ශ්‍රී ලංකාව මේ වන විට ආර්ථික ප්‍රපාතයක හිරවී ඉන්නවා.
ඊට ප්‍රධාන සාධකය වසර 75ක කාලය තුළ ශ්‍රී ලංකාව පාලනය කළ පාලකයින්ගේ සැලසුම් කිරීමේ මූලධර්ම හඳුනා නොගැනීමයි.
ලාංකික සමාජය සංවිධානාත්මකව ආර්ථික සැලසුම් සකස් කිරීමට අසමත් වීමයි.
ඒ සඳහා ඍජු යහපත් දේශපාලන නායකත්වයක් නොලැබීමයි.
ඒනිසා පාලනය කළ නොහැකි පාදඩ දේශපාලන සංස්කෘතියක් වර්ධනය වීම නිසා ලංකාවේ ආර්ථිකය අන්තිම අවපාතකයට තල්ලු වෙලා තියෙනවා.
මේ වනකොට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 2023 මැයි මස අවසන් වන විට ශක්තිමත් වුණා.
ශ්‍රී ලංකා මහ බැංකුව සිය වාර්තාව නිකුත් කරමින් 2023 මැයි 31 වන දින ප්‍රකාශයට අනුව ඩොලරය අභිබවා රුපියල රුපියල් 287 දක්වා පහළ වැටුණා.
ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල සහ ගැනුම් මිල තවදුරටත් පහළ යන තත්ත්වයක් වර්ධනය වී තිබෙනවා.
ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල මැයි මස අවසන් දිනය හා ජූනි පළමුවැනි දා වන විට රුපියල් 287.87ක් ලෙස සටහන් වී තිබුණා.
ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 300.92ක් ලෙස සටහන් වුණා.
මේ අනුව ප්‍රධාන ආර්ථික පැති මිල අඩු වුණත් මිනිසුන්ගේ ජීවන අවශ්‍යතාවල මිල ගණන් පහළ ගියේ නැහැ.
උදාහරණයක් විදියට කියනව නම් රත්තරන් මිල ශීඝ්‍රයෙන් පහල බැස්සා.
කැරට් 22 ක් වූ පවුමක් එක් ලක්ෂ හතළිස් නම දහස දක්වා පහළ ගියා.
රුපියල ශක්තිමත් වීමත් සමග’ මෙරට රත්තරන් මිල ගණන් පහළ යමින් තිබෙන බව හෙට්ටිවීදිය ස්වර්ණාභරණ හිමියන්ගෙන් විමසීමේදී හෙළි වුණා.
ඒ අනුව කැරට් 22 ක් පවුමක මිල රුපියල් එක් ලක්ෂ හතලිස් නම දහස දක්වා 2023 මැයි 31 වන විට පහළ ගොස් තිබුණා.
ඊට අමතරව ඉකුත් සිකුරාදා රුපියල් එක් ලක්ෂ හැට හත් දහසක් ලෙස පැවති කැරට් 22ක රන් පවුමක මිල ඊයේ වන විට රුපියල් එක් ලක්ෂ හැට එක් දහස දක්වා පහළ ගියා.
රත්තරන් මිල මෙසේ පහළ ගියත් ජීවන අවශ්‍යතාව සඳහා අවශ්‍ය මූලික වෙළෙඳපොළේ මිල පහළ ගියේ නැහැ.
උදාහරණයක් ලෙස ත්‍රීවීල් රියදුරන් පළමු කිලෝමීටරයකට රුපියල් 100ක මිල පැහැදිලිව මිල බස්වා නැහැ.
මෙවැනි තත්ත්වයක් උද්ගත වෙන්නේ කොහොමද?
රාජ්‍ය කළමනාකරණයේ මනා සවිබලගැන්වීමේ කළමනාකරණ මූලධර්ම අනුගමනය නොකරන නිසාද?
කළමනාකරණ මූලධර්මවල වටිනාකම් රජය තේරුම්ගෙන තිබෙනවාද?
කළමනාකරණය යනු සොඳුරු ආර්ථික පද්ධතියක ආමන්ත්‍රණයක් යැයි කිව්වොත් වඩාත් නිවැරදියි.
නමුත් එය මනාව හසුරුවන්න ලංකාවේ පරිපාලන රාජ්‍ය සේවය අසමත් වී තිබෙනවා.
අන්‍යන්ගේ කුසලතා හඳුනාගෙන මිනිස් චර්යා රටාවලට අනුව රාජ්‍ය ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමේ වපසරියක් ශ්‍රී ලංකාවට නැති තරම්.
ඇතැමෙක් මේ පිලිබඳව බොහෝ දේ කියන්න පුළුවන්.
නමුත් රාජ්‍ය ආයතනික අවශ්‍යතා පෞද්ගලික අංශයේ ආයතනික අවශ්‍යතා සමාජ ධර්මතා අනුව සමාජයට ඔරොත්තු දෙන ආකාරයට සැලසුම් සහගතව කළමනාකරණය විය යුතුයි.
නමුත් එවැනි අරමුණු වෙනුවෙන් පොදු සමාජය තුළින් ඉෂ්ඨ සිද්ධ කරවාගැනීමේ හැකියාව වර්තමාන රජය සතු නැති තරම්.
තනිව හෝ ආයතනික වශයෙන් කණ්ඩායම් හෝ සමූහයන් වශයෙන් මේ මූලධර්ම මනාව සමාජය තුළ සමාජගත කිරීමට මේ රජය අසමත් වී තිබෙනවා.
කළමනාකරණය යනු සැලසුම් කිරීම සංවිධානය කිරීම මෙහෙයවීම සහ පාලනයයි.
මේ සිවු වැදෑරුම් කරුණු අනුව රාජ්‍ය පාලනය වන්නේ නම් ඩොලර්යේ මිල පහළ යෑමටත් සමග සියලුම පාරිභෝගික ද්‍රව්‍යවල මිල අඩු විය යුතු නේද?
මූලික මූලධර්ම නොසලකා පාදඩ දේශපාලන අභිමතයන් අනුව රජයක් ක්‍රියා කිරීමේදී වෙළෙන්ඳාගේ සිතුම් පැතුම් අනුව හැසිරෙන සමාජ ව්‍යුහයක් අද දකින්නට ලැබෙනවා.
ඒ නිසා රජයට කිසිම පැවැත්මක් නැති බව ප්‍රදර්ශනය වෙමින් තිබෙනවා.
ඒ නිසා රජය බොහෝ විට මර්දනය යොදා ගනිමින් තවදුරටත් ජනමාධ්‍ය වසා දැමීමට ක්‍රියා කරමින් ඉන්නවා.
හතු පිපින්නාක් මෙන් මර්දන අණපනත් පාර්ලිමේන්තුව තුළ අනුමත කර ගැනීම සඳහා උත්සාහ දරන්නේ ඒ නිසයා.
ශ්‍රී ලංකාවට මේ වන විට ඇති වී තිබෙන මේ ඛේදජනක ඉරණම හමුවේ ශ්‍රී ලංකාවේ බුද්ධමත් ප්‍රජාව ක්‍රියා කරන්නේ නොදන්නා ප්‍රාථමික දරුවන් ලෙසය.
නිසි සැලැස්මක් රජයට පේනතෙක් මානයක නැහැ.
ඒ නිසා හෙට දවසේ සෞභාග්‍යමත් රටක් බලාපොරොත්තු වෙන්න අපහසුයි.
සපුරාගත යුතු ඉලක්කයන් නැති ගමනක කෙළවර ශෝකාන්තයක් පමණයි.
ඒ ශෝකාන්තය දේශපාලනඥයින්ට පමණක් සීමා වන්නේ නම් ගැටලුවක් නැහැ.
නමුත් සමස්ත රටේ පොදු ප්‍රජාවටම ඒ අවාසනාවන්ත තත්ත්වය දිගු වෙමින් තිබෙනවා.
නායකත්වය හා සඵළතායි සංවර්ධනයක් ආණ්ඩුව තුළ නැති කම මීට ප්‍රධාන හේතුවක්.
ඖෂධ මිලදී ගැනීමට ගියත් වෙළෙන්දාගේ අධිකාරි බලය අනුව ක්‍රියාත්මක වෙන්නේ.
දෛනික පරිභෝජන ද්‍රව්‍ය මිලදී ගන්න ගියත් තත්ත්වය එසේමයි.
වාහන ගමනා ගමනය සඳහා මහජනතාව අපමණ දුක් කරදර විඳිනවා.
වාහන හිමියන් සිය වාහනයට අදාළ ආම්පන්න මිලදී ගැනීමේදී අති බහුතරයක් මුදල් වියදම් කිරීමට සිදුවී තිබෙනවා.
ඩොලරයේ මිල රුපියලේ නැගී සිටීම තුළ යහපත් සංවිධානාත්මක සඵලතාවයක් වර්ධනය කිරිමට රජය අපොහොසත් වීමට මේ තත්ත්වයට ප්‍රධාන බලපෑමක් සිදුකර තිබෙනවා.
එය පිළිබඳව යහපත් සන්නිවේදනයක් ද නැති තරම්.
ඒ නිසා සියලුම රටවැසියන් අයාලේ යන තත්ත්වයක් දකින්නට ලැබෙනවා.
අයාලේ යන ගමනකින් ලැබෙන්නේ කිනම් ප්‍රතිලාබයක්ද?
මේ ප්‍රතිලාභය අත්පත් කරගැනීම සඳහා ක්‍රියා කරන්නේ ජනාධිපතිවරයා සහ ඔහුට අනුගාමිකත්වය දක්වන ඔහුගේ නඩය පමණයි.
කළමනාකරණයේ ශක්තිමත් ස්ථම්භ සතර වන්නේ සැලසුම් කිරිම, සංවිධානය කිරීම, මෙහෙයවීම සහ පාලනයයි.
ඒ ගමන රට තුළ ස්ථිර කිරීමට නම් වඩාත් පලදායි විනයානුකුළ කළමනාකරණයක් රට තුළ පාලකයන් තුළ අත්මගත විය යුතුයි.
නිවැරදි නිසි පරිදි රටේ අභියෝගාත්මක ඉලක්කයක් සපුරාගැනීම සඳහා මෙහෙයවන මැදිහත්වන මනා කළමනාකාරිත්වයක් නැති කම මීට ප්‍රධාන සාධකයක්.
විධායකය මේ වන විට වැඩ බෙදාදීමේ උපදේශකත්වය ලබාදෙන්නේ සිය එක්සත් ජාතික පාක්ෂික තමන්ට ගැති හිතවතුන්ට හා හිතවතියන්ට පමණයි.
ළගදී අලුත්ම පත්වීම ලබාදුන්නේ රෝසි සේනානායක මහත්මියටයි.
ඇය කොළඹ හිටපු නගරාධිපතිනියයි.
නමුත් ඇය පිළිබඳව විශාල සමාජ විවේචන ගණනාවක් උද්ගත වී තිබුණා.
කොහොම වෙතත් ඇයව පළාත් පාලන ජනාධිපති උපදේශක වශයෙන් පත් කිරීමට ජනාධිපතිවරයා උත්සාහ දරා තිබෙනවා.
තම නිල නිවසේ කෙටි කෑම ආදිය වෙනුවෙන් රුපියල් ලක්ෂ තුනකට අධික මහජන මුදල් අවභාවිතා කළ බවට හිටපු නගරාධිපති රෝසි සේනානායක මහත්මියට චෝදනා එල්ල වුණේ 2023 ජනවාරි වන විට.
ඒ චෝදනාව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කර සිටියේ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතායි.
මහින්ද කහඳගම යනු මහින්ද රාජපක්ෂ නඩයෙ තවත් දේශපාලන ගැත්තෙක් බව වෙනම ප්‍රශ්නයක්.
මේ රටේ බහුතරයක් ජනතාව සිය තුන් වේල භුක්ති විඳීමට අසමත් වී සිටින සමාජ වපසරියක් තුළ රෝසි සේනානායක මහත්මිය සිය නිල නිවසේ කෙටි කෑම රෝල්ස් පැටිස් කට්ලට් සඳහා පමණක් රුපියල් ලක්ෂ තුනකට අධික මහජන මුදල් වැය කිරීම තුළින් ප්‍රදර්ශනය වන්නේ කුමක්ද?
ජනතාවගේ බදු මුදලින් යැපෙන කොළඹ මහ නගර සභාව කෙටි කෑම ඇතුළු සෙසු වෙනත් ආහාර පාන ආදිය සඳහා ජනතාවගේ බදු මුදලින් රුපියල් තිස් එක් ලක්ෂ අසූ හය දහස් හතලිස් පහක මුදලක් වැය කර තිබුණු බවට වැඩිදුරටත් හෙළි වී තිබුණා.
එම මුදලින් චීස් සඳහා පමණක් රුපියල් හැට අට දහස් එකසිය අසූපහක් වැයකර තිබුණා.
රෝසි සේනානායක මහත්මිය චීස් කෑම සඳහා එතරම් මුදලක් වැය කළේ රටේ අභාග්‍යසම්පන්න ජනතාව මුහුණ දී තිබෙන ආර්ථික පසුබෑමක් තුළය.
සිය නිල නිවාසය වායුසමීකරණය සඳහා වායු සමීකරණ යන්ත්‍ර 14ක් සවි කර තිබූ බවටත් ඒ කාලයේ අනාවරණය වුණා.
2021 වසරේ ඔක්තෝබර් මස පළ වූ වාර්තාවකට අනුව එවැනි තොරතුරු ගණනාවක් හෙළි වුණා.
ඒවායේ සත්‍ය අසත්‍යතාවය කුමක්ද යන්න ප්‍රසිද්ධ රහසක්.
ලක්ෂ පනස්හතක් වියදම් කර ඉදිකරන්නට ගිය වැසිකිළියක් ගැන ද 2023 පළමු සතිය වන විට වාර්තා වුණා.
ඒ ජනවාරි මාසය යැයි කීම වඩාත් නිවැරදියි.
නගරාධිපතිගේ නිල නිවස කියන්නේ ඓතිහාසික වටිනාකමක් තියෙන පෞරාණික ගොඩනැගිල්ලක්.
ඒකෙ ජීවත් වෙන්නෙ නැහැ කියල රෝසි පුන පුනා මාධ්‍යයට කිව්වා.
ඇයට ලස්සන ගෙයක් තියෙනවා කියල ඇය කිව්වා.
ඇය ජීවත් වෙන්නෙ ඇගේ ගෙදර කියලත් කිව්වා.
මේ ගොඩනැගිල්ල විතරක් නෙවෙයි කොළඹ නගරයේ ඓතිහාසික වටිනාකමක් තියෙන සියලු ගොඩනැගිලි නැවත පිළිසකර කිරීමට ඇය යෝජනා කළ බවත් ඇය ජනමාධ්‍යවලට ප්‍රකාශ කර තිබුණා.
වාස්තු විද්‍යාඥයන්ව ගෙන්වලා ඇය සැගවිලා තිබෙන පෞරාණික ගොඩනැගිලි කඩලා විවිධ ව්‍යාපෘති කරන්නට සූදානම් වෙනවයි කියලත් චෝදනාවක් මතු වුණා.
කොහොම වෙතත් නගරාධිපති නිල නිවස අඩුපාඩු ගොඩක් තිබුණ බව ඇය පිළිතුරු වශයෙන් කිව්වා.
කොළඹ නගරාධිපති නිල නිවසේ උඩත්ට්ටුවේ ලෑලි පොළවල් තරප්පු පෙළ අබලන් වෙලා තිබුණ බව ඇය කියා සිටියා.
පොළව අන්තිමට ජරා ජීර්ණ වෙලා නිසා අලුත්වැඩියාවන් සියල්ලක් මුදල් කමිටුවට දාල තමයි ඇය වැඩ පටන් ගත්තේ කියල කිව්වා.
සියලුම වංචාවල් හොරකම් ලංකාවේ රාජ්‍ය පරිපාලනය තුළ සිදු වන්නේ අදාළ රීතින්වලට අනුවයි.
ඒ නිසා සැග’වුණු වංචාසහගත සිතිවිලිවල යටි අරුත් පෙන්නේ නැහැ.
කොන්ත්‍රාත් පදනමට නොදී නගර සභාවේ කර්මාන්ත අංශයට දෙන්න ඇය තීරණය කළ බවත් පවසා සිටියා.
සියලු අලුත්වැඩියාවන් සඳහා මිලියන පහයි දශම දෙකක් වියදම් වෙලා තියෙනවා.
මිලියන 5.2 ක් කියන්නේ ලක්ෂ පනස් හතරක්.
වැසිකිළි හයක් හතක්ම ඔය විදියට පිළිසකර වුණා.
ඒ සඳහා මිලියන 1.3ක් වැය වෙලා තියෙනවා.
ඒ කියන්නේ ලක්ෂ 13ක් මිලියන 1.7කට වැඩිය වියදම් කරල තියෙන්නේ පොළොව අලුත්වැඩියා කරන්න.
ඒ කියන්නේ ලක්ෂ 17ක්.
නමුත් රටේ ආර්ථික අර්බුදයක් තිබෙන නිසා ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් රකින්න බැහැ කියල කිව්ව ජනාධිපති පළාත් පාලන මැතිවරණය කල් ඉකුත් කළා.
නගරාධිපතිනිය මේ තරම් මුදල් වැය කළේ රාජ්‍ය පරිපාලනය තුළ විධිමත් පරිපාලනයක් නැති කම නිසා නොවේද?
නගරාධිපතිනිය සුපිරි කෑම මේසයකින් නත්තල සැමරූ බවත් ඒ දිනවල වාර්තා වුණා.
ඒ ලක්ෂ ගණනක සංග්‍රහයක් බව පැහැදිලියි.
එහෙම සල්ලියක් මෙහෙම වෙලාවක නාස්ති කිරීම බොහොම නරක ක්‍රියාවක් නොවේද?
එය කළමනාකාරිත්වයේ වගකීම අනුදැනුම තේරුම්ගැනීම නැතිකම නොවේද?
මෙය බරපතල මහජන මුදල් අවභාවිතා කිරීමක් නොවේද?
කොළඹ මහ නගර සභාවේ නගරාධිපති නිල නිවසේ පවිත්‍රා කටයුතුවලට ගත වූ වසර පහ තුළ රෝසි සේනානායක රුපියල් කෝටි එකහමාරකට අධික මුදලක් වැය කර තිබෙන බව මේ වන විට හෙළි වී තිබෙනවා.
2018 වසරේදී රුපියල් නව ලක්ෂ හතලිස් හත් දහස හත්සිය විසි හතරක් නිල නිවස අතුගාන්න පමණක් වැය කරල තියෙනවා.
2019 වසරේදී රුපියල් හතලිස් එක් ලක්ෂ අනූනම දහස් හාරසිය අනූනමයක් වැය කරල තියෙනවා.
2020 වසරේ රුපියල් තිස් අට ලක්ෂ දාහතර දහස් හැත්ත දෙකක් රෝසි සේනානායක සිය නිල නිවසේ අතුපතුගාන් වැය කරල තියෙනවා.
2021 වසරේදී රුපියල් හතලිස් හය ලක්ෂ අටදහස් හත්සිය අටක් වැය කරල තිබෙනවා.
2022 වසරේදී රුපියල් පාලොස් ලක්ෂ තිස් අට දහස අටසිය අනූවක් වැය කරල තිබෙනවා.
විවිධ අක්‍රමිකතා විවිධ මුහුණුවරින් රෝස සේනානායක භුක්ති විඳින බව ඇය නගරාධිපති වශයෙන් ඉන්නා කාලයේදී විවිධ මාධ්‍ය මගින් තොරතුරු හෙළි කළා.
එවැනි පසුබිමක රෝස සේනානායක පළාත් පාලන ආයතනවල සම්බන්ධීකරණය සඳහා ජනාධිපතිවරයාට උපදෙස් ලබාදීම සඳහා උපදේශකයා වශයෙන් පත් කරගැනීමෙන් ජනාධිපතිවරයාගේ රාජ්‍ය පරිපාලනය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ජනතාවට අවබෝධ වන සුලු නොවේද?
රෝසි සේනානායක මහත්මිය කොළඹ නගරාධිපති ධුරයට පත්වීමෙන් පසුව අදාළ නිල නිවසේ පිරිවැය සම්බන්ධයෙන් කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේම හිටපු මන්ත්‍රීවරුන් සිව්දෙනකු විසින් මේ වන විට අල්ලස් කොමිෂන් සභාවට පැමිණිලි කරල තියෙනවා.
1994 අංක 1(19) දරණ සංශෝධිත පනතේ 70 වන වගන්තියේ සඳහන් දුෂණය නමැති වරද සිදු කර තිබේදැයි සොයා බැලීමට විමර්ශනයක් පවත්වන ලෙසද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු සිය පැමිණිල්ලෙන් කියා තිබෙනවා.
නමුත් අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව මේ වන තෙක් අදාළ විමර්ශන ආරම්භ කරලා නැති වීම කණගාටුවට කරුණක්.
යම් කාලපරිච්ඡේදයක් පසු වූ පසු අතපතා ගාන පරීක්ෂණයක් සිදුවීම හා දැනට ජනාධිපතිවරයා බලයේ සිටින තත්ත්වයක් හමුවේ මේ පිළිබඳව වැඩි දුර විමර්ශනය කිරීම අත්හිටුවා තිබේද යන්න සැකයට තුඩු දෙන කරුණක්.
කොළඹ නගරාධිපති නිල නිවස පවිත්‍ර කිරීමට සේවකයන් සපයන පෞද්ගලික ආයතනයකින් මුල් අවස්ථාවේදී සේවකයින් අට දෙනකු රෝසි යොදාගෙන තිබෙනවා.
2021 පෙබරවාරි 16 සිට සේවකයන් නමයක් යොදාගෙන තිබෙනවා.
මේ රුපියල් එක්කෝටි පනස් එක් ලක්ෂ හත්දහස් අටසිය අනූහතරක මුදලක් නගරාධිපති නිල නිවසේ පවිත්‍රා කටයුතු සඳහා පමණක් නගරාධිපතිනිය මුදල් අවභාවිතා කරල තියෙනවා.
නිල නිවසේ ගෙමිදුල පමණක් පිරිසිදු කිරීමට සේවකයින් තිදෙනෙක් යොදාගෙන තිබෙනවා.
ඔවුන් පෙ.ව. 8 සිට ප.ව. 1 දක්වා රාජකාරි සිදු කරල තියෙනවා.
ඒ බව හෙළිවන්නේ ඉඩම් කළමනාකරණ සහ පරිසර සංවිධාන ඒකකය මගින්.
එය නගර සභාවේ සේවා අංශයක්.
ඊට අමතරව නිල නිවස ඉදිරිපිට ගෙමිදුල පිරිසිදු කිරීමේ කටයුතු සඳහා විහාරමහා දේවි උද්‍යානයේ සේවකයන් තුන් දෙනෙකුත් සේවයට යොදාගෙන තිබෙනවා.
ඔවුන්ට රුපියල් අනූ ලක්ෂ නමදහසක් ගෙවා තිබෙනවා.
එමෙන්ම රෝසි සේනානායක මහත්මිය කොළඹ මහ නගර සභාවේ නිල නිවස 2018 සිට 2023 දක්වා භාවිතා කර තිබෙන මුළු කාලය සඳහා විදුලිබිල්පත් ගාස්තුව මුළු එකතුව රුපියල් මිලියන නමයක් ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ කියන්නේ ලක්ෂ අනූවකුත් හතලිස් තුන්දහස පන්සිය පනස් පහක්.
ඇය වරක් පැවසුවේ ඇයට ලස්සන නිවසක් තිබෙනවා පෞද්ගලික ඇය එහි පදිංචි වෙලා නැහැ කියලා.
මේ විදුලිය පාවිච්චි කිරීමෙන් මේ බව මනාව ප්‍රදර්ශනය වෙනවා.
කොළඹ නගර සභාවේ හිටපු නගරාධිපතිනිය රෝසි සේනානායක සිය නිල නිවසේ විදුලි පරිභෝජනය සහ පවිත්‍රාවලට සේවකයින් යෙදෙවීමේදී නගර සභාවේ ක්‍රියාපටිපාටියට පටහැනිව කටයුතු සිදු කර ඇති බව ඒ අනුව තහවුරු වෙනවා.
මේ සම්බන්ධව වඩාත්ම කනගාටුදායක තත්ත්වය රටේ ප්‍රධාන පුරවැසිය ජනාධිපතිවයා සිය විධායක බලය යොදාගෙන මෙසේ මුදල් අවභාවිතා කරපු තැනැත්තියක් ඔහුගේ උපදේශක වශයෙන් පත් කරගැනීමෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය දුරාචාරය ගමන් කරන මාර්ගය කෙබඳුද යන්න පැහැදිලියි.
මේ කොළඹ හිටපු නගරාධිපතිනිය නාසතිකරු තිබුණේ කොළඹ නගරයේ වෙසෙන බදු ගෙවන ජනතාවගේ මුදල් නොවේද?
ලක්ෂ තුනහමාරක මුදලකට අම්මෙක් දරු දෙදෙනාට වස පෙවූ රටක් මේක.
එහෙව් ණයක් ගෙවා දමන්නට මේ කෑම මේසය ඉවත දාන කොටසට වූවත් පුළුවන් නේද?
ඒ නිසා මෙහෙම සල්ලි නාස්තිනොකර ඉන්නවා නම් වඩාත් හොඳ වන්නේ ඒ සඳහා මනා සංවිධානාත්මක කළමනකාරණයක් රජය සතු වූ විට පමණයි.
වගකීම් සහිත අය වගකීම් විරහිතව වැඩ කිරීමේ ලක්ෂණ සඳහා රෝසි සේනානායක ගත්තේ එක් උදාහරණයකට පමණයි.
මේ රටේ ප්‍රධානතම පළාත් පාලන ආයතනයේ ප්‍රධානියා වූ රෝසි සේනානායකගේ කෑම මේසය හා නගරාධිපති නිල නිවස නඩත්තුව සඳහා අප්‍රමාණ මුදල් වැය කිරීම තුළ සංඥා කරන්නෙ කුමක්ද?
ලංකාවේ තවදුරටත් හොඳ සමාජ කළමනාකරණයක අවශ්‍යතාවය තේරුම්ගෙන නැතිබව නොවේද?
මුදල් කළමනාකරණය කරගත යුතු බවත් ඒ සඳහා උපායශීලී සැලසුම් අවශ්‍ය බවත් මෙ වන විට ආර්ථික විද්‍යාඥයින් කොතෙකුත් ප්‍රකාශ කරල තියෙනවා.
නමුත් රජයට හා ජනාධිපතිවරයාට උපායමාර්ගික රාජ්‍ය සැලසුම් තිබෙනවාද?
උපායශීලී සැලසුම් තිබෙනවා නම් රෝසි සේනානායක තමන්ගේ පළාත් පාලන කටයුතු පිළිබඳ උපදේශක තනතුරට පත්කර ගනීද?
එවැනි සැලසුම් පිළිබඳ මෙහෙයුම් මානසිකත්වයක් නැතිකම තුළින් අද දුක් විඳින්නේ කවුද?
ශ්‍රී ලාංකික පොදු මහජනතාව නොවේද?
නිශ්චිත ක්‍රියාමාර්ග තීන්දු කිරීමේ, සැලසුම් කිරීමේ අවශ්‍යතාවය ඇති විද්වත් දැනුමක් ඇති රාජ්‍ය නායකත්වයක් ශ්‍රී ලංකාවට අවශ්‍යව ඇති මොහොතක අප මේ ගත කරමින් ඉන්නවා නොවේද?
තවදුරටත් රාජ්‍ය සතු නැති කළමනකාරිත්වය පිළිබඳව පසු විපරම් කිරීම හා විවරණය කිරීම ඉදිරියට බලාපොරොත්තු වන්න.
ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු