිලිවීම් කොපමණ තිබුණත් ජනතාව ඔවුන්ගේ දේශපාලන සාක්ෂරතාවය නැති නිසා ඔවුන් පත් කරගත්තේ ඉන්පසුවත් කවුද?
මේ දේශපාලන ධුරාවලිය තුළ දූෂණය රජවීම නිසා මතු වී තිබෙන ගැටලු ඇත්තටම සුවිශාල සමාජ විනාශයක මූලික ලක්ෂණ මේ මොහොත වන විට ඉස්මතු වෙමින් තිබෙනවා.
විනයානුකූල භාවය විනයගරුකබව පාර්ලිමේන්තුව තුළ නැති නිසා රටට ඉන් ලැබෙන ආදර්ශය වැරදි නිසා තත්ත්වය භයානක වෙමින් තිබෙනවා.
මන්ත්‍රීවරුන්ගේ කාර්යභාරය මහජන කාර්යභාරය ඉටු කිරීම වසා හකුළුවා තිබෙන්නේ කුමන කරුණු නිසාද?
විධායකයට පක්ෂපාතීත්වය දක්වන තනතුරු ලැබ ගැනීමට උනන්දුවන සමාජ වටපිටාවක් ගොඩනැගී තිබෙන නිසා මේ රාජ්‍ය නිසා කළමනාකරණය සුනඛ තත්ත්වයට රාජ්‍ය පරිපාලනයේදී පත්වෙලා තියෙනවා.
මොන විදියටද මොන ක්‍රමයටද කියා තීරණය කරන්න අපහසුයි.
නමුත් විවිධ තැන්වලදී විවිධ අවස්ථාවලදී මහජන අවශ්‍යතා ඉටු කරගැනීමේදී රාජ්‍ය පරිපාලනයේ ඉහළ සිට පහළට සුනඛ තත්ත්වය ප්‍රදර්ශනය වන අවස්ථා මහජන ඔබ හොඳින් දන්නා කරුණක්.
ඊට හේතුව විධායක ජනාධිපති මන්ත්‍රීවරුන් පාවිච්චි කරන්නේ තමන්ගේ අවශ්‍යතා තමන්ගේ පැවැත්ම සඳහා මෙවලම් වශයෙන්.
ඒ මෙවලම් පෙරළා ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කිරීමට දැඩි නීති රීති ගෙන ඒමට මහජන විරෝධී ප්‍රජා විරෝධී සංකල්ප පනත් ගොඩනැගීමට දෙඅත් ඔසවන සංස්කෘතියක් ඒ තුළින් ප්‍රවර්ධනය වෙලා තිබෙනවා.
වඩා වටිනා ක්‍රම එලෙස පවත්වාගත යුතු යැයි අදහස මේ මන්ත්‍රීන් තුළ නැහැ.
ඒ නිසා ජනතාවට බොහෝ අවස්ථාවලදී සිදුවී තිබෙන්නේ ඉතාම කනගාටුදායක තත්ත්වයක්.
මෙලොව ජනිත වන අප කොයි කාගේත් පළමු ආහාරය වන්නේ මව්කිරි.
එය අලුත උපන් ඕනෑම සත්වයකුට වඩාත් සුදුසු සම්පූර්ණ ආහාරය වන නිසයි.
නමුත් අද ගැබිණි මවකට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාගැනීමේ සැලැස්මක් රජය සකස් කරලා තියෙනවාද?
නැහැ. ඒ නිසා ඉතාම අඩු වයස හා අඩු බරින් කොට දරුවන් මිටි දරුවන් බිහිවීමේ ප්‍රවනතාවයක් රට පුරා බිහිවෙලා තියෙනවා.
කොහොම වෙතත් මව්කිරි ලබාගැනීමේ වයස් සීමාව ඉක්මවා ගිය තැන කිරි දියර කිරි අපගේ ප්‍රධාන ආහාරයක්.
පෝෂ්‍යාදායී ආහාරයක්. සෑම දරුවෙකුටම වැඩිහිටියකුට තරුණයෙකුට ආහාරය වශයෙන් කිරි ලබාගැනීම ඉතාම වැදගත් දෙයක්.
නමුත් අද ලංකාවේ කිරි පැකට් එකක් ලබාගැනීමට නොහැකි වී ඇත්තේ අසරණ වී ඇත්තේ කුමක් නිසාද?
මනා කළමනාකරණ මූලධර්ම පිහිටා රජය කටයුතු නොකිරීම නිසා.
මේ නිසා ශරීර වර්ධනයට හා පවත්වාගැනීම සඳහා මේ කිරි පෝෂ්‍යදායී ආහාර ලබාගැනීමේ නොහැකියාව නිසා සමස්ත ජනතාවම අපහසු තතත්වයට පත්ව තිබෙනවා.
ඩොලරය පහළ ගිහිල්ලා රුපියලේ වටිනාකම ඇවිල්ලත් ලංකාවේ දේශීය කිරි නිෂ්පාදකයින් මේ සඳහා මිල 60%කින් අඩු කිරීමේ අවකාශ තිබුණත් අද කිරි රුපියල් 1200 ඉක්මවා ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවේ මිල සඳහන් වෙනවා.
මේ තත්ත්වය වෙනස් කිරීමට වෙළෙඳ අමාත්‍යංශය එහෙම නැත්නම් පාරිභෝගික අධිකාරිය මනාව ක්‍රියා කරන පරිසරයක් නැහැ.
ඊට ප්‍රධාන හේතුව කළමනාකරණය පිළිබඳ ඔවුන් සතු අවම දැනුම නොවේද?
කිරි යොදාගනිමින් නිෂ්පාදනය කරනු ලබන සෙසු ආහාර වර්ගද මිනිස් සිරුරේ පෝෂණීය බව ඉහළ නැංවීම සඳහා වඩාත් ප්‍රයෝජනවත් වෙනවා.
ඒවායේ ද මිල බොහෝ වෙලාවට ඉහළ ගණන්වල තියෙනවා.
කිරි යනු සමබර ආහාරයක්
එහෙම නම් ඒ පෝෂ්‍යදායි පදාර්ථ අන්තර්ගත කරමින් සකස් කරන ලද ආහාරයක් මහජනතාවට එහි වටිනාකමට මිලදී ගැනීමට අවශ්‍ය පසුබිම රජය සකස් කළ යුතුයි.
ශක්තිය වඩවන විටමින් ප්‍රෝටීන් මේද කාබෝහයිඩ්ටේ්‍රට් මෙන්ම ඛනිජ සහිත මේ ආහාරය අවම මිල ගණන්වලට මිලදී ගැනීමට ප්‍රජාවට ඇති හිමිකම රජය නැති කරල තියෙනවා.
එය ඉතාම කනගාටුදායක කරුණක්.
විනය නැති පාර්ලිමේන්තුවක් තුළින් ඒ සඳහා කළමනාකරණ ගුණාංග ඇතුළත් පනත් කෙටුම්පත් සකස් වෙයිද?
රටේ සෑම ක්‍ෂේත්‍රයකම මේ ඇති පසුගාමී දුර්වලතාවය ශක්තීන් බවට පෙරළාගැනීමට අවස්ථාව උදාකර ගෙන ඇත්තේ කෙසේද?
ඒ සඳහා උපායමාර්ගික සැලසුම් විධිමත් කළමනාකරණයක් ලංකාව සතු බවට පේනතෙක් මානයක දකින්නට නැහැ.
මූලධර්ම සහිත රාජ්‍ය කළමනාකරණ සංවිධානාත්මක පද්ධතියක් නැති කම ඉතාම ගැටලු සහගත තත්ත්වය නිසා සෞඛ්‍ය අධ්‍යාපනය සෙසු ආර්ථික ජීවන අවශ්‍යතාවලදී මහජනතාව තැලී පොඩිවී සිටිනවා.
උපායශීලී සැලසුම්වල මූලධර්ම සැකසීම රජයක ප්‍රධානියා හා අමාත්‍ය මණ්ඩලය සතුයි.
උපායමාර්ගික සැලසුම් නිශ්චිත වූත් සවිමත් වූත් පදනමකින් ගොඩනගාගන්නට අවශ්‍ය විඥානය ප්‍රඥාව අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා ඇතුළු සියල්ලන් සතු නැති බව මනාව ප්‍රදර්ශනය වන්නේ එදිනෙදා ජීවන අවශ්‍යතා වෙනුවෙන් පාරිභෝගික ද්‍රව්‍ය මිලදී ගැනීමට යාමේදී අධික ලෙස වෙළෙඳන්දා මහජනතාව සූරාකන පරිසරයක් නිසාය.
වැඩි වූ මිල ගණන් පහළට ගෙන ඒමේ උපායශීලී සැලසුම් සකස් කළ යුත්තේ රාජ්‍ය අංශයයි.
උපායශීලී සැලසුම් ක්‍රියාත්මක කිරීමට ඒ සඳහා මැදපෙළ කළමනාකරුවන් විසින් සකස් කර ගත යුතුයි.
උපායශීලී සැලසුම් නිර්මාණය කිරීමේදී ඊට ගැලපෙන ශක්තීන් විශ්ලේෂණය කරමින් අදාළ කෙටුම්පත් සකස් කරන්න අවශ්‍යයි.
තර්ජන හෝ බාධක අභියෝග හා ඊට අවශ්‍ය විකල්ප තියුණු විග්‍රහයන් වලින් ඒ කෙටුම්පත් නිර්මාණය විය යුතුයි.
නමුත් රටේ අභියෝගාත්මක ජීවත් වීමේ ගැටලුව තවදුරටත් දුර්වල ආර්ථික ශක්තීන් හමුවේ මහජනතාව තර්ජනයට ලක් වී ඉන්නවා.
මේ තර්ජනාත්මක වෙළෙඳ අධිකාරිය පෙරළා දැමීමේ උපායමාර්ගික සැලසුම් රාජ්‍ය මූලධර්ම මත කළමනාකරණය වී ඊට ප්‍රතිපත්තීන් සකස් කළ යුතුයි.
ඒ අරමුණු ඉෂ්ඨ කරගැනීම සඳහා ජනමාධ්‍ය මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුයි.
ඒ සඳහා ප්‍රබල දුරදිග විහිදුම් සමාජ සංකල්ප ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය මගින් ගොඩනැගිය යුතුයි.
නමුත් අවාසනාවකට එවැනි යාන්ත්‍රණයක් හෝ එවැනි උපායමාර්ගික සැලසුම් න්‍යායත්මක ඉදිරිපත් කිරීමේ මොළකරුවන් ජනමාධ්‍ය තුළින් මතු නොවීම ඒ සඳහා ජනමාධ්‍ය මෙහෙවරක් ඉටු කිරීමට උත්සාහ නොගැනීම
ඉතාම කනගාටුවට කරුණක්.
මේ තත්ත්වය නිසා තවදුරටත් රාජ්‍ය මූලධර්ම ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන්නේ පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයට අපහාස වන ආකාරයෙනි.
මේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් කියන්නේ ඔවුන් ශ්‍රේෂ්ඨ බවයි.
නමුත් ඔවුන් ප්‍රකාශ කරන හිස්වචනවල අර්ථය සලකා බැලීමේදී ඔවුන්ගේ හැසිරීම භාවිතය තේරුම්ගන්න පුළුවන්.
වර්තමාන ජනාධිපතිවරයාගේ ජනාධිපති ඉලක්කය මැතිවරණය අභිමතය සඳහා අවශ්‍ය පසුබිම සකස් කරන පාර්ලිමේන්තු සංස්කෘතියක් මේ වන විට දකින්න ලැබෙනවා.
රූකඩ බවට පත් වී සිටින බොහෝ බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සැනසීම වී ඇත්තේ ඔවුන්ගේ ව්‍යාපාර කොන්ත්‍රාත් කොමිස් අල්ලස් ලබාගැනීමේ පහසුව විධායකය මගින් ක්‍රමවත්ව කර ගැනීමේ මාවත් සැකසීම පමණයි.
ඒ නිසා කළමනාකාරිත්වයේ මූලධර්ම ක්‍රමවේද අනුගමනය කිරීමට හෝ උපදෙස් ලබාගැනීමට ජනාධිපතිවරයාට මේ වන විට අවශ්‍ය නැති තරම්.
ඇතැම් මන්ත්‍රීවරුන් මත්කුඩු, කසිප්පු, ගංජා, එතනොල්, දැව, ගල්, වැලි, පස් ජාවාරම්කරුවන්ට හරි හම්බකරන්නේ විධායකයේ ආරක්ෂාව හා සහයෝගය යටතේ යැයි කිව්වොත් වඩාත් නිවැරදියි.
ඒ කටයුතු කරගැනීමට මන්ත්‍රීවරුන්ට ලබාදෙන අනුග්‍රහය මත විධායකය යහතින් රට අධාර්මිකව ගෙන යන බව පැහැදිලිව පෙනෙන සත්‍යයක්.
ඇතැම් මන්ත්‍රීවරුන් පාතාල ලෝකයට සම්බන්ධයි.
ඇතැම් මන්ත්‍රීවරු මේ රටේ ආයෝජනය කරන ආයතන ප්‍රධානීන්ගේ විවිධ වරප්‍රසාද ලබාගන්නවා.
ඒ ලබාගැනීමට අදාළ ආයෝජකයින් පසුගාමී වන අවස්ථාවලදී අදාළ මන්ත්‍රි වරුන්ගේ උවමනාව අවශ්‍යතාවය මත පහරදීමට ඒ අය ගොදුරු වෙනවා.
මේ තත්ත්වය මත ලංකාවේ සිදුවෙන්නේ පාතාල දේශපාලන කොන්ත්‍රාත් ක්‍රමයක්.
ඒ නිසා නීතිය හා පොලිසිය සේම රාජ්‍ය ආයතන හා ආයතන සතු පොදු දේපල පාවිච්චිය අවභාවිතයට ලක්වී තිබෙනවා.
අතීතයේ පැවති තත්ත්වයන් ගැන පමණක් නොව හැම ආණ්ඩු යුගයකදීම මේ දේශපාලන දුරාචාරය අප දැක්කා.
ඒ නිසා මේ පිළිබඳව අවශ්‍ය මෙහෙයුම් දියත් කළ යුත්තේ සංවිචාරාණාත්මක සමාජයක් කරා මහජනතාව හඹා යෑම අද දවසේ වැදගත් කාර්යභාරයක්.
තවදුරටත් අප මේ පිළිබඳව රාජ්‍ය දුරාචාරය පිළිබඳව ලේඛනවලින් තොරතුරු ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරනවා.
විධායකයේ දුරාචාර ක්‍රියාවන් විවිධ උපායශීලී ක්‍රියාමාර්ග රට පුරා දියත් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිවරු හරහා.
මෙය පුරවැසියන්ට කාන්දු වෙලා තියෙනවා.
මේ කාන්දු වීම විදේශිකයන් දක්වා ක්‍රියාකිරීමට උනන්දුවෙන බව විවිධ ස්ථානවලින් වාර්තා වන තොරතුරු අනුව පැහැදිලියි.
පසුගිය ජූනි 3 වනදා රාත්‍රියේ රාත්‍රියේ සිද්ධියක් මේකට එක උදාහරණයක් වශයෙන් පෙන්වා දෙන්න පුළුවන්.
ඉන්දියානුවකු විසින් බලහත්කාරයෙන් රැඳී සිටින බව කියන කොම්පඤ්ඤ වීදියේ නවම් මාවතේ පිහිටු ග්‍රීන් ලංකා ගොඩනැගිල්ලට 50 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් 3 රාත්‍රියේ සිට ඇතුළුවෙලා තියෙනවා.
එය බලහත්කාර බලය පෙන්වීම රාජ්‍ය අංශයේ මැදිහත් වීමේ ආදර්ශනය මනාව ක්‍රියාත්මක වුණු අවස්ථාව ලෙස දකින්න පුළුවන්.
මේ තත්ත්වය ඉතාම කනගාටුදායක තත්ත්වයක්.
ඉන්දියානු ව්‍යාපාරිකයා රැඳී සිටින එම ගොඩනැගිල්ලේ 6 හා 7 මහල්වලට මෙම පිරිස ඇතුල්වීමට පටන්ගෙන තිබුණේ රාත්‍රී 10.45ට පමණ.
මුලින්ම මේ ගොඩනැගිල්ලට පැමිණුනේ ලාංකික පුරවැසියන් 16 දෙනෙක්ගෙන් යුත් මැර කණ්ඩායමක්.
ඉන් පසුව පාන්දුර එනම් 4 වැනිදා පාන්දර 1 ට පමණ මධ්‍යම රාත්‍රිය පසුවන විට 50කට ආසන්න පිරිසක් එම ගොඩනැගිල්ලේ මහල් දෙකටම ඇතුළු වී තිබෙනවා.
මෙම ගොඩනැගිල්ලේ දෙවන මහල දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ දේවමෙහෙයන් පැවැත්වීම සඳහා කුලී පදනම මත ලබාගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා ආයතනයට අයත් මහල් නමයකින් යුත් මෙම ගොඩනැගිල්ල එහි හිමිකරුවන් විසින් කොල්ලුපිටියේ ප්‍රධාන පෙළේ කල්බදු සමාගමකට උකස් කර ණය මුදලක් ලබාගෙන තිබනෙවා කලකට පෙර.
එසේ තිබියදී ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයෙක් මෙම ගොඩනැගිල්ල මැලේසියානු සමාගමක් මාර්ගයෙන් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් අත්පත් කරගෙන භුක්ති විඳින තත්ත්වයක් තියෙනවා.
මෙවැනි ක්‍රියාමාර්ග රාජ්‍ය අංශයේ බලපෑමේ ඕන තරම් සිද්ධ වෙලා තියෙනවා.
දැන් මේව නිහඬව සිදුවූ දේවල් ප්‍රසිද්ධියේ සිදු වෙන්න පටන් අරන් තියෙනවා.
මේ සම්බන්ව කල්බදු සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවකුත් පවරා තියෙනවා.
2014 සිට මෙම ගොඩනැගිල්ලේ තට්ටු වෙනත් සමාගම්වලට කුලියට දී ඉන්දියානුවා විසින් දේශපාලන හා පොලිසියේ උසස් නිලධාරින්ගේ සහයෙන් රැඳී සිටින බවට එල්ල වී තිබෙන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අරඹා තිබෙනවා.
විමර්ශන කවදත් සිදුවෙනවා ප්‍රතිඵල අන්තිම බින්දුවයි.
එනම් දේශපාලන අධිකාරින්ගේ දේශපාලන දුරාචාර අවශ්‍යතාවයන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන වටපිටාවක එක් උදාහරණයක් පමණයි මෙය.
මේ අන්දෝලනාත්මක තත්ත්වයකට පත් වූ මෙම ගොඩනැගිල්ලේ දේශපාලනඥයන් හා හිටපු පොලිස් ලොක්කන්ගේ මධ්‍යස්ථානයක් බවට පත් වී තිබෙනවා.
මීට පෙර චන්ද්‍රිකා බණ්ඩාරනායක කාලයේදී පැහැදිලිව බම්බලපිටියේ ටවර් ගොඩනැගිල්ල බැද්දගානේ සංජීව ලැගුම් ගත්තා.
එය ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් බැද්දෙගාන සංජීවට ලබාදුන්නේ ජනාධිපතිනියගේ ආරක්ෂකයකු වූ කරුණාරත්න මහතාගේ මෙහෙයවීම යටතේ.
මේ ගොඩනැගිල්ලත් නාගරික සංවර්ධන අධිකාරියට අයත්ව තිබූ ගොඩනැගිල්ලක්.
ඉතින් රාජ්‍ය අංශය දුරාචාර ක්‍රියාවන් ක්‍රියාවන්වල නියැලීම එදත් අදත් හෙටත් සිදුවන තත්ත්වයක් මේ තුළින් ප්‍රදර්ශනය වෙනවා.
මේ ගොඩනැගිල්ලේ ඉන්න ඇතමුන්ට කොළඹ ව්‍යාපාරිකවරුන්ගේ බිරින්දෑවරු රවටා රුපියල් කෝටි ගණන් දේපල ඉඩම් අල්ලාගත් බවට ද චෝදනා එල්ල වී තිබෙන බවට පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් මේ ගැන විමසීමේදී පැවසුවා.
පසුගිය 4 වනදා අලුයම් කාලයේ කොම්පඤ්ඤ වීදියේ පොලිසිය මේ ගොඩනැගිල්ලට ඇතුල් වෙලා අදාළ පිරිස ඉවතට ගෙන ප්‍රකාශයක් ලබාගෙන තිබුණා.
මේ ගොඩනැගිල්ලේ අයිතිය කියන කල්බදු සමාගමේ නිලධාරින්ද පොලිසියට ප්‍රකාශ ලබාදී තිබුණා.
එසේ තිබියදී චෝදනා ලැබ සිටි ඉන්දියානු ජාතිකයාට සහය බල කරමින් පොලිසියේ ඉහළම නිලධාරින් බලපෑම් කර ඇති බවට චෝදනා පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙනවා.
මේ යථා තත්ත්වය තවදුරටත් කනගාටුදායක තත්ත්වයක්.
රාජ්‍ය දුරාචාරයේ ප්‍රතිඵලයක්.
මෙය රට පුරා ව්‍යාප්ත වීමට ඉඩකඩ ආසන්නයි.
මෙහි ප්‍රධානම කරුණ නම් මෙම ගොඩනැගිල්ලට අනවසරයෙන් ඇතුළු වූ අය සම්බන්ධව 20 දෙනෙකු ඒ වන විට කොම්පඤ්ඤ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
නමුත් ඔවුන්ව මුදාහැර තිබෙනවා.
එයින් සෙසු කරුණු ඔබට සිතාගන්න පුළුවන්.
මේ පිළිබඳ තවත් විමර්ශන වාර්තා ඔබ වෙත ගෙන එන්න අප බලාපොරොත්තු වෙනවා.
ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු