පසුගිය වැඩසටහන තුළින් අපි ලේඛනගත කළේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සතු හා ඒ සංයුතිය සඳහා ස්ථිර හා බාහිර වශයෙන් සාමාජිකත්වයේ තිබෙන අති බහුතරය.
එවැනි අති බහුතරයක් තුළින් සකස් වෙන ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්තිවලින් ජාතික අරමුණු ඉටුවෙලා තිබෙනවාද?
ඒ ජාතික අරමුණු ඉටුවෙලා තියෙනවා නම් පසුගියදා පුත්තලමේ ශිෂ්‍යයින් පිරිසක් ගුරුවරයකුට පහර දීමේ සමාජ පිරිහීම තුළින් පෙන්වන්නේ කුමක්ද?
ප්‍රචණ්ඩත්වය විවිධ මුහුණුවරින් මතු වෙමින් තියෙනවා විවිධ සමාජ සංස්ථාවල.
නමුත් පාසල් ශිෂ්‍ය සමාජය තුළ ඒ ගැටලුව ප්‍රචණ්ඩත්ව මුහුණුවරකින් මතු වීම ඉතාම අති භයානක තත්ත්වයක් නොවේද?
මේ වන විට ලංකාවේ ශිෂ්‍ය ප්‍රජාව යම් මානසික ව්‍යාකූලතාවයකින් පසුවෙනවා කියන එක පැහැදිලියි.
එය සමහර විට පවුලේ ප්‍රශ්න අගහිගකම් තුළින් වෙන්න පුළුවන්.
පොදු සමාජ පරිහානිය ආරම්භ වී ඇත්තේ අධ්‍යාපනයේ මූලධර්මවල ඇති ගැටලු නිසා නොවේද යන ප්‍රශ්නයක් මතු වෙනවා.
ජාතික අරමුණු ඉටු කරගැනීමට ලංකාවේ අධ්‍යාපනය සමත් වෙලා තියෙනවද?
විවිධ ඇබ්බැහිකම්වලට දරුවන් ගොදුරුවීමේ ප්‍රතිඵලයකුමක්ද?
මේ වන විට දිවයින පුරා තිබෙන රජයේ රෝහල්වල ස්නායු රෝග සඳහා ප්‍රතිකාර ලබාගැනීමට එන දරුවන්ගේ ප්‍රමාණය වැඩි වෙමින් තිබෙනවා.
විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම මත්පැන් බීම ගංජා වැනි දේවල් ඉරීමෙන් ඒ සඳහා ශිෂ්‍ය ප්‍රජාව යොමුවීම තුළින් ඔවුන්ගේ මොළවල යම් වෙනස්කම් සිදුවෙමින් තිබෙනවා.
හෙරොයින් ගංජාවලට ඇබ්බැහිවීම නිසා තවදුරටත් රසායනික වෙනස්කම් සිදුවී තිබෙනවා.
ඒ නිසා ලංකාවේ ජාතික ඒකාබද්ධතාවය ජාතික ඒකාග්‍රතාව හා ජාතික සමගිය මුදුන්පත් කිරීමට ලංකාවේ අධ්‍යාපනය තුළින් තවදුරටත් පුළුවන්ද?
සමාජ සාධාරණත්වයේ පැතිරෙන රටාව තහවුරු නොවීම ඇතැම් ප්‍රදේශවලින් ශිෂ්‍ය ප්‍රචණ්ඩත්වය මතුවීම තුළින් ප්‍රදර්ශනය නොව්නනේද?
තිරසාර ජීවන රටාවකට පරිනාමය වන සමාජ සංස්කෘතියක් අද අපට තිබෙනවද?
මානව වර්ගයාගේ ඉතියාසයේ ප්‍රථම වතාවට වාතය හා ජලය පවා එසේම පිළිගත නොහැකි විටක වසර 2048 හා ඉන් ඔබ්බට අවශ්‍ය වන තිරසාර ජීවන ශෛලියක් මේ වන විට රට තුළ ගොනුවෙමින් තිබෙනවද?
රැකියා අවස්ථා උත්පාදනය ලංකාවේ දැනට තිබෙන අධ්‍යාපන ක්‍රමය තුළින් සිදුවෙනවද?
අභිමානවත් ජාතියක අභිමානවත් අපේක්ෂා සපුරාලන ස්වාර්ථ සාධන මත ජීවත්වන සමාජ සංස්ථා අප තුළ දැන් ඉවත් වෙමින් තිබෙන සමාජ වටපිටාවක් දකින්නට ලැබෙනවා නේද?
පෞද්ගලික ආත්මාර්තකාමී සිතුවිලි ආත්මගත වූ සමාජයක්.
සම්පත් සමස්ත භූගෝලීය පරිසරය ආත්මාර්ථකාමී පෞද්ගලික අභිලාෂයන් සඳහා යෙදවෙන මෙහෙයවන අධ්‍යාපන රටාවක ප්‍රතිඵල සමාජය වෙලාගෙන තිබෙනවා නොවේද?
මේ සියල්ලක් දිහා බලන විට ලංකාවේ මානව සම්පත් සංවර්ධනයේදී සැමට සහභාගිවීමට හැකි විවිධ හැකියාවන්ගෙන් සමන්විත සමාජ සංස්ථාවක් ස්ථාපිත නොවන පරිසරයක් දිගු වෙමින් තිබෙනවා නොවෙද?
එකිනෙකා වෙනුවෙන් දැඩි සහ නොවෙනස් සැලකිල්ල අප සමාජය තුළ තිබෙනවාද?
අඛණ්ඩ හැග’ීමක් ඇති කර ආරක්ෂා කිරීම ජාතික වගකීමක් නේද? ඒ සඳහා ඊට අවශ්‍ය සාධක ගොඩනැගීමේ කටයුතු සක්‍රීයව සිදු කරගැනීමට නම් අධ්‍යාපනය මනා පිටුවහලක් විය යුතුයි.
ඒ පිටුවහල මනාව රට තුළ ගොනුනොවීමේ ප්‍රතිඵල අද සමස්ත ජාතියටම භුක්ති විඳීමට සිදුවෙලා තිබෙනවා.
අප මේ ජීවත්වන සමාජ සංස්කෘතිය තුළ වේගයෙන් වෙනස්වන ලෝකයක් අපට දකින්න පුළුවන්.
ඒ තුළ කාලීනව සමාජ පෝෂණය සඳහා අනුවර්ථනය වීමේ හැකියාවක් අප සමාජයට අද උරුම වෙලා නැහැ.
ඒනිසා මූලික ආර්ථික සාධක ගැටලු ගණනාවකින් සමාජය අංගසම්පූර්ණ වෙලා තියෙනවා.
මූලික සමාජ අවශ්‍යතා වැඩිදියුණු කරගැනීමට සකස් කරගැනීමට අධ්‍යාපනයෙන් ඊට අත්වැල නොලැබීම ප්‍රධාන සාධකයක් නොවේද?
වෙනස් වන අවස්ථාවන්ට අනුවර්තනය වීමට අවශ්‍ය ඉගෙනීම නොලැබීම මීට ප්‍රධානයි.
තමාගේ සහ අන් අයගේ අභිවෘද්ධිය සඳහා වෙනස්වීම මෙහෙයවීමට නිපුණතා සංවර්ධනය කරගැනීමට අවශ්‍ය සාධක උත්තේජනය කරන අධ්‍යාපනයක් නැතිකම මීට තවත් ප්‍රධාන සාධකයක් නොවේද?
ආරක්ෂාව සහ ස්ථාවරත්වය පිළිබඳ හැග’ීමක් ඇති කරගනිමින් සංකීර්ණ සමාජ අවශ්‍යතාවලට මුහුණ දීමේ හැකියාව අප සමාජය සතුද?
අනපේක්ෂිත සමාජ අවස්ථාවන්ට සාර්ථකව මුහුණදීමේ හැකියාවන්ගෙන් යුත් පුරවැසියන් බිහි කිරීමට හැකියාව නැති අධ්‍යාපන රටාවක් රට තුළ ගොනුවීමේ ප්‍රතිඵලය මේ සමාජය අද භුක්ති විඳිමින් ඉන්නවා නොවේද?
ජාත්‍යන්තර ප්‍රජාව තුළ ගෞරවනීය ස්ථානයක් අත්පත් කරගැනීමට තිබෙන හැකියාව මේ වන විට අප සමාජය තුළින් ඉවත් වෙමින් තිබෙනවා.
ඊට සාධක වශයෙන් නිපුනතා වර්ධනය කරගත් අධ්‍යාපනයක් අපට නැතිකම නිසයි.
අන් අයගේ අවශ්‍යතාවලට සංවේදීවීමට ගුණයක් අද සමාජය තුළ නැති වී තිබෙනවා.
පරිසරය පිළිබඳ සැලකිලිමත් වීමට වඩා පෞද්ගලිකත්වය ලාභාපේක්ෂාවෙන් ක්‍රියා කරන සමාජයක් වර්ධනය වෙලා තිබෙනවා.
ආත්මශක්තිය තුළින් හෙට දවසක් දැකීමේ සමාජ සංස්ථාව අප තුළින් ඈත් වෙමින් තිබෙනවා.
ආරම්භක හැකියාව ඒ සඳහා ගත යුතු පියවර මැදිහත්වීම කැපවීම පිළිබඳව අධ්‍යාපනය තුළින් ආත්මගත නොකරන පරිසරය මීට තවත් සාධකයක්.
ව්‍යවසායකත්ව හැකියාව හා අනුවර්ථනය වීමේ හැකියාව අධ්‍යාපනය තුළින් සමාජය තුළට ශිෂ්‍ය ප්‍රජාව තුළට ගොනු නොවීම මීට තවත් සාධකයක්.
සාමාන්‍ය අධ්‍යාපනය සෑම අවධියකදීම එවැනි ගුණාංග ප්‍රවර්ධනය කළ යුතු වෙනවා.
ලංකාවේ අධ්‍යාපන විෂය මාලාවේ දැනුම හා කුසලතා අන්තර්ගතයන් තීරණය කිරීමේදී ඒ පිළිබඳව විද්වත් මත සහ න්‍යායන්වලට පමණක් සීමා වීම තුළින් ඇති වුණු ප්‍රතිඵල වෙන්නත් පුළුවන්.
ප්‍රායෝගික තත්ත්වය ප්‍රායෝගික භාවිතාවන් ඒ සඳහා අධ්‍යයනය කළ යුතු මාර්ග නොලැබීම තවත් පැත්තක් වෙන්න පුළුවන්.
උචිත පරිදි සකස් විය යුතු ගුරු භූමිකාව ද ඒ සඳහා අවශ්‍ය දැනුම රාජ්‍ය අංශයෙන් මනාව ගුරුවරයාට නොලැබීම ද තවත් සාධකයක් වෙන්න පුළුවන්.
දැනුම සඳහාම පමණක් නොව කුසලතා වර්ධනය කෙරෙහි අධ්‍යාපනයේ යොමුවීමේ වදැගත්කම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් ගොනු කිරීමට 2023 මැයි මස සිට සැලසුම් සකස් කර තිබුණත් ජනාධිපතිවරයාගේ හා අධ්‍යාපන අමාත්‍යංශයේ පසුගාමිත්වය අනුව මේ වන විට ඒ ප්‍රතිසංස්කරණ කල් ඉකුත් වෙලා තිබෙනවා.
විෂයමාලාවට අන්තර්ගතයෙන් බරපැටවීම නොකළ යුතු දෙයක්.
ඕනෑම අවස්ථාවකදී සියලුම ඉගෙනුම ලබන දරුවන්ට ඔවුන්ගේ ඉගෙනුම් අවශ්‍යතා හඳුනාගැනීමට අව්සථාව ලබාදිය යුතුයි.
හැකියාවක් ඇති කිරීම සහ ඔවුන්ගේ ස්වශක්තියෙන් ඉගෙනගැනීමට අවධාරණය කරන අධ්‍යාපන සමාජ ධර්මතා සංවර්ධනය විය යුතුයි.
හැම පාඩමක්ම හැකියාව වර්ධනය කිරිම සහ අනෙකුත් ඉගෙනුම් ලබන්නන් සමග’ සහයෝගයෙන් එකමුතුව සංවේදී වීමේ අධ්‍යයනයක් ගුරු භූමිකාව තුළින් ශිෂ්‍ය ප්‍රජාවට කාන්දු විය යුතුයි.
ඒ සඳහා ශිෂ්‍ය ප්‍රජාව තුළ රුචියක් ඇති කරන විවිධ උපායමාර්ග ඉගෙනුම් ක්‍රම තුළින් මතුවිය යුතුයි.
ඒ පිළිබඳව මනා වැටහීමක් හා ඉගෙනීම විනෝදය අත්විඳීමට ප්‍රතිපාදන ගොනු කරන විෂයමාලා රටාවක් නොමැතිකම මීට හේතු සාධක කියල කියන්න පුළුවන්.
කොහොම වෙතත් විස්තුත පවුල එහෙම නැත්නම් මහා පවුල වෙනස්වීම නිසා මේ ගැටලුවලට තවත් බලපෑමක් සිදු වුණා.
මොකක්ද මේ විස්තුත පවුල කියන්නේ මහ පවුල.
ඉතිහාසයේ අපේ මහ පවුල යනු මව පියා සීයා ආච්චි පවුලේ සියලුම ඥාතීන් එකට ජීවත් වූ පවුල් සංස්ථාව තමයි මහා පවුල.
නමුත් කාර්මිකකරණය නිසා නාගරිකයට ග්‍රාමීය ජනතාව ප්‍රවේශවීම තුළින් මහා පවුල දියවී ගොස් නාගරික න්‍යෂ්ඨික පවුල බිහි වුණා.
මේ තුළ ඇති වුණු විවිධ කෘත්‍රීම සමාජ අවශ්‍යතාවයන් අනුව මහා පවුලේ තිබෙන සාර්ධර්ම දියවී න්‍යෂ්ඨික පවුලේ තිබෙන ආත්මාර්ථකාමී පරිසරය වර්ධනය වුණා.
නාගරික පවුල් සමාජ සංස්ථාව තුළ නාගරිකකරණය වීම තුළම සංහිඳියාව නැති වුණා.
එය දේශපාලන රාජ්‍ය දුරාචාරය ප්‍රධාන සාධකයක්.
ඉතිහාසය පොදු සමාජ කාර්යභාරය විශිෂ්ඨයි.
අන්තර් සබඳතාවය වර්තමානයේ නැති තරම්.
ගුරු දෙවිවරු ශිෂ්‍යයන්ගේ ප්‍රචණ්ඩත්වය තුළින් මතු කරන්නේ පොදු විනය පිරිහීමක් නොවන්නේද?
එහෙම නම් ලංකාවේ මේ සමාජ වපසරිය මතු වුණේ කොහොමද?
ඊට පෙර තත්ත්වය කෙබඳුද? ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය.
ලංකාවේ පැරණි අවධියේ අධ්‍යාපනය දිහා බලන විට අවුරුදු 2300ක් පමණ දීර්ඝ කාලයක් දක්වා යන ඉතිහාසයක් තියෙනවා.
අතිශයින්ම දීර්ග කාලය තුළ මෙරට අධ්‍යාපනය මැනවින් කැපී පෙනෙන ලක්ෂණ තිබුණා.
15 වන ශතවර්ෂය දක්වා බෞද්ධ ආරාමවල පැවති පිරිවෙන් මුල් කරගත් දේශීය අධ්‍යාපනයක්.
ඒ සමාජ පරිසරය තුළින් තමයි මහ පවුල ගොඩනැගුනේ.
16 ශත වර්ෂයේ සිට වර්තමානය දක්වා පවතින පෘතුගීසි, ලන්දේසි, බි්‍රතාන්‍ය විදේශීය ආධිපත්‍ය නිසා ඇති වුණු බටහිර අධ්‍යාපන රටාව පදනම් කරගත් අධ්‍යාපනයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය වෙන්න පටන් ගත්තා.
ලංකාවේ පැරණි අවධියෙන් අවුරුදු 1800ක පමණ කාලයක් පැවතුණ දේශීය අධ්‍යාපනය 16 ශත වර්ෂයේ සිට මෙම අධ්‍යාපන රටාව වෙනස් වූ ආකාරය සමාලෝචනය කර ගැනීම මෙහිදී ඉතා වැදගත්.
ක්‍රි. පූ. 3 වන ශතවර්ෂයේ ලංකාවට බුදු දහම පැමිණීමට පෙර ලංකාවේ දියුණු වෙමින් පැවති සංස්කෘතියේ සුවිශේෂ ලක්ෂණයක් වුණේ ස්වභාවික පරිසරයෙන් ගොඩනැගුණු අභියෝගවලට ස්වොත්සාහයෙන් පිළිතුරු සොයා ගැනිමින් උසස් ආර්ථිකයක් ගොඩනගාගැනීමට එදා ජනතාව ගත් උත්සාහයයි.
අඩු වර්ෂාපතනයක් පළමු යුගය වන අනුරාධපුරය ආරම්භ වුණ යුගයේදී දක්නට ලැබුණු දෙයක්.
සියලුම ප්‍රදේශයන්හි බිමට වැටෙන සීමිත වැසි ජලය අපතේ නොයවා එක් රැස් කොට කෘෂිකර්මය සඳහා යොදාගැනීමේ අභියෝගයට එදා සිටි රජවරුන් සාර්ථකව නායකත්වය දුන් බව අප ඉතිහාසය තුළින් ඉගෙන ගෙන තිබෙනවා.
වැව් අමුණු බැඳීම හා වාරිමාර්ග සැලසුම්කොට පවත්වාගෙන යෑම ලංකා ශිෂ්ඨාචාරයේ සුවිශේෂී අංගයක් වුණා.
ලංකාවේ ජනතාවට අවශ්‍යව පැවති දර්ශනයක් හා මගපෙන්වීමක් මිහිදු මා හිමියන්ගේ පැමිණීමත් සමග වර්ධනය වූ බව ඉතිහාසය කියනවා.
වංශකතා සාහිත්‍ය ප්‍රකාශ කරනවා.
බුදුදහමින් ලැබුණු බැවින් ලාංකිකයන්ට අවශ්‍යව පැවති අඩුවක්ව පැවති අධ්‍යාපනය බුදු දහම තුළින් සම්පාදනය වුණා කියල කිව්වොත් වඩාත් නිවැරදියි.
බෞද්ධ භික්ෂූන් වහන්සේගේ නායකත්වයෙන් එදා බෞද්ධ ආරාම ආරම්භ වුණා යැයි කීම වඩාත් නිවැරදියි.
ඒ සඳහා එදා දෙවානම්පියතිස්ස රජු නායකත්වය ලබාදීල තියෙනවා.
ඒ නායකත්වය තුළම ඒ තුළින් ගොඩනැගුණු සමාජ මතවාදය වර්තමානය දක්වා තිබෙනවා.
නමුත් ඒ රාජ්‍ය අනුග්‍රහය අයුතු විදියට භුක්ති විඳීමේ භික්ෂු ධුරාවලියක් රට තුළ ස්ථාපිත වීම නිසා රට අභාග්‍යසම්පන්න තත්ත්වයකට තල්ලු වුණා යැයි කීමද වඩාත් නිවැරදියි.
පිරිවෙන්වල බෞද්ධ අධ්‍යාපනයද අනුක්‍රමයෙන් වර්ධනය වෙලා තියෙනවා.
මුල් අවධිවලදී අනුරාධපුර මහ විහාරයේ ආරාමික පිරිවෙන්වල අධ්‍යාපනය ගොනුවී තිබෙනවා.
ලිවීම, කියවීම, සිංහල භාෂාව, ආගම ධර්මය, ඉතිහාසය වැනි විෂයයන්ට සීමා වෙලා තියෙනවා.
නමුත් ලංකාවට මහායාන ධර්මය පැමිණීමත් සමඟ අභයගිරි හා ජේතවනාරාම විහාරවල මහායාන ධර්මයෙන් ආභාෂය ලැබූ සංස්කෘතික භාෂාවද විෂයමාලාවට එක් වෙලා තිබෙනවා.
මේ තුළ අනුරාධපුර මහා විහාරය හා අභයගිරි අතර යම්කිසි තරගකාරිත්වයක්ද ගොඩනැගී තියෙනවා.
මේ ගොඩනැගීම ලංකාවේ පළමු නිකාය වර්ධනයට සාධකයක් වෙලා තිබෙනවා.
මේ පිළිබඳව මීට පෙර අපගේ ලේඛනවල කරුණු සඳහන් කරල තිබෙනවා.
කොහොම වෙතත් කාව්‍ය ශාස්ත්‍රය, වෛද්‍ය ශාස්ත්‍රය, ජෝතිෂ විද්‍යාව, ගණිතය, තර්ක ශාස්ත්‍රය, භාරතීය දර්ශනවාදය, නීති විද්‍යාව වැනි විෂයයන් විශාල සංඛ්‍යාවක් පිරිවෙන් අධ්‍යාපනයට එක්වෙලා තියෙනවා.
ඊට ප්‍රධාන සාධකයක් තමයි ඉන්දියානු ආභාෂය.
ලේඛන කලාව, දාගබ් නිර්මාණය, ගෘහ නිර්මාණ ශිල්පය, චිත්‍ර හා මූර්ති ශිල්පය, කැටයම් ශිල්පය බෞද්ධ සංස්කෘතියේ අංග බවට පත් වුණා.
ඒ තුළින් මනා අධ්‍යාපන රටාවක් ද ගොඩනැගුණා.
වැව් අමුණු, වාරිමාර්ග හා කෘෂිකර්මය මූලධර්මය කරගත් ලාංකික ජන සමාජයේ සංවර්ධනයේ මාවත ඉන් පසුව ගොඩනැගුණා.
ඒ අභිමානවත් ඉතිහාසය යම් දුරකට වෙනස් වුණේ කොහොමද?
ඉදිරි ලේඛනවලින් අපි ඒ පිළිබඳව තවදුරටත් කරුණු බලාපොරොත්තු වෙමු.
අනුරාධපුර සංස්කෘතිය දහ වන ශතවර්ෂය අවසාන භාගයේ උත්සන්න වෙමින් පැවති දකුණු ඉන්දියානු සොලී ආක්‍රමණ නිසා විනාශ වෙන්න පටන් ගත්ත කියන එකත් වඩාත් නිවැරදියි.
අනුරාධපුර යුගයේ සිටි උගතුන් හා ඔවුන්ගේ කෘතිවල නම් පමණක් අද අපට ඉතිරිව තිබෙනවා.
සෙනරත් පරණවිතාන ශූරීන් විසින් මතුකරගෙන ඇති සීගිරි කුරුටු ගී ආශ්‍රයෙන් අනුරාධපුර යුගයේ සහ ඊට පසු යුගයේ විසූ පොදු ජනතාව අත්කරගෙන තිබූ භාෂා නිපුණත්වය හා කලාකාමීත්වයේ උසස් බව ඒ තුළින් අපට අවබෝධ කරගන්න පුළුවන්.
කොහොම වෙතත් ලංකාවේ ඒ ඉතිහාසය තුළින් ගොඩනැගුණු සාරධර්ම අධ්‍යාපනය අභිබවා ලංකාවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට යෝජිත වූ අධ්‍යාපන රටාවෙන් මනා ප්‍රතිඵල අප අත්පත් කරගෙන තිබෙනවාද කියන ප්‍රශ්නය මතුවෙන්නේ අධ්‍යාපන ක්‍රියාවලිය මනාව හඳුනාගෙන ඒ සඳහා මඟ පෙන්වීම සඳහා විධිමත් ක්‍රියාමාර්ගයක් අප රට තුළ ජනිත වී තිබෙනවාද යන ප්‍රශ්නය නිසයි.
ළමයින් ජීවත්වන සමාජයට ඔවුන්ව තෘප්තිමත් කිරීමත් මනා ස්වංපෝෂිත ජීවිතයක් ඇති කිරීමත් අධ්‍යාපනයේ වගකීමක්.
වැඩිහිටියන් සමඟ එක්ව ඵලදායි ලෙස කටයුතු කිරීම සඳහා දරුවන් සූදානම් කර තැබීම අධ්‍යාපනයේ මූලධර්මයක්.
සාමාන්‍ය අධ්‍යාපනයෙන් එය කරන්න පුළුවන්.
දරුවන් පාසල් හැර යන විට සැබවින්ම වැඩිහිටියන් බවට පත්වන බව සියලුම දෙනා තේරුම්ගත යුත්තක්.
දරුවන්ගේ පවුලේ ජීවත්වන සමාජයේ හා සමස්තයක් වශයෙන් ජාතියේම සුබසාධනය සඳහා දායකත්වය ලබාදීමට හැකිවන ලෙස දැනුම හා අනෙකුත් නිපුණතා වලින් දරුවන් සන්නද්ධ කිරීමට ලංකාවේ අධ්‍යාපනය සාර්ථක නියාමනයන්වලට නොයෑම නිසා ඇති වූ ගැටලු දිගින් දිගටම මේ වන විට පොදු සමාජය අත් විඳිමින් තිබෙනවා.
1991 අංක 19 දරණ ජාතික අධ්‍යාපන කොමිෂන් සභා පනතේ 2 වැනි වගන්තියේ 1, 2 වැනි වගන්තියේ 3, සහ 8 වගන්තියේ 1 (ට, අ සහ ඇ) වගන්තිවලින් පවරා ඇති පරිදි ජාතික අධ්‍යාපන කොමින් සභාව විධිමත් සාමාන්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ගොඩනගන නිර්දේශ ඒවා නිසි කලට නිසි වේලාවට සමාජගත කිරීමයි වැදගත්.
ඒ සමාජගත කිරීම කල් ඉකුත් වීමට පෙර හෙට දවසේ මතුවෙන ගැටලු හා කාලීනව විධිමත් කිරීමට වගකිව යුතු රාජ්‍ය අංශය මැදිහත් නොවීම තුළින් හෙට දවසේ මතුවිය හැකි කරුණු කාරණා අපමණයි.
එය පැහැදිලිවම ගත වූ කාලය තුළ දී එවැනි අඩුපාඩුකම් සමන්විත සමාජ ව්‍යුහයක් ගොඩනැගීම තුළින් මේ රට අගාධයට තල්ලු වෙලා තිබෙනවා.
අධ්‍යාපන ක්‍රියාවලිය හඳුනාගැනීමට හා මඟපෙන්වීමට අවශ්‍ය ප්‍රතිපාදන රජය වහා ක්‍රියාත්මක කළ යුතුයි.
අධ්‍යාපනයේ හා ප්‍රතිපත්ති සකස් කිරිමේ විවිධ අංශවල විශේෂඥතාව හා පලපුරුද්ද සහිත පුද්ගලයන්ගෙන් සමන්විත වූ කමිටු සක්‍රීයව ක්‍රියාත්මක වීම ඉතාම වැදගත්.
සාමාන්‍ය අධ්‍යාපනයේ ජාතික ප්‍රතිපත්ති සකස් කිරිම සඳහා සැලසුම්වන පාර්ශ්වයන්වලින් සිය වගකීම් මීට වඩා මනා සක්‍රීය ක්‍රියාශිලීත්වයකින් ක්‍රියාත්මක විය යුතුයි.
එසේ නොවන්නේ නම් ඒ සඳහා ජනාධිපතිවරයා ඇතුළු සමස්ත ආණ්ඩුවම වගකිව යුතුයි.
පර්යේෂණ සිදු කරමින් විශේෂ මණ්ඩල යොදා ගනිමින් සමාලෝචනය කර ප්‍රතිසංවිධානය කළ යුතු අධ්‍යාපන ප්‍රතිපත්ති කලට වේලාවට ක්‍රියාත්මක කිරීමට අසමත්වන රජයක මූලධර්මය කුමක්ද?
මේ රට අගාධය කරා ගෙන යෑමද?
තවත් තොරතුරු ඉදිරියට බලාපොරොත්තු වන්න.
ලිව්වේ
සුමිත් කොඩිතුවක්කු